SL Gossip

රටට අහිමි වූ ගුරු තරුව – මනෝරත්න

රවීණ රංගනවේදී ආචාර්ය ජයලත් මනෝරත්න මහතා අද අලුයම අභාවප්‍රාප්ත වූ බව සාතිශය සංවේගයෙන් යුතුව දැනුම් දෙමු. මිය යනවිට 71 වන වියේ පසු වූ ඒ මහතා වේදිකාව, සිනමාව සහ පුංචි තිරය යන ත්‍රිත්වයම අතික්‍රමණය කළ පතාක යෝධයකු ලෙස අවිවාදයෙන් යුතුව නම් කළ හැකිය.

ප්‍රවීණ රංගනවේදී ආචාර්ය ජයලත් මනෝරත්න මහතා අද අලුයම අභාවප්‍රාප්ත වූ බව සාතිශය සංවේගයෙන් යුතුව දැනුම් දෙමු. මිය යනවිට 71 වන වියේ පසු වූ ඒ මහතා වේදිකාව, සිනමාව සහ පුංචි තිරය යන ත්‍රිත්වයම අතික්‍රමණය කළ පතාක යෝධයකු ලෙස අවිවාදයෙන් යුතුව නම් කළ හැකිය.

1948 ජුනි 12 වන දින නුවරඑළිය, දෙහිපේ ග්‍රාමයේ සාමාන්‍ය පවුලක බඩපිස්සා ලෙස උපන් මනෝරත්නයන් සිය මූලික අධ්‍යාපනය ලැබුවේ දෙහිපේ ප්‍රාථමික විදුහලෙන් සහ පොරමඩුල්ල මධ්‍ය මහා විදුහලෙනි. පාසල් වියේදීමය සිය සංගීත් ගුරුවරයාගේ මග පෙන්වීම යටතේ කලා ලොවට අවතීර්ණ වූ ඒ මහතා මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ ගුරු ඇසුරේ පේරාදෙණිය සරසවියෙන් සිය මූලික උපාධිය ලබා ගත්තේය. ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයෙන් සිය දර්ශනපති උපාධිය මෙන්ම සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේය. 2013දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් කලා ලොවට කළ මහඟු මෙහෙවර උදෙසා ආචාර්ය උපාධියකින් පිදුම් ලැබීය.

පාසල් වේදිකාවෙන් උපන් තරුවක් වන ජයලත් මනෝරත්නයන් පාසල් සිසුවෙකු ලෙස “අස්ප ගුඩුං” නාට්‍යයෙන් කලා ලෝකයට පිවිසි අතර එහිදී දිස්ත්‍රික් මට්ටමේ ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය. පසුව විශ්වවිද්‍යාල සමයේ මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ “පේමතෝ ජායතී සෝකෝ” නාට්‍යයෙන් වේදිකාවේ කැපී පෙනෙන චරිතයක් වූ ඔහු එදා මෙදා තුර වේදිකා නාට්‍ය 80කට අධික ප්‍රමාණයක සිය රංගන ප්‍රතිභාව දැක්වීය. අන්දරේලා, පුත්‍ර සමාගම, බූරුවා මහත්තයා, දෙබිඩ්ඩෝ, සෙල්ලම් නිරිදු, තලමල පිපිලා, සොක්‍රටීස්, ගජමන් පුවත, ගුරු තරුව, මහාසාර, මායා දේවි, ලෝකය තනි යායක් ඒ අතරින් අතලොස්සකි.

ගුරු තරුව

1979 දී තිලක සහ තිලකා හි සුළු චරිතයකින් ඇරඹි මනෝරත්නයන්ගේ සිනමා ආගමනය තුල පළමු කතා බහට ලක්වන චරිතයක් ලෙස ඔහු අපට හමුවන්නේ ටයිටස් තොටවත්තයන්ගේ “හඳයා” චිත්‍රපටයෙනි. එදා මෙදා තුර චිත්‍රපට 30කට අධික ප්‍රමාණයක සිය රංගන කුසලතාවය සනිටුහන් කළ ඔහු අවසන් වරට අප අතරට පැමිණියේ 2019 “තාල” සිනමා පටයෙනි. සිසිල ගිනි ගනී, සප්ත කන්‍යා, සුදු කළුවර, සූරිය අරණ, සමනල තටු, සිරි රජ සිරි, සූම්, ප්‍රවේගය සහ ගෝල් ඉන් කීපයකි.

සූරිය අරණ

පුංචි තිරය තුල පරාක්‍රම නිරිඇල්ලයන්ගේ “ඇබැද්දිය” නිර්මාණයෙන් පටන් බෝඩිම, දූ දරුවෝ, ගල් පිළිමය සහ බොල් පිළිමය, ගම්පෙරලිය, කන්දේ ගෙදර, ඉරට හඬන මල්, මඩොල් දූව, රම්‍ය සුරම්‍ය, සකිසඳ එලියස්, සඳ අමාවකයි, සහ සෙදෝනා ඇතුළු නිර්මාණ ගණනාවකට මනෝරත්නයන් දායක වී ඇත.

රංගනයට අමතරව තිර පිටපත් රචනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන් ද මනෝරත්නයන් සම්බන්ද වුණු නිර්මාණ ලෙස තුන්පත් රටවක ලස්සන(රූපවාහිනී), මගේ කවිය මට දෙන්න(රූපවාහිනී), තලමල පිපිලා(වේදිකා), ගුරු තරුව(වේදිකා) සහ අන්දරේලා(වේදිකා) හැඳින්විය හැකිය.

Credit: http://www.jayantharanawaka.com/

හොඳම නළුවා, හොඳම සහය නළුවා, හොඳම විකට නළුවා, හොඳම තිරපිටපත් රචනය ලෙස සුමති සම්මාන, සිග්නිස් සම්මාන, රයිගම් ටෙලි සම්මාන, සරසවිය සම්මාන ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබූ ආචාර්ය ජයලත් මනෝරත්නයන් සාහිත්‍යධරයෙකු ලෙසද රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පවා පිදුම් ලැබුවෙකි.

මනෝරත්න මහතා කලක පටන් රෝගී තත්වයෙන් පසු වුවද හැකි සෑම විටෙකම ලාංකේය කලා කටයුතු වෙනුවෙන් සිය නොමසුරු දායකත්වය නිබඳවම ලබා දුන් අයකු විය. කලා කටයුතුවලදී මුණ ගැසුණු තමරා ජයන්ති මහත්මිය ඔහුගේ දයාබර භාර්යාව වුණු අතර මේ දෙපලගේ පුතු වූ භානුක මනෝරත්න මහතාද කලක් පියාගේ අඩිපාරේ යමින් කලා නිර්මාණ රැසකට දායක වූ අයෙකි. ජයලත් මනෝරත්නයන්ගේ අවසන් කටයුතු ලබන 15 වැනිදා සිදු කිරීමට නියමිතය. ඔහු ලාංකේය කලා කෙත තබා ගිය හිස්තැන පිරවීම නම් සුළු පටු කරුණක් නොවනු ඇති. ආචාර්ය ජයලත් මනෝරත්න කලාකරුවාණෙනි..ඔබට නිවන් සුව!!!

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago