ලැබුවා වූ 2020 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද මුළු ලෝක වාසින්ටම නිරෝගී, වාසනාවන්ත එකක් වේවා කියා Zest Girls පවුල වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා.
2020 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදා වෙන්නේ ජීවිතේ අනේක විධ කරදර දුක් කම්කටොළු හා වේදනා මැදින් කියල අපි හැම කෙනාගෙම හිතේ තියනවා. සුබ මොහොතක මේ වගේ අසුබ දේවල් හිතුනත් තිත්ත ඇත්ත නේද ඒ? වෙනදා අලුත් අවුරුද්ද උදා වෙන විට දකින්නට තිබුණු සතුට, සශ්‍රීක බව මේ සැරේ අපිට වටාපිටාවේ දකින්න ලැබුණේ නැහැ. දැන් මාසයක් විතර කාලයක් තිස්සේ ගෙදරටම කොටු වෙලා හිටපු ඔබේ හිත ඇතුලේ තියන නොසන්සුන් කම, අනාගතය ගැන අවිනිශ්චිත බව, ආර්ථික ගැටළු අපිට හොඳින් ම වැටහෙනවා. ඒ අපිත් ඔබේ බෝට්ටුවේම ඉන්නා නිසා. කොහොම නමුත් අලි ඇතුන් දමලාවත් බැඳලා නතර කරන්න බැරි කාලය ගලා යනවා. සුර්යයා මීන රාශියෙන් මේෂයට පා නගන ඒ සිංහල හින්දු අවුරුදු මංගල්‍යය උදා වෙලා.
මෙවර අපේ ජාතික මංගල්‍යය, සිංහල-හින්දු අලුත් අවුරුද්ද උදා වෙන්නේ මුළු ලෝකයම අඳුරු වලාවකින් වගේ COVID-19 වසංගතයෙන් වැසී ගිය යුගයක. ලෝකයේ රටවල් 210ක ජීවිත ලක්ෂයකට වඩා මේ වන විට කොරෝනා බිලි ගත්තු සමයක. ඒ නිසා මිහිරි හඬින් කොවුල් ගීත අපට ඇසුණේ නැහැ. කැවිලි සුවඳ දැනුණේ නැහැ. කවුරුවත්ම උද්‍යෝගයෙන් අවුරුදු කුමරා පිළිගන්න සූදානම් වුණේ නැහැ. මේ දුක් කරදර, භය එක්ක අවුරුදු උදා නූනා නම් හොඳයි කියලා ඔයාටත් හිතුනේ නැද්ද?
ඒත් මේ ජීවිතේ හැටි. ජීවිතය ලස්සන වෙලා තිබෙන්නේම මේ අභියෝග නිසා. ජීවිත කාලය සදාකාලික නොවන නිසා. දුක්-කරදර සෑම ජීවිතයකම උරුම. හොඳ-සතුට නොමිලේ ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් මිලක් තිබෙනවා. මහන්සියක්, කැප කිරීමක් තිබෙනවා. ජයග්‍රහණවල වටිනාකම රැඳී තිබෙන්නේ ඒ මත. දෙවන ලෝක යුද්ධයෙන් බිඳ වැටුණු ජපානය ලෝකයේ ප්‍රබල රටක් වුණේ ඒ කැප කිරීම නිසා. ඒ උත්සාහය නිසා. මේ අපට ලැබුණු පරීක්ෂාවක්. නේක විධ අභියෝග ජයගෙන සාර්ථකත්වය කරා යාම, කොතරම් බිඳ වැටුණත් ඉන්ද්‍ර කීලයක් සේ සිට තම අරමුණු දිනුම් කණුව කරා යාම තමයි ජීවිතයේ අපූර්වත්වය. මේ ඒ වගේ අභියෝගයක්. මේ ලැබුවා වූ අලුත් අවුරුද්දේ ගතින්-හිතෙන් වැටෙන්නට එපා. නොසැලී ඉන්න අධිෂ්ඨාන කර ගන්න. මේ ලැබුණු දිග විවේකය ඵලදායි එකක් කරගන්න. පවුල් සම්බන්ධතා ශක්තිමත් කර ගන්න. දරුවන් වෙනුවෙන්, සැමියා වෙනුවෙන් කාලය වෙන් කරන්න(විවාහක නම්). ඔබ වෙනුවෙන් කාලය වෙන් කරන්න. මිතුරු දම්, එකමුතුකම් ශක්තිමත් කර ගන්න. අලුත් දෙයක් ඉගෙන ගන්න. දන්නා දැනුමක් වැඩි දියුණු කර ගන්න. ලෝකයේ ආර්ථිකයේ වෙනස්කම් රැසක් මේ COVID-19 සමග සිදු වේවි. දියුණුවේ අලුත් මාර්ග සොයන්න. ඒ වෙනුවෙන් වෙහෙසෙන්න. ශක්තිමත් අයෙකු සේ නැගී සිටිනවා යන ස්ථිර අධිෂ්ඨානය ඇති කර ගන්න. මේ අඳුරු වලාවෙන් මිදී අරුණාලෝකය සොයා යා යුත්තේ අපිමයි. ඔබ ජයග්‍රහණය කරනු ඇති. ලැබුවා වූ 2020 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද මුළු ලෝක වාසින්ටම නිරෝගී, වාසනාවන්ත එකක් වේවා කියා Zest Girls පවුල වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…