Be Positive

වෙනසකට වෙනස් වෙමු ද?

ලෙන්ගතුකමත් ආදරයත් හද කොනක රඳවා ගෙන අපේ Zest Girls පවුලේ ඔබ වෙනුවෙන් මාස කීපයකට වචන කීපයක් සටහන් කරන්න හිතුවේ වෙනසක් ගැන පුංචි කරුණු කීපයක් කියන්න. ඔබ දැනුවත් කරන්න. කතාවටත් කියන්නේ "වෙනස්වන ලෝකයේ වෙනස් නොවන එකම දෙයත් වෙනස් වීම" කියලනේ.

ලෙන්ගතුකමත් ආදරයත් හද කොනක රඳවා ගෙන අපේ Zest Girls පවුලේ ඔබ වෙනුවෙන් මාස කීපයකට වචන කීපයක් සටහන් කරන්න හිතුවේ වෙනසක් ගැන පුංචි කරුණු කීපයක් කියන්න. ඔබ දැනුවත් කරන්න. කතාවටත් කියන්නේ “වෙනස්වන ලෝකයේ වෙනස් නොවන එකම දෙයත් වෙනස් වීම” කියලනේ. මේ අවුරුද්දේ පෙබරවාරි 15වැනිදා(මට නම් විශේෂ දවසක් 😉 ) පටන් ගත්තු අපේ මේ Zest Girls Sri Lanka සඟරාව අපේ අය හරි කැමැත්තෙන් ආදරෙන් වැළඳ ගත්තා. මුල පටන් අපට උවමනා වුනෙත් වෙනසක් කරන්න. දවසින් දවස අලුත් අලුත් දෑ එක්ක යාවත්කාලින වන දැනුම ඔයාලට බෙදා දෙන්න. දූපත් මානසිකත්වයෙන් මිදිලා ලෝකය දිහා පුළුල්ව බලන්න පුරුදු කරන්න. ගෑණු කුස්සිමුල්ලට කරලා තිබුණු හණ මිටි යුගෙන් එලියට ඇවිත් අපේ විරුද්ධ ලිංගිකයින් එක්ක හරි හරියට(හැබැයි එකමුතුව සමගියෙන්) ජීවන ගමන දිනන්න දෙයක් කරන්න පුරුදු කරන්න. අපි මුල සිටම වෙනසට කැමති වුණේ ඒ නිසාවෙන්. ඒ වෙනස අපේ පාඨක පිරිස මුල පටන් දුටුවා. එය අගය කළා. අපේ එකම ශක්තිය එයයි.

2011 පටන් ලෝකය එක්ක ගණුදෙනු කරපු Zest Girls ලෝකයේ රටවල් 100ට අධික ප්‍රමාණයක ජනතාවක් පැමිණි වෙබ් අඩවියක්. අපේ මේ වෙබ් අඩවියත් නොබෝ දිනකින්ම නැවත ඔබ වෙත ගෙන එන්නට මේ වන විටත් අපේ කණ්ඩායම ලහි ලහියේ සුදානම් වෙන බව දන්වන්නේ සතුටින්. ජාත්‍යන්තරය එක්ක මුලසිටම ගනුදෙනු කළ අපට ලංකාවේ අන් කිසිම සඟරාවකට ලඟා වන්නට බැරි සමහර ඉලක්ක ජයගන්නට හැකි වුණා. ජාත්‍යන්තරයේ ඉහල පිළිගැනීමක් තිබෙන සංක්‍රාන්ති ලිංගික තරුවක් වන Buck Angel, Suicide Girls නම් අති ජනප්‍රිය නිරූපණ ප්‍රජාවේ නිර්මාතෘ Selena Mooney(Missy Suicide), National Geographical Channel හි පවා වාර්තා වැඩසටහන්වලට සම්බන්ධ වූ මෙක්සිකෝවේ වැම්පයර් ගැහැණිය Maria Jose Cristerna ආදී චරිත Zest Girls සමග එක් වන්නේ ඒ නිසාවෙන්.

කාන්තා ලෝකයට එකතු වුණු සමහර සංකල්ප, නිෂ්පාදන අපේ මේ පුංචි දූපතේ මිතුරියන්ට තවමත් අලුත්. එවැනි දේවල් ගැන පවා ඔබට හඳුන්වා දෙන ලිපි පෙළක් #pinklist නමින් ආරම්භ කළේ ඒ නිසාවෙන්.(උදාහරණයක් විදියට අපි නිතර කතා කරන පරිසර හිතකාමී ආර්තවය වගේ දේවල්.)
ඉතින් අලුත් මාසෙකට තවත් අලුත් වෙනස්කම් කීපයක් සඟරාවට එකතු කරන්න සුදානම්. නම් විදියට නොකීවත් ඒ වෙනස ඔබට දැනේවි. අලුත් දෙයක් එකතු කරාවි. ඉතින් සුපුරුදු විදියටම අප සමග රැඳිලා දැනුම යාවත්කාලීන කරගන්න වගේම බෙදා හදා ගන්න කියලා ඉල්ලා සිටිනවා. අලුතෙන් ඇරඹෙන Q&A විශේෂාංගය සමග සක්‍රියව සම්බන්ධ වෙලා ඔබේ තිබෙන ගැටළු, අදහස් අපට යොමු කරන්න. එය තවත් බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වේවි. මේ මාසයේ පටන් ඔබට මුණ ගැහෙන අපේ Zest Girls පවුලේ අලුත් සාමාජිකයින් නැතිනම් සම්පත් දායකයින්ගෙන් ඔබට වෙනස්ම ආරක ලිපි පෙළක් දකින්නට ලැබේවි. මම ආරම්භ කරන අලුත්ම මින් පෙර මෙරට සඟරාවක දකින්න නොලැබුණු ලිපි පෙළ ඔබේ ජීවිතයට නව දැනුමක් වටිනාකමක් එකතු කරාවි කියලා බලාපොරොත්තු වනවා. ඉතින් වෙනසකට වෙනස් වෙමු ද?

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago