Be Positive

හෙට වෙනුවෙන් අද – පියවර 07

කල් ඇතිව දවස සැලසුම් කරන්න. එදිනට අදාළ ඉලක්ක එදිනම සම්පූර්ණ කරන්නට වෙහෙසෙන්න. ජයග්‍රහණයේ මාවතට ඔබ අවතීර්ණ වනු ඇති.

කල් ඇතිව දවස සැලසුම් කරන්න. එදිනට අදාළ ඉලක්ක එදිනම සම්පූර්ණ කරන්නට වෙහෙසෙන්න. ජයග්‍රහණයේ මාවතට ඔබ අවතීර්ණ වනු ඇති.

ජීවිතය නියත අගයක්. හැම කෙනාටම එකම අගයක් නම් නොවේ. හැමදෙනාටම නියම වුණු අවුරුදු ගණනක්, දින ගණනක්, පැය ගණනක් තියනවා. දවසක පැය ගණන, මිනිත්තු ගණන, තත්පර ගණන අපට තබා ලෝක බලවතාටවත් වෙනස් කරන්න නම් බැහැ. ඒ නිසා අපට කළ හැකි එකම දේ නම් අපේ දෛනික කටයුතු මනා ලෙස කළමනාකරණය කර ගැනීම පමණයි. එය සාර්ථක කෙනෙකු ලෙස ගොඩ නැගෙන්න වගේම සාර්ථක කෙනෙකු ලෙස නමක් තබා යන්නත් හේතු වේවි.

වේලාසන අවදි වී දවස ආරම්භ කිරීම ඉතා හොඳ පුරුද්දක්. අවදි වුණු විගස මිදුලට බැහැලා හොඳ නැවුම් හුස්මක් ගන්න. වතුර වීදුරුවක්ම බොන්න. දැන් කොලයක් අරගෙන පැත්තකට වෙලා දවසේ වැඩ කටයුතු ටික සටහන් කරන්න. මේ පුරුද්ද අනිවාර්යයෙන්ම ජීවිතයට එකතු කර ගන්න. කරන්න තිබෙන දේවල් මතක් කර කර ඔලුව වෙහෙසන්න උවමනාවක් උවමනා නැහැ. එකින් එක පැවරුණු කටයුතු සම්පූර්ණ කරන විට සටහනක් දමා ගන්න. ලැයිස්තුව සම්පූර්ණ වන විට ලොකු සතුටක් වගේම අලුත් ජවයකුත් ලැබේවි.එදා දවසේ වැඩ එදිනෙම අවසන් කරගන්න උපරිම උත්සාහ කරන්න. එසේ අතපසු වන යමක් ඇත්නම් එය සටහන් කරගන්න. අනෙක් දවසට තබන්න. නැවත එවැනි අතපසු වීම් වලක්වා ගන්න උත්සාහ කරන්න.

අද ගැහැණු-පිරිමි භේදයක් නැතිව හැමෝම කාර්යබහුල වෙලා. නිවසෙන් පිටවන විට හොඳ සිහියකින් කටයුතු වලට යන්න නම් නිවසේ සම්පූර්ණ කළ යුතු වැඩකොටසක් තිබේවි. ඒ ටික නම් බොහෝ වෙලාවට කාන්තා අපටම පැවරුණු ඒවා. ඉතින් කල් ඇතුව කලට වෙලාවට ඒ වැඩ ටික හමාර කරගන්න. දැන් ඔබට හොඳ සිහියෙන් කාර්යාලයේ හෝ ඔබේ ව්‍යාපාරයේ හෝ අනෙකුත් බාහිර වැඩකට පිටත් වෙන්න පුළුවන්. ගෙදර ප්‍රශ්න, වැඩ ඒ තැන්වලට ගෙනියන්න එපා. ඔබේ රාජකාරි වැඩ උපරිමයෙන් ඒ දවස තුලම හමාර කරන්න. හෙට දවසේ වැඩවලින් පුංචි කොටසක් හෝ අද ඉතුරුවන කාලයකදී අවසන් කරගන්න පුළුවන් නම් හෙට වැඩ පහසු වේවි. හිතේ බරෙන් කොටසක් අඩු වේවි.

පුංචි සටහන් පොතක්, ඔබේ ජංගම දුරකථනයේ ඇති app, පරිගණකයේ organizer, sticky note වගේ දේවල් භාවිතයට හුරුවෙන්න

පුංචි සටහන් පොතක්, ඔබේ ජංගම දුරකථනයේ ඇති app, පරිගණකයේ organizer, sticky note වගේ දේවල් භාවිතයට හුරුවෙන්න. සමහර වෙලාවට ඒවාට පුංචි මුදලක් වියදම් වුණත් ඒ ඔබේ අනාගත සාර්ථකත්වයට කරන ආයෝජන. ඔලුව ඇතුලේ රඳවා ගතයුතු දහසක් දේ එවැනි දේවලට පවරන්න. ඔබට කලට වෙලාවට උවමනා දේ මතක් කරන්න ඒවා උදව් වේවි. ඉතින් සුබ අනාගතයකට මේ කරුණු ටික ඔබේ ජීවන රටාවට ආරෝපණය කර ගන්න. ජය….

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

2 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

3 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago