Sexpert

පවුල් අවුල් කරන ලිංගික බෙලහීනතාවය

අද අපි කතා කරන මාතෘකාව සමාජයේ බහුල එහෙත් බොහෝ දුරට රහසක් විදියට සැඟවිලා තියන දෙයක්. අවාසනාවන්ත තත්වයක්. පවුල්වල සමගිය සහකරුවන් අතර සම්බන්ධකම් වගේම විශ්වාසය නැතිකරලා පවුල් අවුල් කරන දෙයක්. ඒ "ලිංගික බෙලහීනතාවය".

අද අපි කතා කරන මාතෘකාව සමාජයේ බහුල එහෙත් බොහෝ දුරට රහසක් විදියට සැඟවිලා තියන දෙයක්. අවාසනාවන්ත තත්වයක්. පවුල්වල සමගිය සහකරුවන් අතර සම්බන්ධකම් වගේම විශ්වාසය නැතිකරලා පවුල් අවුල් කරන දෙයක්. ඒ “ලිංගික බෙලහීනතාවය”. සංසර්ගයට පුරුෂ ලිඟුව නිසි පරිදි සූදානම් නොවීම ලිංගික බෙලහීනතාව ලෙස හඳුන්වනවා.

ලිංගික බෙලහීනතාවයට බලපාන සාධක කීපයක් තිබෙනවා.

01 ) මානසික අසහනකාරී බව
02) ස්නායු ආශ්‍රිත ආබාධ
03) රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත ආබාධ
04) හෝමෝන විෂමතා
05) විශේෂ අතුරු ආබාධ සහිත ඖෂධ භාවිතය
06) මත්පැන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිය

ලිංගික බෙලහීනතාවය කොටස් කීපයකට බෙදා දක්වන්න පුළුවන්.

01) සම්පූර්ණ බෙලහීනතාවය – ලිංගික හැගීම් කොතරම් සිතෙහි පැවතියත් ශිෂ්ණය කුමන ලෙසකින්වත් ප්‍රාණවත් නොවේ. මෙය ඉතාම කනගාටුදායක තත්වයක් වන්නේ ප්‍රාණවත් නොවූ ශිෂ්නයක් කිසි ලෙසකින්වත් සංසර්ගය සඳහා යෝනිය තුලට ඇතුළු කළ නොහැකි නිසාවෙනි.

02) අර්ධ බෙලහීනතාවය – සියලුම හැගීම වර්ධනය වී දැනුනත් පුරුෂ ලිඟුව නිසි සේ දැඩිව ප්‍රාණවත් නොවේ. ලිහිල් බවක් සහ විටින් විට අප්‍රාණික ස්වභාවයක් පෙන්වයි. සංසර්ගයට යෞ වුවත් ක්ෂණික මෝචනය වැනි ගැටළු ඇතිවේ. මේ ස්ත්‍රියකට රමණයේ නිසි සතුටත් සුරතාන්තයත් ලැබීමට බාධාවකි. මෙය යුගදිවියට බලපාන විශාල ගැටලුවකි.

03) අර්ධ ප්‍රාණවත් බව – සියලුම ලිංගික පිබිදීම අවසානයේ ලිඟුව යෝනිගත කර තත්පර කීපයකින් පමණ ශුක්‍ර මෝචනය සිදුවේ. මෙය ස්ත්‍රියකගේ තෘප්තිය සම්පූර්ණයෙන්ම නැති කරයි.

04) ආබාධිත ප්‍රාණවත් බව – ලිඟුව සාමාන්‍ය පරිදි ප්‍රාණවත් වන අතර එය යෝනිය තුල කොපමණ චලනය කළත් පිරිමියාට ශුක්‍රානු මෝචනය සිදු නොවේ. මෙය ස්ත්‍රියට මහත් අපහසු තාවයක් ඇති කරයි. ඇයට එම සහකරු හා සංසර්ගය එපාවීම සිදුවේ.

05) විශේෂ හේතුන් මත ඇතිවන අකර්මන්‍යතාවයන් – මෙය කිසිවිටෙක රෝගී තත්ත්වයක් නොවේ. පෙම්වතුන්, විවාහයට පිටින් අනියම් ඇසුරට යොමු වුවන්, පසු කාලීනව සම රිසි, ද්වී රිසි නැඹුරුවක් පෙන්වන පිරිමින් අතර දකින්නට ලැබෙන තත්ත්වයකි. සංසර්ග ක්‍රියාවලිය රඳා පවතින්නේ මොලයෙනි. මෙහිදී මොලයට බිය සංකාව හෝ අසහනය වැනි දෑ දැනේ නම් මොලය සංසර්ග ක්‍රියාවලිය නවතා දැමීමට සංඥා නිකුත් කරයි. එවිට පුරුෂ ලිඟුවට රුධිරය ගලා ඒම නිසි ලෙස සිදු නොවේ. එවිට එය ප්‍රාණවත් නොවේ. මෙයින් මානසික විඳවීම් ඇතිවන අතර එය තත්ත්වය තවත් නරක අතට හරවයි. හොඳ මානසික එකාග්‍රතාවයක් තබා ගැනීමෙන් මෙම ගැටලුව මෙන්ම ක්ෂණික මෝචනය ද පාලනය කරගන්නට පුළුවන්.

ලිංගික බෙලහිනතා ගැටළුවක් වේ නම් එය දෙදෙනා විසින් හොඳින් තේරුම් ගෙන සාකච්ඡා කර විසඳිය යුතු දෙයක්. ලැජ්ජාව සබකෝලය නිසා සිතෙහි තෙරපා සිටීමෙන් පීඩනය අධික වී පුපුරා ගිය විටෙක නොසිතු වෙනත් ගැටළු ඇතිවන්නට පුළුවන්. වෛද්‍ය උපදෙස් අවශ්‍ය තැන නොපැකිලී එය ලබාගන්න. නිසි ඖශධ හා මානසික ප්‍රතිකාර ලබාගන්න.උළුහාල් වැනි දෑ මගින් පුරුෂ හෝමෝන උත්තේජනය කරන අතර ශිෂ්ණය දැඩිව ප්‍රාණවත් වීම වැනි දෑ ලබාගන්නට හැකියි. මී අඹ, දූරියන්, වැල් පෙනෙල, මැන්ගුස්, සව්දල්, කෝලිකුට්ටු, රතු ගෝවා ආහාරයට ගැනීම ලිංගික බෙලහීන බවට ගුණ දායක වනවා.ව්‍යායාම, ක්‍රීඩා ආදියේ යෙදීම වැනි ක්‍රියාශීලි ජීවිතයක් ගත කිරීම ලිංගික ජීවිතය උසස් කරන්නට හේතුවනවා. අලස උදාසීන අයෙකුට වඩා ක්‍රියාශීලි අයෙකුගේ ජවසම්පන්න බව රමණයේ හැකියාව ඉහළයි.ලිංගික නැමියාවේ වෙනසක් ඇත්නම් එය දෙදෙනා හොඳින් වටහා ගෙන පිළිතුරු සෙවිය යුතු ගැටළුවක්.

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago