ඔබවම අවතක්සේරු කරගන්න එපා. ඔබේ දක්ෂතා, හැකියාවන් ගැන ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන්න. ඔබට ලෝකය දිනන්නට හැකියි.
මට බැහැ…මම දන්නේ නැහැ…මට වාසනාවක් නැහැ…මේ ඔබ වෙලාගත් භයානක භූත ආත්ම කීපයක්. ඍණාත්මක සිතුවිලි කියන භූතාත්ම. අනෙක් අයට පුළුවන් දේවල් මට බැරි ඇයි? මම අනෙක් ය වගේ දක්ෂ…ලස්සන…කාගේවත් ආකර්ෂණයට ලක්වෙන්නේ නැත්තේ ඇයි? මේ සමහරුන්ගේ ප්‍රශ්න. හැමෝම ජීවිතේ නොලැබුණු දේවල් දිහා විතරයි බලන්න පුරුදු වෙලා ඉන්නේ. හරියට අඩක් පිරුණු වතුර වීදුරුවක හිස් වෙලා තියන කොටස ගැන දුක් වෙනවා වගේ. මේ සොබා දහම නැතිනම් දෛවය අප හිතන තරම් නරක, නපුරු දෙයක් නම් නොවේ. අපි හැමෝටම මොනවා හරි දෙයක් ලබා දීලා තිබෙනවා. අපේ තුල සැඟවුණු වටිනා දෙයක්, අපිව ඉහල තැනකට ගෙන යන දෙයක් අපේ ජීවිත තුල ගැබ් වෙලා තිබෙනවා. සැබෑ දක්ෂයා ඒ සැඟවුණු කුසලතාවය, නිධානය සොයාගෙන තැනකට එනවා. හරියට අපි පහුගිය දවසක ලිපියකින් ඉදිරිපත් කරපු රනු මොන්ඩාල්ගේ කතාව වගේ. යාචක ජීවිතයක ජීවිතේ මුල් දශක පහම හිරවෙලා දුක් විඳපු ඇගේ ජීවිතයට හදිසියේ සිදුවූ වෙනස වගේ. මුළු ලෝකයක්ම ඇය ගැන කතා කරන්නට පටන් ගත්තා. අපේ ජීවිත ගොඩ නගා ගැනීමේ ශක්තිය, හැකියාව තිබෙන්නේ අපටම පමණයි.ඔබ, කවුරු ගැන නැතත් ඔබ ගැන ආත්ම විශ්වාසයෙන් ඉන්න. ඔබට පුළුවන්. ඔබ විශේෂයි. ඔබ දක්ෂයෙක්. මේ ආශිර්වාද වදන් ටික ජීවිතේට එකතු කරගන්න. නිතර මෙනෙහි කරන්න. ඔබට ජයෙන් ජයම ලැබේවි.
01) ජීවිතේ බාධක ගැටළු ඒවි. කටු අකුලු හමු වේවි. ගල් මුල් ඒවි. ආත්ම විශ්වාසය නැති කරගන්න එපා. අරමුණ වෙත ඉදිරියටම යන්න.
02) එකිනෙකා පරාජය කරගෙන ඉදිරියට යනවා වෙනුවට තමා තුල ඇති අයහපත, ඍණ ආකල්ප පරාජය කරන්නට යත්න දරන්න. ඔබේ ලොකුම තරඟකරුවා ඔබ ම කරගන්න.
03) ඔබ කුමන ඉහලකට ගියත් හොඳ ගතිගුණ නැති කරගන්න එපා. යහපත් ගුණාංග තුලින් ඔබටත්, සමාජයටත් වැඩදායි දෙයක් කරන්නට පුළුවන් වේවි.
04) ජීවිතේ ඔබට වුණු වැරදීම්, ලැබුණු අත්දැකීම් ආශිර්වාද ලෙස සිතන්න. ඒවායෙන් ලබන පන්නරයෙන් ඔබේම මාවතක දියුණුව කරා යන්න. හැමතිස්සෙම අනුන්ගේ බහ මතම යැපෙන්න එපා.
05) ඔබ තුලටම එබී බලන්න. ඔබ ගැන ඉහලින් සිතන්න. සැඟවී ඇති දක්ෂතාවය හඳුනාගෙන වැඩි දියුණු කරගන්න.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…