100% Feminine

විශේෂ මාසයකට විශේෂ සටහනක්…

සැප්තැම්බර් අලුත් මාසයක්..අලුත් මාසය ඔබට, මට වැදගත්දින කීපයක් සැමරෙන්නක්. මාසයේ පළමු දවසම කාන්තාවක් වෙනුවෙන් නම් කළ එකක්.

සැප්තැම්බර් අලුත් මාසයක්..අලුත් මාසය ඔබට, මට වැදගත්දින කීපයක් සැමරෙන්නක්. මාසයේ පළමු දවසම කාන්තාවක් වෙනුවෙන් නම් කළ එකක්. Emma M. Nutt නැතිනම් ලෝකයේ පළමු දුරකථන ක්‍රියාකාරිනිය වෙනුවෙන් නම් කළ සැප්තැම්බර් 01දා සිට, සැප්තැම්බර් 8 – ලෝක සාක්ෂරතා දිනය, සැප්තැම්බර් 13 – ධනාත්මක චින්තන දිනය, සැප්තැම්බර් 15 – භාර්යාවන් ඇගයීමේ දිනය(විශේෂයෙන් ම දරු සම්පත අහිමි බිරින්දෑවරුන් ඇගයීමට ස්වාමි පුරුෂයින්ට වෙන් කළ එකක්), සැප්තැම්බර් 22 – ව්‍යාපාරික කාන්තා දිනය ආදී වශයෙන්. ඉතින් ඒ සැප්තැම්බරයේ ඔබත් එක්ක පුංචි කතා බහකට මුල පුරන්නයි මේ සුදානම. කතු වැකියක් සමග මුණ ගැහෙන්න පුරා දෙමසක් පමණ ගියත් ඒ ඔයාලව අමතක කරලා නම් නොවේ. සඟරාවක් විදියට ඔයාලගේ සහ අපේ මේ එකතුව පුරා මාස අටක් පමණ තිස්සේ ගලා එන්නක්. තවමත් අපේ උත්සාහය ඔයාලට, අපට, මුළු මහත් කාන්තා ලෝකයට ලස්සන තැනක් හදන්න අපට දෙන්නට හැකි ඉහලම දායකත්වය ලබා දෙන්න. ඔයාලව පොහොසත් කරන්න. ඍජුවම මුදලින් නම් නොවේ. දැනුමෙන් හා ආකල්පවලින්. මේ මාස අට පුරාවටම අප ඉදිරිපත් කරපු ලිපි මගින් ඔයාලගේ ජීවිතවලට පුංචි හෝ අලුත් දෙයක් එකතු වන්නට ඇතැයි සිතනවා.

ලෝකය දවසින් දවස ලොකු ගමනක් යනවා. දැනුම, තාක්ෂණය දවසින් දවස යාවත්කාලීන වෙනවා. අලුත් දේවල් ජීවිතයට එකතු වෙනවා. මේ ලෝකය ජයගන්නට හැකි දැනුමෙන් ඔබ සන්නද්ධ කිරීම අපේ ඒකායන පැතුම. හැබැයි…නුවුමනා විදියට රැඩිකල් වෙලා පිරිමියා අභිබවා ගෙන, පවුල් කඩාගෙන, සංස්කෘතිය- සභ්‍යත්වයට සම්පූර්ණයෙන්ම පයින් ගහලා විනාශ කර ගෙන නම් නොවේ. ඒ සියලු දේ රැකගෙන පිරිමින් හා ලෝකය ගොඩ නඟන දැනුමෙන්, පෞරුෂයෙන් පරිපූර්ණ ගැහැණියක බිහි කිරීම අපේ අරමුණ. ජීවිතය සතුටින් විඳින්න උවමනා කරුණු ගැන අපි විටින් විට විවිධ ලිපි මගින් ඔබ දැනුවත් කළේ ඒ නිසා. අප දන්නා පුංචි හෝ දැනුමකින් ඔබ ආකර්ෂණීය චරිතයක් කරන්න හැම විටම උත්සහ කරනවා. නවීන දැනුම වේවා, ක්‍රියාශීලී නිරෝගී සෞඛ්‍යය වේවා, තෘප්තිමත් ලිංගික ජීවිතය වේවා, ආර්ථිකය ගොඩ නගා ගැනීමට වේවා, ධනාත්මක චින්තනය වේවා මේ නොයෙක් අංශවලින් පසුගිය මාස අට පුරා ඔබ අප කතා බහ කළා. අනුන්ගේ කුණු සොයන, ඒ කුණු මාර්කට් කර මුදල් කරන වෙනත් සඟරා, වෙබ් අඩවිවල පළවන අනුන්ගේ ජීවිතවල අඳුරු පැති නම් අපි කතා බහ කළේ ම නැහැ. එය ඉදිරියටත් එසේමයි. එවැනි සමහරක් වෙබ් අඩවි පවා අප අනුගමනය කිරීම ම එක අතකින් අප ලැබූ ජයග්‍රහණයක්. අනුගමනය ඉතා අගනා දෙයක්. අනුකරණය නම් සදාචාර සම්පන්න නොවේ. අනෙක් අතට විශිෂ්ටයා ට තරඟයක් ඇත්නම් ඒ තමා සමග ම පමණක් නිසා. 😂😂😂

ගමේ කාන්තාව එදා ලිඳ ළඟ සංගම් සාදාගෙන තමන්ගේ කුණු කප්පරක් තියාගෙන අනුන්ගේ ම කුණු ඇපිල්ලුවා වාගේ අද සම(හරක්) කාන්තාවන් තාක්ෂණයෙන් පමණක් ස්මාර්ට් වී ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නා වගේ ජංගම දුරකතනවල data කමින් අනුන්ගේම ඇද කුද සොයන්නේ අපේ කාන්තා සංහතියම ලජ්ජාවට පත් කරමිනි. ඔබ එලෙස නොවී රන් හා වටිනා කාලය ජීවිතයට වැදගත් දෙයක් වෙනුවෙන් වෙන් කරන්න. අලුතින් අප ආරම්භ කළ “සල්ලි හොයන අලුත් ක්‍රම” ස්මාර්ට් කාන්තාවක් විදියට ආර්ථිකය ජය ගන්න ඔබට රුකුලක් වේවි. “හීන තොටුපල” ඔබ වෙනුවෙන්මයි. ඔබේ දක්ෂකම් වෙනුවෙන් අපේ සයිබර් අවකාශයේ වෙන් කළ ඉඩෙන් ප්‍රයෝජන ගන්න. “කාම සුත්‍ර” ලිපි පෙළ ඔබේ ලස්සන තරුණ කාලය තවත් ලස්සන කරගන්නට අත්වැලක්. හරි දේ හරි විදියකට ම පමණක් ඉදිරිපත් කරන අපෙන් ඔබට අලුත් මාසයේ අලුත් දේවල් රැසක්. කිසිම තැනක නැති, කිසි කෙනෙකුට හිතන්නත් බැරි මේ අලුත් වෙනස්කම් ළඟදීම…කියන්නේ නම් නැහැ…අපිත් එක්ක දිගටම රැඳී ඉඳලා වෙනස වටහා ගන්න.

Hemantha Alwis

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

4 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

5 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago