100% Feminine

ආදරයට ආදරයෙන්…

ආදරණීය මිතුරිය, ඉතින් වසර ගණනාවක් තිස්සේ පෙරුම් පුරාගෙන, අලුත්ම අලුත් විදියේ දෙයක් අරගෙන ඔන්න අපි ආවා…මේ මල් පල දරලා තිබෙන්නේ ඔබෙත් මගෙත් හිත කොනක සැගවිලා තිබුණු පුංචිම පුංචි බලාපොරොත්තුවක්…

ආදරණීය මිතුරිය, ඉතින් වසර ගණනාවක් තිස්සේ පෙරුම් පුරාගෙන, අලුත්ම අලුත් විදියේ දෙයක් අරගෙන ඔන්න අපි ආවා…මේ මල් පල දරලා තිබෙන්නේ ඔබෙත් මගෙත් හිත කොනක සැගවිලා තිබුණු පුංචිම පුංචි බලාපොරොත්තුවක්…මේ සඟරාවට Zest Girls කියලා නම තබලා ඒ නමේ අර්ථයෙන්ම පරිපූර්ණ වුණු ඔබේ ජීවිතයට ලබැඳි දෙයක් තිලිණ කරන්නට වසර ගණනාවක් අපි කැප වුණා. Zest Girls කියන්නේ පවුලක්. 2011-11-11 පෙරවරු 11.11ට පටන්ගත්තු Zest Girls කතාව ගොඩක් දුරට ගණුදෙනු කළේ අන්තර්ජාතික මට්ටමින්. Zest Girls Mexico නමින් අපි අපේ තවත් සංස්කරණයක් 2018 අප්‍රේල් මාසයේ නිකුත් කළා. ඒ අපිත් එක්ක එක් වුණු ලතින් ඇමෙරිකානු පාඨක කැල වෙනුවෙන්. 2019 අපි අපේ ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන්ම වෙන් වුණු අපේ අලුත් සංස්කරණය Zest Girls Sri Lanka ගෙන එනවා.

“Zest” කියන්නේ පැඟිරි රසයට. පැඟිරි වයස කියන්නේ ජීවිතේ ලස්සනම තරුණ වයසට කියලා ඔබ දන්නවා. ඒ තරුණ පැඟිරි වයස හැමදාම එක විදියට තියාගන්න ඇත්නම් ඔයාල ගොඩක් කැමති වේවි. ඔබේ ජීවිතේ වටිනාම දේවල් ටිකක් ලස්සන කරලා, හැඩ කරලා, සැර වැඩි කරලා, මෘදු කරලා ආදරයෙන් එකතු කරන්න අපි සෑම මොහොතකම වග බලාගත්තා. මේ දේවල් පිළිවෙලට එකතු කරලා එක වැලකට අමුණලා හරි පරිස්සමට ඔයාලට දෙන්න අපි පොරොන්දු වෙනවා.

තාරුණ්‍යයේ සිටින ඔබට පමණක් නොවේ, ජීවිතය ගැන දැන ගන්න ජීවිතය විඳින්න ආස කරන්න ආස කරන ඕනෑම කෙනෙකුට අපි ආරාධනා කරනවා අපිත් එක්ක නිරතුරුව රැදී ඉන්න කියලා. කතාවක් තියනවනේ ආදරය කරන්න වයසක් බලපාන්නේ නැහැ කියලා…එකම විදියට ආදරය කරන කොටත් එපා වෙනවනේ. ඒ නිසා වෙනස විදියට ජීවිතයට ආදරය කරන්න පටන් ගන්න. ජීවිතයේ ලස්සන කාලේ බොහොම පොඩි කාලයක්..ඒ කාලේ විඳවන්නේ නැතිව විඳින්නේ කොහොමද කියලා අපි ඔබ එක්ක කතා බහ කරනවා…මේ හැම දේම ඔබටයි ඔබේ ආදරණියන්ටයි…ජීවිතය විඳින්න ඉගෙන ගන්න, ජීවත්වෙන රටාවට අලුත් යමක් එකතු කර ගන්න ඔබ වෙනුවෙන් එන්න ඕනේ හොඳම වෙලාවට ඔන්න අපි ආවා…!!!

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

2 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

3 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago