ගහක පිපෙනා මලකට ආදරය කරන්න ඒ මල කඩා ගන්නට උවමනා නැහැ. ගලනා දොලකට ආදරය කරන්න දොළ හරස් කර බැමි බැඳිය යුතු නැහැ. මිනිසෙකුගේ මිනිසත් කමට, උතුම් ගුණ ධර්මවලට ආදරය කරන්න ඒ කෙනා අපේම විය යුතු නැහැ.
ආදරය….අකුරු හතරක් දෙමළෙන් කිව්වත් காதல்…ඉංග්‍රීසියෙන් කිව්වත් LOVE…හින්දියෙන් කිව්වත් मोहब्बत…මේ අකුරු හතරේ සැඟවිලා තිබෙන බලය අපූරු එකක්. ලෝකය ලස්සන කරන, සුවපත් කරන අපූරු මායාවී බලයක් මේ ඇතුලේ ගැබ් වෙලා තියනවා. ආදරය හරි සොඳුරු හැඟීමක්. ආදරය කියන්නේ තනිවම බදාගෙන, තමන්ගේම කියාගෙන, තණ්හාවෙන් තබාගන්නා දෙයක් නම් නොවේ. බෙදා ගැනීම, පරිත්‍යාගය, රැක බලා ගැනීම මේ ආදර කුලකයේ සාමාජිකයින්.
ආදරය ලිංගිකත්වය සමග බැඳුණු එක සහකරුවෙකු/සහකාරියක කෙරෙහි ගොඩ නැගෙන්නක් නොවේ. ආදරය පුළුල් පරාසයක පැතිරුණු දෙයක්. “මම” කියන භූමිකාවේ පටන් සහකරුට/සහකාරියට, දරුවන්ට, මව්පියන්ට, ඥාති හිත මිතුරු අසල්වැසියන් පටන් මුළු මහත් මිනිස් වර්ගයාටම, සතුනට, ගහ කොළට මේ සැම කෙනෙකුටම, දෙයකටම පැතිරවිය යුතු දෙයක්. ඔබ ආදරය කරන තරමටම ඔබටත් පෙරලා ආදරය ලැබෙනු ඇති. සොබා දහම…ඒ කියන්නේ ගස් වැල්, ගංගා ඇල දොළ මේ සියල්ල එහිම කොටසක් වුණු ඔබට…මට මහා ආදරයක් දක්වනවා. නමුත් මේ දේ අප වටහා ගෙන නැහැ. මහා ගසක් එය පොරෝ පහරින් බිම හෙලන්නාට පවා සෙවණ දෙනවා. ඒ සොබා දහමේ ආදරය, කරුණාව. අපි ඒ සා ආදරයක් අපට දෙන සොබා දහම විනාශ කරනවා. වටහා නොගන්නා දේ නම් ඒ විනාශය අපෙත් විනාශය වග.
ගහක පිපෙනා මලකට ආදරය කරන්න ඒ මල කඩා ගන්නට උවමනා නැහැ. ගලනා දොලකට ආදරය කරන්න දොළ හරස් කර බැමි බැඳිය යුතු නැහැ. මිනිසෙකුගේ මිනිසත් කමට, උතුම් ගුණ ධර්මවලට ආදරය කරන්න ඒ කෙනා අපේම විය යුතු නැහැ. අපේ බසම කතා කළ යුතු නැහැ. අපේ ජාතියේම විය යුතු නැහැ. අපේ ආගමේ ම විය යුතු නැහැ. සකල ලෝකයටම ආදරය කරන්න. ආදරයට ආදරය කරන්න. ඔබට පෙරලා ආදරය ලැබෙනු ඇති.අන්තිමේ සටහන් තියන්නේ චන්දන ලියනාරච්චි මහත්මයාගේ ගීතයකින්…
ප්‍රේමය ලොව සැම තැනම ඇති – හැම දෙනාටම හමුවෙලා ඇති
එනමුදු ප්‍රේමය කිමැයි කියා – හඳුනාගත් කිසි කෙනෙකු නැති
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…