සරසවිය තුල ඉහල පන්තියක් සහිතව උපාධිය ලබා ගැනීමට, රැකියා ස්ථානයේ ප්‍රධානියා හොඳින් තබා ගෙන රැකියාව ස්ථාවර කර ගැනීමට, තම දරුවන් පාසලකට ඇතුලත් කර ගැනීමට සිය නිත්‍යානුකුල සහකරුවා හැරුණු විට තවත් අයෙකු සමග යහන් ගත වීමට ලාංකික ස්ත්‍රියට සිදුව තිබීම නම් ලිංගික අල්ලස් මිස බහු පුරුෂ ඇසුර ම නොවේ.
අනෙක් සතුන් සේම සොබා දහමේ නීතියට, රීතියට යටත්ව ගොඩ නැගුනත් අහඹුවකින් හෝ බාහිර බලපෑමක් නිසාවෙන් මානව වර්ගයා අනෙක් සොබා දහමේ ජීවී කොටස්වලින් වෙනස්ව උඩු ගං බලා යන්නට පටන් ගෙන තිබුණා. මේ නිසා අනෙක් සතුන් මෙන්ම සමහර අවස්ථාවල සොබා දහමේ ඇතැම් කොටස්ද පාලනය කරමින්, තමාට රිසි සේ හසුරුවමින් මිනිසා පැමිණි… අද සිටින…සහ ඉදිරියට යන ගමන වෙනස් එකක්. අපි ගම්, නගර සහ ශිෂ්ටාචාර සෑදුවෙමු. අපි කෘෂිකර්මාන්තය සහ අනෙකුත් කර්මාන්ත ගොඩ නැගුවෙමු. සතුන් අපේ ආධිපත්‍යයට නතු කර ගත්තෙමු…ලෙස උදම් අනන අපි අමතක කළ ලොකුම කරුණ නම් තවමත් සොබා දහමේ කොටසක් වන බවයි. අපේ මේ ලිපි පෙළේ මාතෘකාවද එවැන්නක්.
***මෙම ලිපි පෙළෙහි මුල් කොටස් 02 පහත දැක්වේ.
පළමු කොටස(මානව ශිෂ්ටාචාරය තුල බහු පුරුෂ ඇසුර දකින්නට ලැබුණේ ඇයි?) – මෙතැනින්…
දෙවැනි කොටස(අතීත ලාංකේය සමාජය තුල බහු පුරුෂ ඇසුර/විවාහය පැවති අයුරු) – මෙතැනින්…
අපේ ගමන ආරම්භ වන්නේ වානර විශේෂයකිනි. දකුණේ වානරයා ලෙස සැලකූ ඔස්ට්‍රලොප්තිකස් ගේ පටන් හෝමෝ සේපියන් වන අද මානව වර්ගයා තෙක් ආ ගමනේ වෙනස්කම් බොහෝ වුවත් සරලව, සත්‍ය ලෙසටම අපත් තවත් එක වානර විශේෂයක්ම පමණි. සත්ත්ව වර්ගයක්ම පමණි. ප්‍රිමාටාවන්ට බලපාන බොහෝ කරුණු අපටද එලෙසම බලපාන්නේ ඒ නිසාය. ප්‍රිමාටාවුන් පමණක් නොව බොහෝ සත්ත්ව විශේෂවල ගැහැණු සතුන් වැඩි ලිංගික සහකරුවන් පිරිසක් තබා ගැනීම DNA අධ්‍යයනයෙන් හෙළිවන ජෛව විද්‍යාත්මක තිත්ත ඇත්තක්. ඇත්ත තිත්ත වන්නේ සමාජය යන සංකල්පය ගොඩ නැගීමේදී එය පුරුෂ මුලිකව ගොඩ නැගීමත් සාදාගත් ඊනියා සංස්කෘතික කණ්ණාඩියෙන් බලන කළ එවැනි පැවතුම් “පොරක්” ලෙස ගොඩනගන පුරුෂයාගේ පෞරුෂය යම් අයුරකින් දියාරු කරන්නක් වන නිසාය. මවාගත්, සාදාගත් සංකල්පමය කණ්නාඩි ගලවා දමා පොදු නීතියට(සොබා දහමේ) අවනතව සිතන්නේ නම්, ජීවත් වන්නේ නම් අපේ ජීවන චර්යා මීට හාත්පස වෙනස් එකක් වනු ඇති.
මිනිසා අනෙක් සතුන්ගෙන් වෙනස් වන ප්‍රධානතම සාධකය වන්නේ මනසින් උසස් වීමයි. අනෙක් සතුන්ට වඩා සිතා බලා හැඟීම්, ආවේග පාලනය කර ගනිමින් කටයුතු කරන්නට හැකි වීම නිසාය. මේ නිසා අධික කාමාශාවන්, රාගික සිතුවිලි එක අතෙකින් පරිහානියට හේතු භූත වන දෑ නිසා හැඟීම් පාලනයෙන් කටයුතු කිරීම, හැඟීම්වලට වඩා බුද්ධියට මුල් තැන දී කටයුතු කිරීම නියම මිනිස් ගතිය විය යුතුය. මිනිසා විසින්ම සාදාගත් සමාජය යන සංකල්පය හා ඊට අනුබද්ධිත චර්යා රටාව වට අනුගතව සිටින විට පෞද්ගලික අභිලාශයන් පසෙක දමා පොදු රාමුවේ නීති-රීති, සිරිත්-විරිත්වලට ගැලපෙන සේ ජීවන රටාව සකසා ගත යුතුය. මේ සියල්ල මොහොතකට අමතක කොට සොබා දහමේ අවශ්‍යතා ඉටු කිරීමට නිර්මාණය වුණු ගැහැණු සත්ත්වයෙකු ලෙස ශාරීරිකව සහ මානසිකව ගොඩනැගෙන්නේ මේ බහු පුරුෂ ඇසුරට(polyandry) ගැලපෙන පරිදිය. සරලවම කිව හොත් සෑම නිරෝගී ගැහැණියකටම ලිංගික සහකරුවන් කීප දෙනෙකු තබා ගැනීම කළ නොහැකි දෙයක් නොවේ. නමුත් සම්මතය එය නොවේ නම් ඊට පිටුපා අසම්මතය කරා යෑම අනුමත කළ හැක්කක් නොවේ. යම් අයුරකින් බහු පුරුෂ ඇසුර සම්ම්මතයක් නම් එය භාවිතයේ යෙදවීම වරදක් නොවේ. අද බොහෝ විට සමාජයේ, පවුල නම් කුටුම්බ තුල බොහෝ ඛේදවාචකවලට හේතුව මේ අසම්මතය කරා යාමයි. නමුත් නියම මිනිස් ගති ස්වභාවයට මුල තැන දුන් සංස්කෘතීන් තුල මෙය සම්මතයේ පිළිගත් විවාහ ක්‍රමයක් සේ පැවතුනේ මේ නිසාය. බොහෝ විට එවැනි පවුල් ඒකක සාර්ථක ඒවා විය. එකිනෙකාගේ ලිංගික ජීවිතය සේම දෛනික ජීවිතයේ සෑම අනෙක් අංගයක්ම පාහේ සමබරව, තෘප්තිමත්ව තිබුණි. එවැනි පවුල් සංස්ථා තුල අඩ-දබර පැවතුනේ නම් අල්ප වශයෙනි.
සොබා දහම තුල ස්ත්‍රී-පුරුෂ දෙවර්ගය බිහිවී ඇත්තේ සහයෝගයෙන් ජීවත්වෙමින්, පරපුර පවත්වා ගෙන යාමට විනා එකිනෙකා අභිබවා යාමට නොවේ. අද වන විට කාන්තාව ලෝකයේ, සමාජයේ හොබවන ස්ථාන, ජයගෙන ඇති ඉලක්ක පුරුෂයින් හා සම වුවත් එහි අර්ථය සර්ව සම්පූර්ණ ස්ත්‍රී ලෝකයක් හෝ පුරුෂ ලෝකයක පැවතීම නොවේ. ලෝකය ලස්සන වන්නේ, වඩා යහපත් එකක් වන්නේ මේ දෙවර්ගයම තමාට පැවරුණු වගකීම් සාර්ථකව ඉටු කරමින් සහයෝගයෙන් කටයුතු කරන විටය. මේ අනුව සොබා දහමේ අවශ්‍යතාවලට අනුව ස්ත්‍රී-පුරුෂ සිරුරු, මනස සැකසුනු හා ඊට පැවරුණු කාර්ය සමුහයක් තිබේ. ඒ අතින් ගත් කළ බහු පුරුෂ ඇසුරේ දකින්නට ලැබෙන වාසි පහත ආකාර වේ.
01) ශාරීරිකව සහ මානසිකව සැකසී ඇති අයුරු නිසාවෙන්ම ස්ත්‍රියකට මෙමගින් තෘප්තිමත් ලිංගික ජීවිතයක් ලැබේ.
02) වර්ගයා බෝ කිරීමේ කාර්ය භාරයේදී සංසර්ගයේදී පුරුෂ ජන්මානු ලබා දීම හැරුණු විට ජෛව විද්‍යාත්මක අතින් පිරිමින්ට පැවරෙන විශාල කාර්ය භාරයක් නොමැති තරම්ය. වැඩි බර ඇත්තේ ස්ත්‍රිය වෙතය. මේ නිසා වඩා නිරෝගී, හොඳ ජාන සැකැස්මකින් යුතු ජනිතයින් බිහි කිරීමට නිරෝගී, ශක්තිමත් පරපුරක් පවත්වා ගෙන යාම වෙනුවෙන් සහකරුවන් කීප දෙනෙකු හා සහවාසයේ යෙදීම ස්ත්‍රියට සොබා දහමින් පැවරුණු වගකීමක් වුණි. මෙමගින් හොඳ ජාන සංචිතයක්(Gene pool) පවත්වා ගැනීමට හැකි විය.
03) දරු ගැබ දරා සිටින සමයේ මෙන්ම දරුවන් ස්වාධීනව ජීවත් වීමට හැකි වැඩිහිටි වයසට එළබෙන තෙක් ඇති දැඩි කිරීමේ කර්තව්‍යයේදී පවා ස්ත්‍රියකට පැවරෙන වගකීම සාපේක්ෂ වැඩිය(අම්මා යන සංකල්පය තුලින් මෙය දරුවෙකුගේ මුළු මහත් ජීවිත කාලයක් පුරාවටම බැඳෙන අපූරු බැඳීමක් ලෙස දක්වන්නට හැකිය). පුරුෂයා බොහෝ විට පවුල යන කුටුම්බයේ අවශ්‍යතා(ආහාර පාන, වාසස්ථාන, ආරක්ෂාව) සපයා දෙන්නාගේ භූමිකාව රඟ දක්වයි. මේ අතින් ගත කල ස්ත්‍රියකට පුරුෂයෙකුට සාපේක්ෂව ස්ත්‍රියකට පුරුෂයෙකු මත යැපීමට සිදුවේ. එලෙස යැපීම ස්ත්‍රියකට නිගරුවක් නම් නොවේ.
මේ අතින් ගත කළ පුරුෂයින් කීප දෙනෙකු හා විසීම ස්ත්‍රියකට වාසියක් වූයේ ඇය පෝෂණය කරන, ඇය ආරක්ෂා කරන කීප දෙනෙකු ලැබීම නිසාවෙනි(අතීත සමාජයේ ‘එකගෙයි’ වසන ස්ත්‍රියක වාසනාවන්තියක සේ සැලකුවේ මේ නිසාය).
04) පැරණි ශ්‍රී ලංකාවේ සම්මතව පිළිගත් බහු පුරුෂ ඇසුර නොහොත් ‘එකගෙයි විසීම’ තුල දරුවන් පොදුවේ පුරුෂයින් කීපදෙනාටම අයත් සේ සැලකුණි. මේ නිසා දරුවන්ට වැඩි රැකවරණයක් හිමි විය.ආර්ථික අතින්ද ස්ථාවර වූ මෙවැනි පවුල් තුල දරුවන්ට අඩු පාඩු නොව තරම්ය. එය ශක්තිමත්, නිරෝගී දරුවන් මෙන්ම පවුල් සංස්ථාවක පැවැත්මට ද රුකුලක් වී තිබුණි.
සම්මතයෙන් පිටත නම් බහු පුරුෂ, බහු ස්ත්‍රී ඇසුර නැතැයි කීම තරම් මුසාවක් නැති තරම්ය. තිරයෙන් පිටුපස මෙවැනි ජවනිකා ඕනෑ තරම් රඟ දැක්වේ. තිත්ත යතාර්ථය එයයි. නමුත් වටහා ගත යුතු දෙය නම් ස්ත්‍රියක බහු පුරුෂ ඇසුරට යොමු වන්නේ හුදෙක් තම ලිංගික අවශ්‍යතා ඉටු කර ගැනීමට ම නම් නොවේ. බොහෝ විට රැකියා ස්ථාන තුල ස්ථාවර වීමට, සමහර විටෙක සිය දරුවන් වෙනුවෙන්, ආර්ථික ගැටළු නිසාවෙන්, ආරක්ෂාව තහවුරු කරගැනීමට ලිංගික අල්ලසක් වීමට ස්ත්‍රියට සිදුවී තිබේ. සරසවිය තුල ඉහල පන්තියක් සහිතව උපාධිය ලබා ගැනීමට, රැකියා ස්ථානයේ ප්‍රධානියා හොඳින් තබා ගෙන රැකියාව ස්ථාවර කර ගැනීමට, තම දරුවන් පාසලකට ඇතුලත් කර ගැනීමට සිය නිත්‍යානුකුල සහකරුවා හැරුණු විට තවත් අයෙකු සමග යහන් ගත වීමට ලාංකික ස්ත්‍රියට සිදුව තිබීම නම් ලිංගික අල්ලස් මිස බහු පුරුෂ ඇසුර ම නොවේ.එය ස්ත්‍රියට කෙසේ වෙතත් ඇය ඊට යොමු කරන පුරුෂ සංහතියටම නින්දාවකි. නමුත් සම්මතයක් ලෙස බහු පුරුෂ සේවනය සේම විවාහයද ලෝකයෙන් සම්පූර්ණයෙන්ම බැහැර ව නැත.
අප්‍රිකා මහාද්වීපයේ සමහර රටවල මෙන්ම සමහර ගෝත්‍ර අතරද තව දුරටත් බහු පුරුෂ ඇසුර භාවිතයේ පවතී. උදාහරණ ලෙස මසායි ගෝත්‍රයේ ගැහැණුන්ට මේ වරම ලැබී ඇත. කැනරි දූපත්වල මේ ඉතා සුලබ දෙයක් වුණේ පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් ප්‍රමාණය අඩු වීමයි. මේ නිසා කාන්තාවන්ට උපරිම පස් දෙනෙකු තෙක් පිරිමින් විවාහ කර ගැනීමට හැකි වුණා. ස්පාඤ්ඤ ආක්‍රමණ හා බලපෑම් හමුවේ මෙය තරමක් අඩු වුවත් අදටත් දක්නට නැත්තේ නොවේ. කෙන්යාව තුල විවාහ විය හැක්කේ එක් පුරුෂයෙකු හා පමණක් වුවත් සිය ස්වාමි පුරුෂයා හා එළබෙන ගිවිසුමකට අනුව තවත් සහකරුවන් ඇසුරු කිරීමට කාන්තාවට ඉඩ ලැබෙනවා. 2013 අගෝස්තු පමණ ඇරඹුණු මෙම නීතියට පටහැනි නොවන සිරිත බහුලව දකින්නට ලැබෙන්නක්.
උතුරු ඉන්දියානු හිමාල ප්‍රදේශවල ජන කණ්ඩායම් අතර, නේපාලයේ ශාර්පාවරු අතර, ටිබෙටයේ ජනතාව අතර මෙන්ම චීනයේ ඇතැම් ප්‍රදේශවලද අදටත් බහු පුරුෂ විවාහය දකින්නට ලැබේ. බොහෝ විට මෙය එකම පවුලේ සොයුරන් අතර( Fraternal polyandry) පවතින්නක්.
එකිනෙකාගේ රුචිකත්වය සහ පෞද්ගලිකත්වයට මුල් තැන දෙන, විවෘත අදහස් දරන සමහර යුරෝපීය සහ ආසියාතික පවුල්වල මෙම බහු පුරුෂ ඇසුර පවතින්නේ බිරිඳ සහ ස්වාමියා යන දෙදෙනාගේම අවබෝධය සහිතව ය. නමුත් ඒ හුදෙක් තම ලිංගික අවශ්‍යතා සපුරා ගැනීමට මිස වෙනත් සමාජීය අවශ්‍යතාවයන් වෙනුවෙන් නම් නොවේ.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…