Be Positive

හෙට වෙනුවෙන් අද – පියවර 03

"පෙරළුණු පිට හොඳයි කියනවා…" :) මේ අපේ ව්‍යවහාරයේ එන ජනප්‍රිය කියමනක්. ඇසූ පමණින් පුංචි හිනාවක් මුවට නැගුණත් හිතලා බැලුවොත් මේ වදන් ටිකේ තිබෙන්නේම ධනාත්මක චින්තනය.

Credit: www.freepik.com

සෑම විටම ධනාත්මකව සිතන්න. නැති, බැරි දෑ ගැන පසුතැවිලි වනවාට වඩා දන්නා, තිබෙන දෙයින් නැගිටින්න උත්සාහ කරන්න.

පෙරළුණු පිට හොඳයි කියනවා…” 🙂 මේ අපේ ව්‍යවහාරයේ එන ජනප්‍රිය කියමනක්. ඇසූ පමණින් පුංචි හිනාවක් මුවට නැගුණත් හිතලා බැලුවොත් මේ වදන් ටිකේ තිබෙන්නේම ධනාත්මක චින්තනය. ජීවිතයට ආලෝකයක් දෙන, ආරෝපණය කර ගත යුතු දෙයක්. අටලෝ දහමත් එක්ක බැඳුණු අපේ ජීවිතවලට දුක-සැප, නැතිබැරි-ඇතිහැකි කම් විටිටින් විට එනවා. ඒ ජීවිතේ. එහෙම නොවෙනවා නම් එක අතකින් අපි ඒකාකාරී කමින්ම කලකිරේවි. අභියෝග, අපිට අහිමි නමුත් හිමි කරගන්න උත්සාහ කරන දේවල් තමයි අපේ පැවැත්ම තීරණය කරන්න. අපිට ජීවත් වෙන්න, ඉදිරියට යන්න දිරියක් දෙන්නේ. නැති දේ ගැන, බැරි දේ ගැන පසුතැවෙන්න එපා. ඇති දේ, පුළුවන් දේ ගැන හිතන්න. ඒ මගින් ගොඩ යන්න උත්සාහ කරන්න. අපේ පුරුද්ද හැම විටම අපිට වඩා ඉදිරියෙන් සිටින අය සමග අපවම සංසන්දනය කරගෙන පසු තැවීම. කවදාවත් අපට වඩා පසුපසින් සිටින ය දිහා බලලා අපේ තත්ත්වය ගැන සෑහීමක් නම් කවදාවත් දකින්නේ නැහැ. අඩක් පිරුණු බඳුනේ හිස් අද මිසක් පිරුණු අඩ ගැන සෑහීමක් අප තුල නැහැ. පිරුණු අඩ දකින්න. ඉතිරි අඩ පුරවන මං සොයන්න. ඒ ජීවිතය දිනන දක්ෂයෙකුගේ ස්වභාවය. අද සාර්ථක වෙලා සිටින බොහොමයක් දෙනා නැතිබැරි කම් වගේම විවිධ කම් කටොලු මැද්දේ තමුන්ගේ ගමන ආපු අය.මේ කියන කරුණු පහ අද ජීවිතයට එකතු කරගෙන හෙට දවස දිනන්න.

01) අන් අය හා ඔබ සසඳා ගෙන පසු තැවෙන්න එපා. ධෛර්යමත් වන්න.

02) ඔබේ දැක්ම වෙනස් කරගන්න. දෙයක් සුබ හෝ අසුබ වන්නේ ඔබේ දැක්ම අනුව පමණයි

03) ධනාත්මකව දකින්න. හැම දේම වන්නේ හොඳට.

04) ඕනෑම දෙයක ප්‍රතිපලය උපේක්ෂාවෙන් දකින්න. උවමනාවට වඩා සතුටත්, පසුතැවීමත් උවමනාම නැහැ.

05) “මට වාසනවා නැහැ. මේ මගේ කරුමේ” මේ වචන ටික ඔබේ වාග් මාලාවෙන් සදහටම මකා දමන්න.

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

9 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

10 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

10 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago