Be Positive

හෙට වෙනුවෙන් අද – පියවර 06

ඔබේ සාර්ථකත්වයට බාධාවක් වන ඕනෑම අයෙකුට, දෙයකට "නැහැ", "බෑ", "එපා" කියන්නට දෙවරක් සිතන්නට එපා.


ඔබේ සාර්ථකත්වයට බාධාවක් වන ඕනෑම අයෙකුට, දෙයකට “නැහැ”, “බෑ”, “එපා” කියන්නට දෙවරක් සිතන්නට එපා.

Courtesy: www.giphy.com

ඔබේ සාර්ථකත්වයට බාධාවක් වන්නේ යම් දෙයක්ද, යම් කෙනෙක්ද, එය තීක්ෂණ බුද්ධියෙන් ක්ෂණිකව වටහා ගත හැකි නම් එවැනි බාධකයකින් ඉවත්වීම මහා අපහසු දෙයක් නොවේ. සෑමවිටකම බුද්ධිමතා මෙවැනි අවස්ථාවල තැනට සුදුසු උපාය භාවිත කර, අපේ කියමනට කියන්නාක් මෙන් “රැවුලත් කැඳත් දෙකම බේරාගෙන” ගැටලුවෙන් ගැලවේ. එසේ කිරීමට ඔබ අපොහොසත් වුණොත් පාඩුව ඔබටමයි. සෑම විටෙකම ඔබට මුණ ගැසෙන පුද්ගලයින් ඔබේ දියණුවට හේතුවන අය නම් නොවේ. එවැන්නන්ගේ සිත රිදවීමට අකමැත්තෙන් ඔවුන් හා කටයුතු කිරීමෙන් ඔබට හොඳ නම, මිල මුදල්, වස්තුව, ඔබේ සමීපතයින් අහිමි වීමට ඉඩක් තිබෙනවා. ඔබ කරා එන උවදුරු, උවදුරුවලට හේතුවන පුද්ගලයින් ක්ෂණිකව හඳුනාගත හැකි නම් ඉන් මිදීමට අපූරු, පහසු මන්තරයක් තිබෙනවා. ඒ සරල පුංචි වචන 03ක්. “නැහැ”, “බෑ”, “එපා”. අවශ්‍ය තැනකදී මේ වචන භාවිත කරන්නට දෙවරක් සිතන්න එපා. අනුන්ගේ හිත හැදීමට කලින් ඔබේ යහපත ගැන සිතීම කිසිම විටෙක ආත්මාර්ථකාමී කමක් වන්නේ නැහැ.

කෙනෙකුට උදව් පදව් කිරීම, දනට පිනට දීම හොඳ පුරුදු. ඒවා නැති කරගන්න එපා. නමුත් ඔබට පාවිච්චියට ගන්නා, ඔබට ප්‍රයෝජනවත් දෙයක් වෙනත් අයෙකුට දීමේදී දෙවරක් සිතන්න. එය නැවත පරිස්සමින්, ඔබට උවමනා විට ලබා දෙන්නන්ට පමණක් එවැනි උදව් කරන්න. සමහරුන් පුරුද්දක් ලෙස අන් සතු දේ රැගෙන ගොස් අමතක කිරීම ඕනෑ තරම් දකින්නට ලැබෙන්නක්. එවැන්නන්ට නොපැකිල “නැහැ” කියන්න පුරුදු වන්න.

යහළු යෙහෙලියන් ජීවිතයට අවශ්‍යයයි. නමුත් කල්‍යාණ මිත්‍රයින්. එවැන්නන් නැතිනම් තනිව සිටීම සැපක්. සමහර වෙලාවට අපේ මුළු ජීවිතම අඳුරු කරන්නේ නරක ඇසුර. මිතුරු වෙසින් අප වෙත එන සමහර පිරිස් උත්සාහ කරන්නෙත් තමන්ගේ ලාභ ප්‍රයෝජන. බොහෝ තරුණ ජීවිත මත රකුසාට බිලිවී තිබෙන්නෙත් මිතුරන්ගේ සිත රිදේ යයි සිතා “බෑ”, “එපා” නොකියා අත්හදා බැලීම් කිරීමෙන්. අනෙක් අතට ගැහැණු අපට මුහුණ පාන්නට වන කටුක සත්‍යයක් තමා විරුද්ධ පාර්ශව වලින් එන යෝජනා. මෙවැනි දේට බුද්ධිමත්ව නොසිතා පිළිතුරු දීම ජීවිත අඳුරට වැටීමට, අනියම් ඇසුරෙහි පැටලීමට හේතුවක්. ඒ නිසා “බෑ” වචනය වාග් මාලාවේ නිතර තබා ගැනීමෙන් මෙවැනි උගුල්වලින් බේරෙන්නට පුළුවන්.

වෙළඳ ප්‍රචාරණය නැති තැනක් නැති තරම්. කොහේ ගියත් මොනවා හෝ දෙයක්. මෙවැනි දේවලදී අනවශ්‍ය දේට “එපා” වචනය භාවිත නොකළොත් එය බලපාන්නේ මුදල් පසුම්බියට. නාස්ති කරන්න පහසු උපයන්න අමාරු දෙයක් තමා…මුදල්. ඒ නිසා එපා දේට “එපා” කියන්න දෙවරක් හිතන්න එපා. ජය…

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

9 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

10 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

10 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago