Love & Relationships

ගැහැණු කවුරුද වරදේ නොබැඳෙන?

එක් පුරුෂයෙකුට වැඩි ගණනක් සමග යහන්ගත වීම නැතිනම් බහු පුරුෂ සේවනයයි. එය වරදක්ද? වරදක් නම් ගැහැණුන් වරදට බැඳෙන්නේ ඇයි? වරදක් මේ තරම් සුලබ ඇයි? මේ බුද්ධිය හා හෝමෝන අතර ගැටුමක්…ශිෂ්ටාචාරය හා සොබා දහම අතර ගැටුමක්…

පිරිමිනුදු පත න අවසරකල් රහස්තැන
මිස නොලැබෙන සෙයින ගැහැනු කවුරුද වරද නොබැ‍ඳෙන

ෂඩ් භාෂා පරමේෂ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සත්තුභත්ත ජාතකය මුල්කර රචනා කළ කාව්‍යශේකරයේ හමුවන කවියක්(දහතුන්වන සර්ගයේ හතරවන කවිය) මේ. මේ කවියේ ඕනෑම කෙනෙකුගේ මතකයේ රැඳෙන්නේ අග පදය “ගැහැණු කවුරුද වරදේ නොබැඳෙන”. මේ අනුව ගැහැණු “වරදටම” උපන් පිරිසකි. කුමක්ද මේ වරද? ඒ එක් පුරුෂයෙකුට වැඩි ගණනක් සමග යහන්ගත වීම නැතිනම් බහු පුරුෂ සේවනයයි. එය වරදක්ද? වරදක් නම් ගැහැණුන් වරදට බැඳෙන්නේ ඇයි? වරදක් මේ තරම් සුලබ ඇයි? මේ බුද්ධිය හා හෝමෝන අතර ගැටුමක්…ශිෂ්ටාචාරය හා සොබා දහම අතර ගැටුමක්…මේ ගැහැණු ඇසකින්, ජෛව සහ සමාජ විද්‍යාත්මක පදනමකින් මේ ගැන තබන පුංචි සටහනක් විනා පනින රිලවුන්ට ඉනිමං තැබීමක් නම් නොවේ.

මහාභාරත් වීර කාව්‍යයේ එන ද්‍රෞපදී බිසව සිය ස්වාමිපුරුෂයින් පස්දෙනා වන පංච පාණ්ඩවයින් සමග

මේ බුද්ධිය හා හෝමෝන අතර ගැටුමක්…ශිෂ්ටාචාරය හා සොබා දහම අතර ගැටුමක්…

ඩාවින්ගේ පරිණාමවාදයට අනුව වානර කොටසක් හෝමෝ නැතිනම් මානව වර්ගයට පරිණාමය වුණා. දවසක දෙකක කාලයක නොවේ. වසර ලක්ෂ ගණනක් තිස්සේ.ගල් යුගයෙන් පටන් අරන් ගම්, නගර, රටවල් හදාගෙන ලොකු ශිෂ්ටාචාරයක් ගොඩනැගුවා. පරිසරය තමන්ට උවමනා විදියට වෙනස් කරන්න පටන්ගත්තා. ග්‍රහලෝක තරණය කළා. සොබා දහමෙන් නිර්මාණය කරපු එක සත්ත්වයෙක් විතරක් මේ වගේ පෙරලි කළා. ඒ වුනත් ඒ තවත් සොබා දහම කියන මහා බලවේගේ යටතේ පාලනය වන එක සතෙක් විතරයි. අප ඔක්කොම කොහොම වුණත් අයිති වෙන්නේ සියලුම වානර වර්ග අයිති “ප්‍රිමාටා” ගෝත්‍රයට. ප්‍රිමාටා ගෝත්‍රයට පොදු ලක්ෂණයක් ස්ත්‍රී සතුන් බහු පුරුෂ ඇසුරේ යෙදීම. සොබා දහම එවැන්නක් ඇති කරන්න හේතු වුණේ සත්ත්ව වර්ගයේ හොඳ, ශක්තිමත් ජාන සංචිතයක් පවත්වා ගැනීමට. විවිධ පුරුෂ සතුන් හා ලිංගිකව එක්වුණු ස්ත්‍රී සතුන්ගෙන් ඒ ඒ විවිධ පුරුෂ සතුන්ගේ ලක්ෂණ සහිත ජනිතයින් බිහි වුණා. දුර්වල සතුන් වගේම ලෙඩ රෝග වලට පහසුවෙන් ගොදුරු වන සතුන් බෝ වීම පාලනයට මෙය හේතුවක් වුණා. ස්ත්‍රී සතුන්ගේ ශරීර වගේම හෝමෝන ක්‍රියාකාරිත්වය සොබා දහමේ අවශ්‍යතාවයට අනුගතව නිර්මාණය වුණා. උදාහරණයක් විදියට සංවාසයේදී වුනත් පුරුෂයෙකු තරම් පහසුවෙන් මෙන්ම ඉක්මනින් පහසුවෙන් ස්ත්‍රියක් උපරිම වින්දනයකට එනම් සුරතාන්තයට(Climax) පත්වන්නේ නැහැ. මේ ආකාරයෙන් සලකන විට ස්ත්‍රියක් පුරුෂයෙකුට සාපේක්ෂව වැඩි ලිංගික ක්‍රියාකාරිත්වයක් ඇති කෙනෙක්.

බහු පුරුෂ ඇසුර අතීතයේ සිට පැවත ආ දෙයක් ද?

පරිණාමයේ මුල් අවධිවල එනම් ශිලා යුගයේ මුල් කාලයේ කණ්ඩායම් ලෙස ගුහා ආශ්‍රිතව ජීවත් වන යුගයේ දී ස්ත්‍රී-පුරුෂ සම්බන්ධතා විවෘත ආකාරයෙන් පැවතුනේ යයි සැලකෙනවා. සැම කෙනෙක්ම පාහේ තම අභිමතය පරිදි විවිධ ය සමග ලිංගික ඇසුර පවත්වන්නට යෙදුනා. මේ නිසා සෑම ස්ත්‍රියක් ම පාහේ පුරුෂයින් කීප දෙනෙකුට දාව දරුවන් බිහි කළා. පවුල් ලෙස කුටුම්භ වී සමාජය ගොඩනැගෙන්නට වුවත් බහු භාර්‍යා, බහු පුරුෂ සේවනය දකින්නට නොලැබුණ ක් නම් නොවේ. මේ ඇසුර සම්මත, අසම්මත දෙයාකාරයෙන් ම කොයි කාලයේත් දකින්නට ලැබුනක්. සොබා දහමට අනුගතව ගොඩ නැගුණු විවිධ මානව සංස්කෘතීන් තුල බහු පුරුෂ සේවනය සම්මතයක් ලෙසටම දකින්න ලැබුණා. එය සාමාන්‍ය පහල සමාජ ස්ථරයේ සිට ඉහල කුලීන පන්තිය දක්වාම පැතිරුනක්. උදාහරණයක් ලෙස මහා භාරත වීර කාව්‍යයේ කතා නායිකාවක ලෙස මුණ ගැසෙන ද්‍රෞපදී දේවිය ස්වාමි පුරුෂයින් පස් දෙනෙකු සිටි අයෙක්. එහිම සඳහන් පරිදි ගෞතම් වංශයේ ජටිලා ස්පතාරිෂින් ගේ(සත් දෙනෙකුගේ) බිරිඳක්. හිරන්‍යක්ෂගේ සොයුරිය වූ ප්‍රචෙති ස්වාමි පුරුෂයින් දස දෙනෙකු සිටි අයෙක්. ඉතිහාසයේ හමුවන කිරුළු පලන් රැජිණියන් බොහොමයක් බහු පුරුෂ ඇසුරේ යෙදුණු අය. ලංකා ඉතිහාසයේ අපට හමුවන අනුලා රැජිණ එවැන්නියක්. පැරණි මිසර ශිෂ්ටාචාරය තුලද කාන්තාවන්ගේ මේ බහු පුරුෂ සේවනය/විවාහය පැවතුණු සිරිතක්. මිසරයේ අවසන් පාරාවෝ රැජිණ වූ ක්ලියෝපැට්රාගේ ලිංගික චර්යාව ඊට හොඳ නිදසුනක්. ඉතා තුරුණු වියේම අයිසිස්(Isis) දෙවඟනගේ දෙවොලේ ප්‍රධාන පූජකවරිය ලෙස ඇය පත්වන්නේ පුරුෂයින් දහසකට වැඩි පිරිසක් සමග යහන්ගත්වීමෙන් පසුවයි. එය ඇය එම තනතුර වෙනුවෙන් අනිවාර්යයෙන්ම ඉටු කළ යුතු චාරිත්‍රයක් වුණා.

ක්‍රි.පූ.69-30 සමයේ මිසරය පාලනය කළ සුරූපී ක්ලියෝපැට්රා රැජිණ පුරුෂයින් දහස් ගණනක් හා යහන් ගතවූ අයෙකු සේ සැලකෙනවා.

අප්‍රිකානු සහ පෙරදිග ආසියානු බොහෝ ජන කණ්ඩායම් අතර මේ බහු පුරුෂ විවාහය අනාදිමත් කාලයක සිට පැවතුනක්. අපේ රටේ පවා බටහිර ජාතීන්ගේ ආක්‍රමණ සමග ක්‍රමයෙන් ඔවුන්ගේ ආගම, සංස්කෘතික අංග මෙහි රෝපණය වීමට පෙර එකගෙයි විසීම/එකගෙයි කෑම නමින් හඳුන්වමින් මෙම බහු පුරුෂ විවාහ ක්‍රමය පැවතුණා. මෑත කාලයක් වනතුරුම බොහෝ ගම්බද ප්‍රදේශවල(විශේෂයෙන්ම උඩරට පළාතේ) මේ විවාහ ක්‍රමය දකින්නට ලැබුනක්. ඒ බොහෝ විට එකම පවුලේ සහෝදරයින් එකම බිරිඳක් හා විසීමේ බහු පුරුෂ විවාහ ක්‍රමය(Fraternal polyandry) ලෙසටයි. මීට අමතරව සහෝදරයින් නොවන එකිනෙකා සම්බන්ධයක් නැති පුරුෂයින් කීප දෙනෙකු හා විසීමේ ක්‍රමයක්(Non-fraternal Polyandry) තිබුණත් එය සම්මත ආකාරයකින් එලෙසම මෙරට සමාජයේ දකින්නට ලැබුනේ නැහැ. නමුත් උඩරට රාජධානි සමයේ ගැමි සමාජය තුල ස්ත්‍රියකට ලිංගික ජීවිතය තුල එතරම් තහංචි පැනවුණේ නැහැ. උදාහරණයක් ලෙස සිය නිවසේ රැයක් ලැගුම් ගන්නා තමාට වඩා උසස් කුලයේ අමුත්තන් හා ඔවුන් යහන්ගත වුණේ ආගන්තුක සත්කාරයේ කොටසක් ලෙස. එය ඔවුන්ගේ ස්වාමිවරුන් විසින්ද පිළිගත් සිරිතක් වුණා. උඩරට රැජිණ ලෙස ඉතිහාස ගත වන දෝන කතිරිනා නැතිනම් කුසුමාසන දේවිය පළමුවන විමලධර්මසුරිය සහ සෙනරත් යන රජුන් දෙදෙනාටම බිසව වුණා. ඒ දෙදෙනාටම දාව දරුවන් ලැබුවා.

මේ විජේබාහු රජු එකගෙයි කන අවධියට වැදු කුමාරයෝ තුන්දෙනාට අහිමි කොට ඇතිකරපු දෙවරාජ කුමාරයට රට දෙන්නට ඕනෑ කියා…. – විජයබා කොල්ලය රාජාවලියෙහි දක්වා ඇති සටහනේ සවන විජේබාහු රජු සිය සොයුරන් හා එකගෙයි විවාහයක සිටි බව සඳහන් වෙයි.

***දෙවන කොටස ලබන සතියේ බලාපොරොත්තු වන්න.

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

4 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

5 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago