Health & Fitness

මොනවාද මේ Detox Cleanse Drinks?

වෙනවා. බඩේ සහ බඩවැල්වල එක් රැස් වෙලා තියන විෂ වාතය ඉවත්කරනවා. ඔබේ ශරීරයට නවජීවයක් දැනෙනවා වාගේම ඔබේ පෙනුමත් ලස්සන කරනවා. Detox පානයන් ඔබේ දෛනික ජීවිතයේ අංගයක් කරගන්න. වෙනස අත් විඳින්න.

ඔබ බොහෝ වෙලාවට උත්සහ කරන්නේ විවිධ ආල්පෙන, රූපලාවන්‍ය මගින් ශරීරයේ බාහිර පෙනුම ලස්සනට පෙන්වන්න. නමුත් ඔබට මඟ හැරෙන වැදගත්ම දෙයක් තමයි ශරීර අභ්‍යන්තරය cleanse කිරීම. එනම් පිරිසිදු කිරීම. ශරීර අභ්‍යන්තරයේ විවිධ විෂ ද්‍රව්‍ය එක් රැස් වෙලා තියනවා. මේවා නිසා නොයෙක් විද රෝගාබාධ ඇතිවෙනවා වාගේම ඔබේ පෙනුමත් අවලස්සන වෙනවා.අකලට මහලු බවක් පෙන්වනවා. එයට හොඳම බෙහෙත තමා Detox පානයන් කියන්නේ. Detox පානයන් මගින් ඔබේ සිරුරේ විෂ බැහැර කරනවා.මුත්‍රා පිරිසිඳු වෙනවා. ලේ පිරිසිඳු වෙනවා. බඩේ සහ බඩවැල්වල එක් රැස් වෙලා තියන විෂ වාතය ඉවත්කරනවා. ඔබේ ශරීරයට නවජීවයක් දැනෙනවා වාගේම ඔබේ පෙනුමත් ලස්සන කරනවා. Detox පානයන් ඔබේ දෛනික ජීවිතයේ අංගයක් කරගන්න. වෙනස අත් විඳින්න.

අවශ්‍ය දෑ :
ලොකු ලෙමන් ගෙඩි 1ක් 
ගර්කින්(කොළ පිපිඤ්ඤා) ගෙඩි 1ක් 
කොළ ඇපල් ගෙඩි 2ක් 
මිංචි 100g 
සැල්දිරි දඬු 2ක් 
ඉඟුරු 50g පමණ 
කුරුඳු කැබලි කීපයක් 
පිරිසිඳු වතුර ලීටර් 3ක්

01) සියලු දෑ හොඳින් සෝදන්න.
02) ලොකු වතුර ඩිකැන්ටරයක් සොයාගන්න.
03) කොළ පිපිඤ්ඤා(ගර්කින්) සහ ලෙමන් ගෙඩිය සිහින් පෙතිවලට කපාගන්න (ලෙලි පිටින්). ඩිකැන්ටරයට දමන්න.
04) අතින් පොඩිකළ මිංචි කොළ ටිකත් එයට දමන්න.
05) සැල්දිරි, ඉඟුරු සිහින් පෙතිවලට කපා දමන්න.
06) කුරුදු කුඩා කොටස්වලට කඩා එකතු කරන්න.
07) අවසානයට ඇපල් ගෙඩි දෙක කුඩා කැබලිවලට කඩා එකතු කරන්න.
08) ඩිකැන්ටරය පිරෙන්න වතුර දමා ශීතකරණයේ තබන්න. සෑම උදෑසනකම මෙය පානය පටන්ගන්න නම් කලින් දවසේ රෑ හදලා තියන්න.
09) පැයකට වරක් වතුර වීදුරුව බැගින් බොන්න. ඩිකැන්ටරයේ වතුර අඩුවන විට අලුතෙන් වතුර දමන්න,

නොකඩවා මාස 05ක්වත් මෙය භාවිතයෙන් අදහා ගන්න බැරි ප්‍රතිපල රැසක් ලැබේවි.

Hemantha Alwis

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

7 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

7 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

7 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago