අද පටන් ගන්න "සල්ලි හොයන අලුත් ක්‍රම" ලිපි පෙළ එක්ක රැඳී ඉන්න. නොදන්නා දෙයක් තියනවා නම් ඉගෙන ගන්න. උත්සාහ කරන්න. බැරි දෙයක් නෑ. ඔබ ආර්ථිකව ශක්තිමත් කෙනෙක්, ලස්සන ජීවිතයක් ගත කරන කෙනෙක් වෙනවා වෙනවාමයි.
සල්ලි…සල්ලි…කතාවටත් කියන්නේ දෙයියන්ගේ මල්ලි කියලානේ…සල්ලි කියන්නේ ජීවිතේ නම් නොවේ. සල්ලිවලින් ජීවිතේ හැම දෙයක්ම ගන්න බැහැ. ඇත්ත…ඒ වුණත් ජීවිතේ ගැට ගහගන්න සල්ලි නැති වුනාම තමා සල්ලිවල අගේ තේරෙන්නේ. ජීවිතේ ලස්සන කරන්න, සැපවත් කරන්න උදව් වෙන එක ප්‍රධාන දෙයක් සල්ලි. අපේ පුංචි කාලයට වඩා අද සමාජේ වාණිජකරණය වෙලා. තාක්ෂනය එක්ක…අලුත් සොයාගැනීම් එක්ක ජීවිතේ පහසු වෙලා. නමුත් අපි හැමෝම වගේ ලොකු race එකක් දුවනවා. පුංචි ළමයාගේ පටන් මහලු අය වෙනකන්. මේ හැම දෙයකම අවසාන බලාපොරොත්තුව සල්ලිම තමා. සල්ලි හොයන එක වරදක් නැහැ. අවංකව, සාධාරණව, මනුස්සකම් නැති කරගන්නේ නැතිව සල්ලි බාගේ හොයාගෙන ජීවිතේ සැප පහසු කරගන්න ගේදොර ලස්සනට හදා ගන්න, තමුන්ටම කියලා වාහනයක් ගන්න, දරු මල්ලනට වැඩිහිටියන්ට යුතුකම් ඉටු කරන්න කවුද අකැමති? දැන් කාලේ වෙනස්. වාණිජකරණය වුණු සමාජයේ හැමෝම හිතන පතන විදිය වෙනස්. , අවසන් කරන විටම ළමයින් පවා හිතන්නේ ආර්ථික අතින් ශක්තිමත් වෙන්න, ස්වාධීන වෙන්න. ඒ වෙනුවෙන් එයාලා අලුත් දොරටු විවර කරගන්නවා. ගැහැණු පිරිමි භේදයක් නැතිව. අන්තර්ජාලයෙන්, Youtube channel එකක් මගින්, නැතිනම් නිරූපණ ක්ෂේත්‍රයට යොමු වීමෙන් මේ අලුත් පරම්පරාව මුදල් එක්ක ගනුදෙනුව ආරම්භ කරනවා. අපටත් වඩා මේ සහශ්‍රකයින්(Millennials) නැතිනම් Y පරපුර තාක්ෂණික දැනුමෙන් පොහොසත්. සාම්ප්‍රදායික විදියට අධ්‍යාපන රටාවේ ගිහින් උපාධි සහතිකයක් අරන් ගෙදරට වෙලා ආණ්ඩුවට, සමාජයට බැන බැන ඉන්නවට වඩා ඒ අය අලුත් මාර්ගවලින් මුදල් උපයන්න හුරු වෙලා. Instagram, TikTok වගේ සමාජ ජාල නිසාවෙන් ජනප්‍රිය වුණු, මුදල් උපයන පිරිස් ඕනෑ තරම්. ඒ අය අපට වුණත් ආදර්ශයක්. ඉතින් අපි හිතුවා අලුත් ලිපි පෙළක් මගින් ඔයාලටත් පහසුවට, ඉක්මනට මුදල් හොයන ක්‍රම ටිකක් කියලා දෙන්න. අද වියදම් අහස උසට. උපයන්න ගෙදර බිරිඳ ද- සැමියා ද, අම්මා ද-තාත්තා ද දුව ද-පුතා ද කියලා නැහැ. අපි අපිටම කියලා ආදායම් මාර්ගයක් හදා ගන්න පුළුවන් නම් එක ගෙදර අනෙක් අයටත් ලොකු අස්වැසිල්ලක් වේවි. අපේම යෙහෙලියන්, සොයුරියන් සවි බල ගැන්වීම(Women’s empowerment) Zest Girls අපේ එක ප්‍රධාන අරමුණක්. ඒ නිසා අද පටන් ගන්න “සල්ලි හොයන අලුත් ක්‍රම” ලිපි පෙළ එක්ක රැඳී ඉන්න. නොදන්නා දෙයක් තියනවා නම් ඉගෙන ගන්න. උත්සාහ කරන්න. බැරි දෙයක් නෑ. ඔබ ආර්ථිකව ශක්තිමත් කෙනෙක්, ලස්සන ජීවිතයක් ගත කරන කෙනෙක් වෙනවා වෙනවාමයි.
හැම කෙනෙකුම වගේ දවසේ සැලකිය යුතු වෙලාවක් online. අන්තර්ජාලය එක්ක කාලය ගත කරන්නේ. ගොඩක් වෙලාවට රැකියාවේ කටයුතු නිසාවෙන් වෙන්නත් පුළුවන්. ඉතින් අද අපි ඔයාලට මුලින්ම හඳුන්වලා දෙන්න හිතුවා අන්තර්ජාලයෙන් සැලකිය යුතු මුදලක් හොයාගන්න පුළුවන් පහසුම, විශ්වාසවන්තම ක්‍රමයක් ගැන. ඒ තමයි Rakuten. මම පෞද්ගලිකව අත්හදා බලපු, මුදල් උපයපු(උපයමින් සිටින) ක්‍රමයක් නිසා Rakuten ඔයාලට විශ්වාසයක් ඇතුව හඳුන්වා දෙන්න පුළුවන්.
Rakuten කියන්නේ ජපානය මුල්කරගෙන බිහි වුණු සමාගමක්. මේවන විට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අංශ ගණනාවක පැතිරුණු දැවැන්ත සමාගමක්. ඔබ, මම නිතරම වගේ ප්‍රයෝජනයට ගන්නා Viber app එක පවා අයිති වෙන්නේ මේ Rakuten සමාගමට. මේ අය අන්තර්ජාලය ඇසුරෙන් මුදල් උපයන්න හඳුන්වා දෙන ක්‍රමයක් තමයි Rakuten කියන්නේ(කලින් මේ ක්‍රමය හැඳින්වුණේ Ebates නමින්) ඉතින් තව වැඩි විස්තරයක් නැතිව කොහොමද මේ ක්‍රමයට මුදල් උපයන්නේ කියලා බලමු. ඔයාලට ලේසියට පියවර විදියට දක්වන්නම්.
01) මුලින්ම කරන්න තියෙන්නේ Rakuten වල ඔයාලටම කියලා ගිණුමක් හදා ගන්න එක. මම මගේ Referral link එක පහත දමන්නම්. ඒ හරහා ඔයාලටත් Rakuten සමග එක් වෙලා ගිණුමක් සාදා ගන්න පුළුවන්(මටත් උදව්වක් කරන ගමන්🙂). සාමාන්‍යයෙන් වෙනත් online ගිණුමක් සාදන විදියටම verification වගේ සියලුම පියවර සම්පූර්ණ කරගන්න. දැන් ඔබේ පළමු පියවර සාර්ථකයි.
https://www.rakuten.com/r/ILUVZE7?eeid=28187
02) Rakuten මගින් මුදල් සොයන ක්‍රම 2ක් තිබෙනවා. ඔයාලටත් මුදල් හොයන්න මේ ක්‍රම දෙකම භාවිත කරන්න වෙනවා. එකක් Cashback ක්‍රමය. අනෙක Referral link ක්‍රමය. පළමුවෙන් කියූ Cashback ක්‍රමය මගින්, Rakuten හරහා නැතිනම් Rakuten සමග සම්බන්ද online stores හරහා ඔබ කරන මිලදී ගැනීම් වලදී ඔබට ගෙවන මුදලෙන් යම් ප්‍රතිශතයක් නැවත ලබා දෙනවා. ලෝකයේ ප්‍රධාන පෙළේ විද්‍යුත් වාණිජ වෙබ් අඩවි බොහොමයක් පාහේ මේ Rakuten සමග සම්බන්ද වුණු ඒවා(උදා: eBay, Ali Express, Amazon, Wallmart, Godaddy, Levi’s, Gap, Expedia, Samsung, Intimina, Best Buy) Rakutenවල සල්ලි හොයන්න කරන්න තිබෙන එකම ආයෝජනය USD 25යි.ඩොලර් 25ක් වියදම් කරලා ඉහත මම සඳහන් කරපු වෙබ් අඩවියකින් හරි Rakuten සම්බන්ද වෙනත් වෙබ් අඩවියකින් ඔබ කැමති, ප්‍රයෝජනවත් ඕනෑම දෙයක් මිලට ගන්න. ඊට කලින් ඔබේ browser එකේ Rakuten Addon එක සක්‍රිය කර ගන්න. ඔබ මිලදී ගැනීම් කරන්නේ ජංගම දුරකථනය හරහා නම් Rakuten App එක භාගත කරගන්න. අනිවාර්යයෙන්ම ඔබේ Rakuten ගිණුමට පිවිසී සිටින්නට අමතක කරන්න එපා. මිලදී ගැනීම කළ සැණින් නැවතත් ඔබට USD 10ක්(Signup bonus) සමග මිලදී ගැනීම්වලට අදාළ වට්ටම් මුදල ඔබේ Rakuten ගිණුමට එකතු වේවි. වරින් වර මේ වෙබ් අඩවිවලින් ඔබ කරන මිලදී ගැනීම්වල වට්ටම් ඔබේ ගිණුමට බැර වේවි. මේ වට්ටම් ලැබෙන්නේ ඩොලර්වලින් නිසා ටික දිනක් යන විට ඔබට සැලකිය යුතු මුදලක් ඉතිරි කරගන්නට පුළුවන් වේවි. eBay හෝ Ali Express වගේ වෙබ් අඩවියක් හරහා ඔබ භාණ්ඩ ගෙන්වා අලෙවි කිරීමේ යෙදෙන කෙනෙක් නම් මේ එකතුවන වට්ටම් මුදල ලොකු මුදලක් කරගන්න පහසුවෙන් පුළුවන්. මේක ඉතිරි කරන්න හොඳ ක්‍රමයක්.
03) මිලදී ගැනීම්වලින් ලැබෙන වට්ටම් මගින් ලොකු මුදලක් එකතුකරගන්න එක පහසු නැහැ. හොඳම කොටස දැන්.සල්ලි හොයන ලේසිම, වියදමක් නැතිම හොඳම ක්‍රමය දැන් ඔබට කියලා දෙන්න යන්නේ. ඒ Referral link ක්‍රමය. ඔබේ Rakuten ගිණුම තුල Refer & Earn $25+ කියලා button එකක් දකින්න ලැබේවි. එය click කර පිවිසෙන පිටුවෙන් ඔබේ link එක ලබා ගන්න. දැන් මේ link එක ඔබේ මිතුරන්ට ලබා දෙන්න. Facebook, Instagram, Whatsapp, Viber වගේ සමාජ ජාල භාවිත කරලා ඔබට Rakuten ගැන දැනුමක් ලබාදෙන ගමන් ඔබේ link එක හරහා අලුත් සාමාජිකයින් මීට සම්බන්ද කරන්න පුළුවන් වේවි. ඒ අය තමුන්ගේ පළමු ඩොලර් 25 වියදම් කළ සැණින් ඔබේ ගිණුමට ඩොලර් 25 බැගින් එකතු වේවි. යම් විදියකින් සාමාජිකයින් 10ක් සම්බන්ද කරන්න හැකි නම් ඩොලර් 250ක්…සාමාජිකයින් 100ක් නම් ඩොලර් 2500ක් උපයා ගන්න පුළුවන්.
04) Rakuten මුදල් ලබා ගන්නේ කොහොමද? වසරකට හතර වතාවක් Rakuten ගිණුමක එකතුවන මුදල් නිකුත් කරනවා. ඒ මුදල් ඔබට Paypal ගිණුමකට හෝ නැතිනම් ඔබේ නමට ලියැවුණු චෙක් පතක් විදියට ලබා ගන්න පුළුවන්.
ඔබ නිතර අන්තර්ජාලයේ, සමාජ ජාලවල සැරිසරන, සමාජ ජාල යහළු යෙහෙලියන් රැසක් සිටින කෙනෙක් නම් Rakuten කියන්නේ පහසුවෙන්ම අමතර මුදලක් හොයාගන්න තිබෙන හොඳම ක්‍රමයක්. තව හොඳ ක්‍රම ඉදිරි ලිපි පෙළින් දැනගන්නට ලැබේවි. හොඳ හොඳ සෙල්ලම් එළිවන යාමෙට කියනවනේ.🙂🙂 ඒ නිසා නිකරුණේ ගත වන කාලය මුදල් කරන්න දැන්ම පටන් ගන්න. කාලය රන් හා සමානයි කියන්නේ ඒ නිසානේ.🙂🙂🙂
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…