රතු කුමරිය යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු ස්පාඤ්ඤයේ මාරියා තෙරේසා කුමරිය කොරෝනා රෝගය වැළඳී මිය ගිය පළමු රාජකීයයා ලෙස හඳුන්වන්නට පුළුවන්. හය වන පිලිප් රජුගේ ඥාතිවරියක වූ ඇය ප්‍රංශයේ පැරිස් නුවරදී මිය යන විට 86 වන වියේ පසු වුණා. තෙරේසා කුමරිය ප්‍රංශයේ සෝබෝන් සරසවියේ මහාචාර්යවරියක් ද වනවා. ස්පාඤ්ඤයේ අද වන විට වාර්තා වන ආසාදිතයින් ගණන 78,797ක්. මරණ 6,528ක් වාර්තා වනවා.