Be Positive

හෙට වෙනුවෙන් අද – පියවර 05

කර්නල් හාර්ලන්ඩ් ඩේවිඩ් සැන්ඩර්ස්…නම ඇසූ පමණින් කවුරුන්දැයි හඳුනාගන්නට අපහසු වන්නට පුළුවන්. මේ අද අපේ කතාවේ නායකයා. නමින් තරමක් නුහුරු වුවත් කර්නල් සැන්ඩර්ස් ලෝකයට ඉතිරි කොට ගිය වෙළඳ සන්නාමය නම් ඔබ හොඳින් දන්නා..අපේ රටේ පවා දකින්නට ලැබෙන එකක්.

දියුණු වන්නට, සාර්ථක වන්නට ඇති ඔබට උවමනාව දියේ ගිලුණු අයෙකුට හුස්ම ගන්නට ඇති උවමනාව මෙන් දැනෙන්නේ යම් දිනකද එතැන් පටන් සාර්ථකත්වයේ ජය ටැඹ තෙක් ඔබේ ගමන නතර කරන්නට කිසිවෙකුට නොහැකිවනු ඇත.

කර්නල් හාර්ලන්ඩ් ඩේවිඩ් සැන්ඩර්ස්

කර්නල් හාර්ලන්ඩ් ඩේවිඩ් සැන්ඩර්ස්…නම ඇසූ පමණින් කවුරුන්දැයි හඳුනාගන්නට අපහසු වන්නට පුළුවන්. මේ අද අපේ කතාවේ නායකයා. නමින් තරමක් නුහුරු වුවත් කර්නල් සැන්ඩර්ස් ලෝකයට ඉතිරි කොට ගිය වෙළඳ සන්නාමය නම් ඔබ හොඳින් දන්නා..අපේ රටේ පවා දකින්නට ලැබෙන එකක්. ඔබ නිතර යන එන තැනක්. ඒ Kentucky Fried Chicken නැතිනම් KFC. අවන්හල් 22,621ක් සහිතව ලෝකයේ රටවල් 136ක පැතිරී ඇති KFC ලෝකයේ දෙවන විශාලතම අවන්හල් ජාලය වනවා. කර්නල් සැන්ඩර්ස් මේ අති විශාල වෙළඳ සන්නාමය ගොඩ නැගුවේ එක රැයකින් නම් නොවේ. මවුපියන්ගෙන් ලැබුණු විශාල ධනයකින් වත් නොවේ. ඔහු ආ ගමන ඔබටද, මටද ආදර්ශයක්.

“කර්නල්” ලෙස නමේ මුලට තිබුණත් එය මිල්ටරි තනතුරක් නම් නොවේ. කෙන්ටකි ප්‍රාන්තයේ වැසියන්ට ලැබිය හැකි ඉහලම ගෞරව නාමයක්. කර්නල් සැන්ඩර්ස් සිය තරුණ වියේදී රැකියා රැසක් නිරත් වූවෙක්. කොන්දොස්තරවරයෙක්, හමුදා භටයෙක්,බොයිලේරු ක්‍රියාකරවන්නෙක්, ඉන්ධන පිරවුම්හල් සේවකයෙක්, රක්‍ෂණ නියෝජිතයෙක් ආදී ලෙස කටයුතු කළ ඔහු දැඩි ආර්ථික අපහසුතා රැසකට ගොදුරු වන්නේ 1929-30 කාලය තුල මුළු මහත් ඇමෙරිකා එක්සත් ජනපදයටම බල පෑ ආර්ථික බිඳවැටීම(Great Depression) හමුවේ. මේ සමයේ කීයක් හෝ උපයා ගැනීමේ අරමුණින් සැන්ඩර්ස් බැදපු කුකුළු මස්(Fried chicken) අලෙවි සලක් පුංචියට ඇරඹුවා. පසු කාලීනව මෙම වෙළඳ සැලත් විකුණා දැමීමට කර්නල් ට සිදුවුණා.

1939දී විශේෂ ඖෂධීය කුළුබඩු වර්ග 11ක් යොදා ගනිමින් සැකසු අපූරු Fried chicken වට්ටෝරුව සැකසුවේ කර්නල් විසින්මයි. පසුව මේ අපූරු වට්ටෝරුව වෙනත් අවන්හල් වලට හඳුන්වා දෙමින් එමගින් මුදල් ඉපැයීමට ඔහු තීරණය කළත් එය පහසු වුණේ නම් නැහැ. මේ නියම KFC කුකුළු මස් වට්ටෝරුව 1009 වරක් ප්‍රතික්ෂේප වුණා. එක වරක්…දෙවරක්…උපරිම සිය වරක් !!! නමුත් ඇත්ත නම් 1009 වරක් ප්‍රතික්ෂේප වුණා. නමුත් කර්නල් ට කරුණු දෙකක් පිලිබඳ විශ්වාසය බිඳ වැටුණේ නැහැ. එකක් තමුන් සොයගත් මේ ආහාර වට්ටෝරුව ගැන විශ්වාසය. අනෙක දියුණු වන්නට, සාර්ථක වන්නට තමන් තුල ඇති උවමනාව පිලිබඳ විශ්වාසය. අනෙක් අතට මේ සියල්ල සිදුවන විට ඔහු තරුණයෙකු නම් නොවේ, මේ ලිපිය ලියන, කියවන මමත්, ඔබත් බහුතරයක් වගේ ජීවිතයේ දෙවන, තුන්වන දශකවල සිටියෙක් ද නොවේ. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 69ක්. අවසානයේ ඌටාහි අවන්හලක් හා ඇති කරගත් ගිවිසුමක් අනුව තම “Fried chicken රහස් වට්ටෝරුව” එහි අත් හදා බලන්නට කර්නල් සැන්ඩර්ස් ට ඉඩක් ලැබුණා. ඒ 1952දී. එහි සාර්ථකත්වය නිසාවෙන්ම ඔහු හා එක්ව කටයුතු කිරීමට තවත් වෙළඳ සැල් රැසක් එක වුණා. ඒ කුකුළෙකු වෙනුවෙන් ඔහුට ඩොලර් 0.04ක් ගෙවමින්. 1964 වන විට KFC වට්ටෝරුව රැගත් වෙළඳ සැල් ජාලය 600 ඉක්මවූවා. 1980 ජුනි 16 දින කර්නල් සැන්ඩර්ස් මිය යන්නේ වයස අවුරුදු 90දී. ඒ වන විට ලෝකය පුරා රටවල් 48ක අලෙවිසැල් 6000කට අධික ප්‍රමාණයකින් KFC ජාලය ව්‍යාප්තව තිබුණා. ඒ වන විට එහි වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක්(අද වන විට මෙම අගය ඇමෙරිකානු ඩොලර් බිලියන 6 ඉක්මවා තිබෙනවා)

කර්නල් සෑන්ඩර්ස් අපට තබා ගිය පාඩම් කීපයක් වනවා. වයස හුදෙක් ඉලක්කමක් ම පමණයි. සාර්ථකත්වය සොයා යන්නෙක් කවදාවත් වයස, අත ඇති වත්කම් ගැන සිතන්නේ නැහැ. අනේක බාධක මැද හෝ සිය අරමුණ කරා යෑම ඔහුගේ එකම අභිප්‍රාය. ප්‍රතික්ෂේප වීම්, වැරදීම්, බිඳවැටීම් සාර්ථක ජීවිතවල අනිවාර්ය අංග. ඒවා පුද්ගලයෙකු ධෛර්යමත් කිරීමට එන වෙස්වලාගත් ආශිර්වාද. වැරදි නිවැරදි කරගැනීමට ලැබෙන හොඳ ම අවස්ථා. පවතින රාමුවෙන් පිට, සම්ප්‍රදායෙන් පිට(out of the box) සිතන්නෙකුට දියුණුවන්නට මගක් සොයා ගැනීම අපහසු වන්නේ නැහැ. වැදගත්ම දෙය ඔබේ ඉලක්කය කරා ලඟා වනතුරු උත්සාහවන්තව, සිතෙන් ශක්තිමත්ව කටයුතු කිරීමයි.

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago