බොහෝ විවාහක කාන්තාවන්ගේ ලිංගික සබඳතා බොහෝ ලිහිල්, විවෘත සිය සිතැඟි පරිදි පැවතුනු ඒවා වුණි. ස්ත්‍රියකට තමා හා සහවාසයේ යෙදෙන පුරුෂයින් කීප දෙනෙකු සිටීම ඉතාම සුලබ හා සාමාන්‍ය කරුණක් වූ බව රොබට් නොක්ස්, ඩේවි, ජුවාම් රිබෙයිරෝ ආදීන්ගේ සටහන්වලින් දැක්වේ.
බහු පුරුෂ සේවනය/විවාහය(Female polyandry) අනාදිමත් කාලයක සිට ලෝක සම්මත සිරිතක්ව, සුලබව පැවැත පසුව අද වන විට ඉතා විරලව දකින්නට ලැබෙන්නකි. ලෝකයේ සමහර ජන කණ්ඩායම් අතර තවමත් මෙය දකින්නට නැතුවාම නොවේ. සම්මතය කෙසේ වෙතත් අසම්මත ලෙස පවත්නා ස්ත්‍රී-පුරුෂ සම්බන්දකම් නිසා අපේ සමාජයේ ඇතිවන්නා වූ ඛේදජනක සිදුවීම් දිනපතා පුවත්පත්, රූපවාහිනී නාලිකා තුලින් එමට හමුවේ. සොබා දහමේ නීතියට බැහැරව ගොස් ගොඩ නැගූ කෘත්‍රිම සංස්කෘතික පරිසරය තුල අසම්මතයක්ව ඇති මේ මාතෘකාවට හේතු භූත වන ජෛව විද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක කරුණු පිලිබඳ කෙරෙන විවරණයක දෙවැනි කොටසයි මේ.
“කල්‍යාණි නගරයෙහි රජ වූ තිස්ස නම් ක්ෂත්‍රියයෙක් වී. ආර්‍ය උත්තිය නම් ඇති ඒ කුමර දේවිය හා සංයෝගයෙන් හටගන්වන ලද කොප ඇත්තේ භයින් එතැනින් පලා ගොස් අන් තැනක විසීය.” – මහා වංශය විසි දෙවැනි පරිච්ඡේදය(ශ්‍රී සුමංගල සංස්කරණය)
කැළණි පුරවරය ආශ්‍රිතව මුහුද ගොඩ ගැලීමටත්, විහාර මහා දේවිය මුහුදට බිලිවීමටත් හේතු වන කතා පුවතේ මුල වන්නේ කැලණි තිස්ස රජුගේ බිසව හා රජුගේ සොයුරා වන උත්තිය කුමරු අතර පවතී අනියම් ඇසුරයි. මෙය එක අතකින් සලකන කල ක්‍රි.පූ. දෙවන සියවසටත් එහා යුගයක ලේඛනගත ඉතිහාසයක් තුල තුබුණු බහු පුරුෂ ඇසුරක් පිලිබඳ සාක්ෂියකි. එමෙන්ම වළගම්බා රජු පුත් චෝරනාගයන්ගේ බිසව වූ අනුලා රැජිණ වරින්වර සිය සිත දිනා ගත් සහකරුවන් බලයට පත්කළ අයුරු මහා වංශයේ තිස්හතර පරිච්ඡේදයේ සඳහන් වේ. සම්මතයක් ලෙස පිලි ගෙන රජ කුමරුන් කීප දෙනෙකු පවා එකම බිසවක හා විසූ බවට පැරණි මුලාශ්‍රවලින් තහවුරු වෙයි. ක්‍රි.ව. 16වන සියවසේ සුප්‍රකට “විජයබා කොල්ලයට” සම්බන්ද හයවන විජයබාහු රජු සිය සොයුරා වූ මැණික්කඩවර රාජසිංහයන් හා එකම බිරියක හා විසූ බව පැරණි පොත පතේ සඳහන් වේ.
***”විජයබාහු රජ්ජුරුවොත් අප රාජසිංහ රජ්ජුරුවොත් මැණික්කඩවර නුවර කරවා බාල අවස්ථාවේ ම එක තැන එක දොලියට සැමනී විසුවාහ.” – රාජාවලිය
***”එක රජ කෙනෙක් ශ්‍රී රාජසිංහ නමිනුත් එක් රජ කෙනෙක් විජයබාහු නමිනුත් මැණික්කඩවර නුවර කරවා එක දෝලිය පාවා වැඩ උන්නාහ.” – අලකේශ්වර යුද්ධය
අනියම් ඇසුර ආගමට අනුව පටහැණි යයි හැඟුණු දෙයක් වුවත් එය සුලබව දකින්නට ලැබුනක් විය. බොහෝ ස්ත්‍රීන්ට සොර සැමියන් සිටියේ යැයි රොබට් නොක්ස්ගේ වාර්තාවල පවා සඳහන් වේ. විවාහයට පෙර පවත්වන ලිංගික සම්බන්දතා නිසා කන්‍යා භාවය අහිමි කරගෙන සිටීම ගර්හාවට ලක්වීමට හේතුවක් විය. නමුත් මෙය එතරම් ගැටළුවක් නොවුයේ ගැහැණු දරුවන් වැඩිවිය පැමිණ නොබෝ දිනකින්ම විවා පත් කර දුන් බැවිනි. මංගල යහනේදී සිය කන්‍යා භාවය ඔප්පු කර පෙන් වූයේ නම් ඉහල පිලි ගැනීමක් ලැබුණි. ඉන් ඉක්බිති ඔවුන්ගේ ලිංගික සම්බන්ධතා බොහෝ විට ඔවුන්ගේ සිතැඟි පරිදි සිදු වීම සුලබ විය.
බොහෝ විවාහක කාන්තාවන්ගේ ලිංගික සබඳතා බොහෝ ලිහිල්, විවෘත සිය සිතැඟි පරිදි පැවතුනු ඒවා වුණි. ස්ත්‍රියකට තමා හා සහවාසයේ යෙදෙන පුරුෂයින් කීප දෙනෙකු සිටීම ඉතාම සුලබ හා සාමාන්‍ය කරුණක් වූ බව රොබට් නොක්ස්, ඩේවි, ජුවාම් රිබෙයිරෝ ආදීන්ගේ සටහන්වලින් දැක්වේ. සිය විවාහක සැමියා බැහැරක ගිය විට නිවසේදී හෝ වන පලා, දර ගෙන ඒමට වනයට ගිය විටෙක හෝ තම කුළුපඟ මිතුරියකගේ නිවසේ හෝ සිය අනියම් සැමියන් හා සහවාසයේ යෙදීමට එකල කාන්තාවන් කටයුතු කළ බව එම කතුවරුන් සඳහන් කර ඇත.
සිය බිරියන් හෝ දුවරුන් සිය ලිංගික ජීවිතය ලිහිල්ව, සිතැඟි පරිදි පවත්වාගෙන යාම පිලිබඳ උඩරට සමයේ පිරිමින් තුල විශේෂ ඊර්ෂියාවක් පැවතුණේ නැති බව ඒ සමය පිලිබඳ පොත පත ලියුවන්ගෙන් තහවුරු වෙයි. එමෙන්ම විටෙක ඔවුන් බිරියන්ගේ විවෘත ලිංගික සම්බන්ධකම්වලට සහය වුණු බවක්ද හැඟේ. රැල්ෆ් පීරිස් ශූරින් රචනා කළ “උඩරට සමාජ සංවිධාන – මහනුවර යුගය” කෘතියේ මෙවැනි සටහනක් මුණ ගැසේ.
“සමහර විට මිනිස්සු තම භාර්යාවන්ට සහ දූවරුන්ට සෙසු පිරිමින් සමග කාම සේවනයේ යෙදීමට ඉඩ දෙති. මෙය සාමාන්‍යයෙන් සිදු වන්නේ කිට්ටු මිත්‍රයෙකු හෝ වැදගත් පුද්ගලයෙකු හෝ තම ගෙදර නැවතීමට පැමිණි විටෙක දීය. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවල දී ඔවුහු සිය බිරිය හෝ දුව හෝ ආගන්තුකයා සමග රාත්‍රිය ගත කිරීම සඳහා කාමරයට යවති. තමන්ට වඩා ඉතා උසස් හෝ තරමක් උසස් හෝ පුද්ගලයෙකු සමග සිය බිරිය සම්බන්ධකම් පැවැත්වූවාට ඕ වෙසඟනක් ලෙස නොසැලකේ. ” – උඩරට සමාජ සංවිධාන – මහනුවර යුගය
ස්වභාවික ක්‍රම ඇසුරෙන් සිදු කළ හැකි උපත් පාලන ක්‍රම පිලිබඳ මනා දැනුමක් එකල කාන්තාවන් සතු වුවත් බොහෝ විට ඔවුන් ලද දරුවන් පුරුෂයින් කීප දෙනෙකුට දාව වීම සුලබ දෙයක් විය. ඉතා නින්දිත සහ මරණීය දඬුවම පවා ලැබෙන කරුණක් සේ සලකන ලද්දේ ස්ත්‍රියක් තමන්ට වඩා පහත් කුලයක අයෙකු හා සම්බන්ධතා පැවැත්වීමයි.
ඉහත විස්තර කරන ලද්දේ සමාජ අසම්මත යැයි සැලකූ කඩතුරාවන්ට මුවා වී පැවති සම්බන්ධතා ගැනයි. නමුත් එක ගෙයි කෑම ලෙස හඳුන්වන්නේ සෑම කුලයක් විසින්ම පිළිගත්, වැඩිහිටි ආශිර්වාදය ද ලබමින් පවත්වා ගෙන ගිය බහු පුරුෂ විවාහ ක්‍රමයකි. නමුත් ඒ තුල ඊට ආවේණික යම් සිරිත් විරිත් රැසක් නොතිබුණා නොවේ. එය නිග්‍රහයට කරුණක් නොවූ අතර ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවයම තමාගේ සම්බන්ධකම ගැන අභිමානයකින් කතා කළ කරුණක් විය. පුරුෂයින් නම් පවසන්නේ “අපි එක ගෙයි රක්සා වෙනවා”. කියාය. ස්ත්‍රීන් නම් සිය ස්වාමිපුරුෂයින් කීප දෙනා ගැන පවසන්නේ “මම ඒ දෙතුන්දෙනාටම බත් උයා දෙනවා” කියාය. නමුත් එක ගෙයි විවාහය පහත ආකාරයෙන් දකින්නට ලැබුණි.
මෙය සිදු වූයේ එකම පවුලේ සහෝදරයින් කීප දෙනෙකු අතරය. විවාහයේ සාමාන්‍යයෙන් සලකන ලද සම කුල තරුණ-තරුණියන් අතර මෙය සිදු වුණි. සම්ප්‍රදායක් ලෙස විවාහ මංගලෝත්සවය පවත්වන්නේ එක පුරුෂයෙකු සමගය. ඔහු තරුණියගේ විවාහක පුරුෂයා ලෙස සැලකේ. සාමන්‍යයෙන් මංගල රාත්‍රිය ගත කරන්නේ විවාහක පුරුෂයා සමගය. ඉන් පසු ඔහුගේ බාල සොයුරන්ට ද සිය වැඩිමල් සොයුරාගේ බිරිඳ සමග යහන්ගත වීමට බාධාවක් නැත. ඊට විරුද්ධ වීමට කාන්තාවට අයිතියක්ද නැත. එලෙසම විරුද්ධ වූ ස්ත්‍රීන්ද නොසිටි තරම්ය.පෘතුගීසි සමයේ මෙරට සමාජ සංවිධාන පිලිබඳ කෘතියක් රචනා කළ කපිතාන් ජුවාම් රිබෙයිරෝ පවසන්නේ ස්ත්‍රියකට මෙලෙස පුරුෂයින් සත් දෙනෙකු සමග වුවද විසිය හැකි බවයි. නමුත් වරෙකට එක් අයෙකු සමග පමණි. බටහිර කාම රැල්ල සමග ප්‍රචලිතව ඇති ත්‍රීසම්(Threesome), Gangbang ආදී එකවර පුරුෂයින් කීප දෙනෙකු හා සංසර්ගයේ යෙදීම එකල ගම්වල නොතිබුණි. සහෝදරයින් එකිනෙකා බෙදා හදා ගෙන ස්ත්‍රිය හා සහවාසයේ යෙදුනේ එක් අයෙකු ඇයගේ කුටියේ නැති බව දන්නා විට පමණි. කෙනෙකු සිටි නම් එය අන් යට හැඟවීමට සිය අමුද ලේන්සුව දොර උඩ වැනීමේ සිරිතක් තිබුණි. බාල සොයුරන්ට සිය වැඩිමල් සොයුරන්ගේ බිරින්දෑවරු හා යහන්ගත වීමට අයිතියක් තිබුණත් බාලයාගේ බිරිඳ හා විසීමට වැඩිමල් අයට අයිතියක් නොවීය. එකම පවුලේ සොයුරන් කීප දෙනෙකු හා විවා පත් වන ස්ත්‍රිය වාසන්වන්ත තැනැත්තියක ලෙස සමාජ පිළිගැනීමක් තිබුණි. උපයන කීප දෙනෙකුගෙන් යැපෙන ඇය කිසිඳු අඩු පාඩුවකින් තොර සේම, අතිශය තෘප්තිමත් ලිංගික ජීවිතයක් ගත කරන්නියක සේ සැලකුණි. ලබන දරුවන් සහෝදරයින් කීප දෙනෙකුට දාව වුවත් විවාහක සැමියා පියා සේ සැලකුණි. අනෙක් අය දරුවන් විසින් ආමන්ත්‍රණය කරන ලද්දේ ලොකු අප්පච්චි, කුඩප්පච්චි ආදී ලෙසටයි. දරුවන් පොදුවේ සියලු දෙනාටම අයිති වුණි. මෙවැනි පවුල්වල දේපල සම්බන්ද ගැටළු හෝ වෙනත් අඩදබර නොමැති වූ තරම්ය. උඩරට ප්‍රදේශවල මෙය ඉතාමත් සුලබව පවතී අතර බටහිර බලපෑම් සමග ක්‍රමයෙන් මේ එකගෙයි විවාහ ක්‍රමය බැහැර වන්නට විය. නමුත් මෑත භාගය වන තුරුම නිල නොලත් ලෙසට මේ ක්‍රමය පවත්වා ගෙන ගිය පවුල්ද නැතුවා නොවේ. දැන් නම් සම්පූර්ණයෙන්ම පාහේ අභාවයට ගොස් ඇතැයි කිව හැකිය.
තුන්වන කොටස ලබන සතියට…
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…