Be Positive

හෙට වෙනුවෙන් අද – පියවර 04

දිනක් පුවත් පත් වාර්තා කරුවෙකු තෝමස් අල්වා එඩිසන්ගෙන් ඇසුවේ.."අසාර්ථක උත්සාහයන් 1000ක් ගැන ඔබට සිතෙන්නේ කුමක්ද? ඔබ අධෛර්යමත් වුණා ද?" එඩිසන් දුන්නේ අපූරු පිළිතුරක්."මම දහස් වතාවක් පරාජය වුණේ නැහැ. විදුලි බුබුල පියවර 1000ක් තුල සොයා ගැනුණා"

අරමුණු කරා යන ගමනේදී ලොකුම පරාජය ලබන්නට බිය වන්න එපා. ඒ ඔබේ ලොකුම ජයග්‍රහණයේ පළමු දොරටුවයි. ලබන ලොකුම පාඩමයි.

තෝමස් අල්වා එඩිසන්

තෝමස් අල්වා එඩිසන් නම ඇසූ පමණින් මතකයට එන ඊළඟ වචනය “විදුලි බුබුලයි”. නව සොයාගැනීම් වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර 2332ක් ඔහු සතු වුවත් එඩිසන් සහ විදුලි බුබුල යන පද දෙක එකකට එකක් බැඳී පවතින්නේ විදුලි බුබුල එතරම් ම අපේ ජීවිතවලට සමීප නිසා. මේ සූත්‍රිකා විදුලි බුබුල එඩිසන් අතින් අහම්බෙන් නිපදවෙන්නක් නම් නොවේ. බුබුලේ සුත්‍රිකාව(Filament) සඳහා හරියටම ගැලපෙන දේ සොයා ගැනීමට ඔහුට වාර දහසකට වඩා අත්හදා බලන්නට සිදු වුණා. ඍණාත්මක ඇසකින් බැලුවා නම් වැරදීම් දහසක්…පරාජයන් දහසක්…දිනක් පුවත් පත් වාර්තා කරුවෙකු තෝමස් අල්වා එඩිසන්ගෙන් ඇසුවේ..”අසාර්ථක උත්සාහයන් 1000ක් ගැන ඔබට සිතෙන්නේ කුමක්ද? ඔබ අධෛර්යමත් වුණා ද?” එඩිසන් දුන්නේ අපූරු පිළිතුරක්.”මම දහස් වතාවක් පරාජය වුණේ නැහැ. විදුලි බුබුල පියවර 1000ක් තුල සොයා ගැනුණා

ජය-පරාජය අටලෝ දහමේ කොටස්. අපේ ජීවිතවල උරුම. සැම විටම ලබන ජයත් අතෙකින් පරාජයක්. විටෙක ලබන පරාජයත් එක අතෙකින් ජයක්. ජය බොහෝ විට අපව උඩඟු කර අපේ සැබෑ තත්ත්වය, පසුබිම අමතක කරවන දෙයක්. අපව යතාර්ථයෙන් ඔබ්බට ගෙන යන්නට සමත් මායාවක්. ජීවිතය දිනන්නට අවශ්‍යයයි. ඒ යථාර්තය තේරුම් ගෙන. ප්‍රකෘති සිහියේ සිට. නැතිනම් කවදා හෝ අප ලබන පරාජය, බිඳවැටීම නැවත නැගී සිටින්නට බැරි එකක් වන්නට පුළුවන්. පරාජය ඔබට පවසන්නේ ඔබේ සැබෑ ස්වභාවයයි. ඔබේ සැබෑ හැකියාවන් ඇත්තේ කොතැනද යන්නයි. ඔබ කොතරම් ශක්තිමත් ද? දුර්වල ද? යන්නයි. ඒ නිසා පරාජයෙන් පසුබෑම, මානසිකව ඇද වැටීම ශක්තිමත් පෞරුශයක ලක්ෂණ නම් නොවේ. අද ඔබ ලබන පරාජයන්, ඒ අත්දැකීම් හෙට ඔබ ලබන මහා ජයග්‍රහණයේ, අති සාර්ථකත්වයේ මහා අඩිතාලම, බලකණු බවට පත්කිරීම ඔබ සතු වගකීමක්. ජය…

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago