ඔබේ සාර්ථකත්වයට බාධාවක් වන ඕනෑම අයෙකුට, දෙයකට "නැහැ", "බෑ", "එපා" කියන්නට දෙවරක් සිතන්නට එපා.
ඔබේ සාර්ථකත්වයට බාධාවක් වන්නේ යම් දෙයක්ද, යම් කෙනෙක්ද, එය තීක්ෂණ බුද්ධියෙන් ක්ෂණිකව වටහා ගත හැකි නම් එවැනි බාධකයකින් ඉවත්වීම මහා අපහසු දෙයක් නොවේ. සෑමවිටකම බුද්ධිමතා මෙවැනි අවස්ථාවල තැනට සුදුසු උපාය භාවිත කර, අපේ කියමනට කියන්නාක් මෙන් “රැවුලත් කැඳත් දෙකම බේරාගෙන” ගැටලුවෙන් ගැලවේ. එසේ කිරීමට ඔබ අපොහොසත් වුණොත් පාඩුව ඔබටමයි. සෑම විටෙකම ඔබට මුණ ගැසෙන පුද්ගලයින් ඔබේ දියණුවට හේතුවන අය නම් නොවේ. එවැන්නන්ගේ සිත රිදවීමට අකමැත්තෙන් ඔවුන් හා කටයුතු කිරීමෙන් ඔබට හොඳ නම, මිල මුදල්, වස්තුව, ඔබේ සමීපතයින් අහිමි වීමට ඉඩක් තිබෙනවා. ඔබ කරා එන උවදුරු, උවදුරුවලට හේතුවන පුද්ගලයින් ක්ෂණිකව හඳුනාගත හැකි නම් ඉන් මිදීමට අපූරු, පහසු මන්තරයක් තිබෙනවා. ඒ සරල පුංචි වචන 03ක්. “නැහැ”, “බෑ”, “එපා”. අවශ්‍ය තැනකදී මේ වචන භාවිත කරන්නට දෙවරක් සිතන්න එපා. අනුන්ගේ හිත හැදීමට කලින් ඔබේ යහපත ගැන සිතීම කිසිම විටෙක ආත්මාර්ථකාමී කමක් වන්නේ නැහැ.
කෙනෙකුට උදව් පදව් කිරීම, දනට පිනට දීම හොඳ පුරුදු. ඒවා නැති කරගන්න එපා. නමුත් ඔබට පාවිච්චියට ගන්නා, ඔබට ප්‍රයෝජනවත් දෙයක් වෙනත් අයෙකුට දීමේදී දෙවරක් සිතන්න. එය නැවත පරිස්සමින්, ඔබට උවමනා විට ලබා දෙන්නන්ට පමණක් එවැනි උදව් කරන්න. සමහරුන් පුරුද්දක් ලෙස අන් සතු දේ රැගෙන ගොස් අමතක කිරීම ඕනෑ තරම් දකින්නට ලැබෙන්නක්. එවැන්නන්ට නොපැකිල “නැහැ” කියන්න පුරුදු වන්න.
යහළු යෙහෙලියන් ජීවිතයට අවශ්‍යයයි. නමුත් කල්‍යාණ මිත්‍රයින්. එවැන්නන් නැතිනම් තනිව සිටීම සැපක්. සමහර වෙලාවට අපේ මුළු ජීවිතම අඳුරු කරන්නේ නරක ඇසුර. මිතුරු වෙසින් අප වෙත එන සමහර පිරිස් උත්සාහ කරන්නෙත් තමන්ගේ ලාභ ප්‍රයෝජන. බොහෝ තරුණ ජීවිත මත රකුසාට බිලිවී තිබෙන්නෙත් මිතුරන්ගේ සිත රිදේ යයි සිතා “බෑ”, “එපා” නොකියා අත්හදා බැලීම් කිරීමෙන්. අනෙක් අතට ගැහැණු අපට මුහුණ පාන්නට වන කටුක සත්‍යයක් තමා විරුද්ධ පාර්ශව වලින් එන යෝජනා. මෙවැනි දේට බුද්ධිමත්ව නොසිතා පිළිතුරු දීම ජීවිත අඳුරට වැටීමට, අනියම් ඇසුරෙහි පැටලීමට හේතුවක්. ඒ නිසා “බෑ” වචනය වාග් මාලාවේ නිතර තබා ගැනීමෙන් මෙවැනි උගුල්වලින් බේරෙන්නට පුළුවන්.
වෙළඳ ප්‍රචාරණය නැති තැනක් නැති තරම්. කොහේ ගියත් මොනවා හෝ දෙයක්. මෙවැනි දේවලදී අනවශ්‍ය දේට “එපා” වචනය භාවිත නොකළොත් එය බලපාන්නේ මුදල් පසුම්බියට. නාස්ති කරන්න පහසු උපයන්න අමාරු දෙයක් තමා…මුදල්. ඒ නිසා එපා දේට “එපා” කියන්න දෙවරක් හිතන්න එපා. ජය…
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…