අද මාර්තු 08 වෙනිදා. ජාත්‍යන්තර කාන්තා දිනය. #EachforEqual, නැතිනම් එකිනෙකා සම බව වෙනුවෙන් යන්න මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව ලෙස නම් කර තිබෙනවා.
අද මාර්තු 08 වෙනිදා. ජාත්‍යන්තර කාන්තා දිනය. මුල් කාලයේදී සෑම වසරකම පෙබරවාරි මාසයේ අවසාන ඉරිදා දිනයේ මෙම සැමරීම සිදු වුණා. ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවිකාවන්ගේ උද්ඝෝෂණ මුල් කරගෙන මාර්තු 08 වන දිනය මේ වෙනුවෙන් යොදාගනු ලැබුවේ, කාන්තා ගැටළු වෙනුවෙන් හඬ නැගූ සමාජ ක්‍රියාකාරිනියක වූ තෙරේසා මැල්කියෙල්ගේ මැදිහත් වීමෙන් බව පැවසුනත් ඒ පිලිබඳ නිශ්චිත මතයක් නැහැ.කෙසේ නමුත් ජීවය බිහි කරන්නීය නැතිනම් ජනනිය යන උතුම් තනතුර සොබා දහමින්ද ලද කාන්තාව වෙනුවෙන් විශේෂයෙන් කතා කිරීමට දිනයක් හෝ වෙන් කිරීම කාන්තාවන් ලෙස අප පැසසිය යුත්තක්. නමුත් කාන්තාව සිය පවුල තුල, සමාජය තුල, රට තුල, ලෝකය තුල, දරණ හොබවන භූමිකාව සැලකූ විට සෑම දිනයක් ම කාන්තාවගේ දිනයක් ලෙස සැලකීම පවා වරදක් නොවේ. #EachforEqual, නැතිනම් එකිනෙකා සම බව වෙනුවෙන් යන්න මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව ලෙස නම් කර තිබෙනවා.
මෙවර කාන්තා දිනය වෙනුවෙන් ලාංකික කාන්තාව ට හිමි සම තැන ගැන, සමාජය තුල ඇය මුහුණ පාන නේක විධ ගැටළු ගැන, ඒ වෙනුවෙන් නැගෙන කාන්තා හඬ ගැන කතා කිරීමට අද අප සමග එකතු වන්නේ සුවිශේෂී කාන්තාවක්. ශ්‍රී ලාංකික බැංකු ක්ෂේත්‍රයේ මුල් පුටුවකට පැමිණි පළමු කාන්තාව වන ඇය, සුවහසක් ශ්‍රී ලාංකික කාන්තාව සවිබල ගැන්වීමට මහා වෙරක් දරන්නියක්. ඒ වෙනුවෙන් ජාත්‍යන්තරයට හඬ නගන්නියක්. නායකත්වය සම්බන්දයෙන් ශ්‍රී ලාංකික කාන්තා පරපුරට පූර්වාදර්ශයක් වන ඇය සමග විශේෂයෙන් මේ කතා බහට මුල පිරුවේ අපේ ලාංකික කාන්තාව සවිබල ගැන්වීමට වැදගත් වන කරුණු කීපයක් ගෙන ඒමට…
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…