සිය මවගේ මරණ මංචකයේ වැළපෙමින් ඇගේ සිහින සැබෑ කර පෙන්වීමට අපොහොසත් ව සිටි තරුණයෙක් අවසානයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 19ක වටිනාකමක් දිනා ගැනීමට සමත් වුණා.
මී කුණක් විකුණා ධනවතෙකු වූ අයෙකු ගැන කතාවක් බෞද්ධ සාහිත්‍යයේ ඔබ බොහෝ දෙනෙක් අසා ඇති. කිසිදු මුදලක් සන්තකේ නොවුවත් මී කුණ මගින් දියුණුව කරා පිය නගන්න ඔහුට සිතුවිල්ලක් සහ උවමනාවක් ඇති වුණා. අද අපේ කතාවේ නිදසුනත් එවැන්නෙකු ගැන. ඒ Jan Koum. යුක්රේනයේ පුංචි දුෂ්කර ගමක(Keiv) උපන් ඔහු සිහින තනන්නගේ දේශය නැතිනම් ඇමෙරිකා එකසත් ජනපදයේ කැලිෆෝර්නියාවට 1992 ඔහුගේ මව සහ මිත්තණිය සමග සේන්දු වන්නේ ජීවිතය දිනා ගැනීමේ අරමුණින්. කිසිවක් අත නොවූ ඔවුනට හිසට වහලක් දෙමින් පිළිසරණ වන්නේත් සමාජ සුබසාධන ආයතනයක් මගින්. මව සහ ජුන් දෙදෙනාම පුංචි රැකියාවල නිරත වෙමින් ජීවිතය ගැට ගසා ගන්නට උත්සාහ දරනවා. දෛවයේ සරදමකට දෝ ජුන්ගේ මව පිළිකා රෝගයට ගොදුරු වනවා. මව සුවපත් කර ගැනීමත් ඔහුට ලොකු අභියෝගයක් වනවා. මව 2000 වසරේදී මිය යන්නේ සිය පුතුගේ දියුණුවක් ද නොදකිමින්. මේ කුමන බාධකය පැමිණියත් ජාන්ගේ සිත රැඳුණු අරමුණ පරිගණක ක්‍රමලේඛන අංශයෙන් තැනකට පැමිණීම. සිල්ලර වෙළඳ සලක පුංචි රැකියාවක යෙදෙන අතරතුරම බොහෝ දුෂ්කරතා මැද ඔහු සිය ඉගෙනීම අත්හළේ නැහැ. මේ අතර තුර පරිගණක ක්ෂේත්‍රයේ රැකියාවලට යොමුවන ජාන් Yahoo සමාගමේ රැකියාවක් ලබන්නේ ඔහු සතු වූ පරිගණක දැනුම නිසාවෙන්. මෙහිදී ඔහුට හොඳ මිතුරෙකු මුණ ගැසෙනවා. ඒ බ්‍රයන් ඇක්ටන්(Brian Acton). පසු කාලිනව Yahoo හැර යන දෙදෙනාම ඒ වනවිට සිලිකන් වැලියේ අලුතින් ගොඩ නැගෙන අධිරාජ්‍යයට සම්බන්ද වීමට උත්සාහ කරනවා. ඒ මාක් සකර්බර්ග් ගේ Facebook සමාගමට. නමුත් දෙදෙනාම ප්‍රතික්ෂේප වනවා. නමුත් ජුන් සිය උත්සාහය ඇත හරින්නේ නැහැ. සිය මිතුරා හා එක්ව ජංගම දුරකථන හා උපාංග පරිශීලකයින් සඳහා අන්තර්ජාලය පාදක පණිවුඩ හුවමාරු යෙදුමක් ගොඩ නගන්නේ කෙසේ හෝ ජය ගනිමු යන ස්ථිර අදිටනින්. ඒ ඔබ මම හොඳින් දන්නා, දිනපතා භාවිතා කරන WhatsApp. 2014දී මාක් සකර්බර්ග් පෞද්ගලිකවම ජාන් හා පවත්වන හමුවක ප්‍රතිපලයක් ලෙස Facebook සමාගම විසින් WhatsApp මිලට ගන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 19කට.
අද ජීවිතය දිනූ අය අතර මෙවැනි කතා ඇති තරම් දකින්නට ලැබෙනවා. මහා වස්තුවක් අත නැතිව, උත්සාහය සහ දැනුම නිසා සාර්ථක වූවන් ගේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ තම අරමුණ පිලිබඳ ඇති විශ්වාසය හා නොපසුබස්නා ධෛර්යයයි. අද ඔබ අත මිල මුදල් නැති වන්නට පුළුවන්. අනේක විද කරදර ගොන්නක ගිලී සිටිනවා වන්නට පුළුවන්. නමුත් ඔබේ ගැලවුම් කරුවා ඔබම පමණයි. ඔබ සතු දැනුමක් ඇති, නිර්මානශිලී හැකියාවන් ඇති. මොහොතක් සිතන්න. ඒ මගකින් ජීවිතය දිනන්නට. උත්සාහය ඇති කර ගන්න. බාධක නිසා පසුබහින්න එපා. ඉදිරියට ම යන්න. අරමුණ ගැන විශ්වාසය තබන්න. හෙට ඔබ ජීවිතය ජය ගනීවි. මේ ඔබේ වාරයයි.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…