අපි අද ඔයාලට කියන්න යන්නේ ඒ වගේ ඔයාලට එදිනෙදා වැඩකටයුතු වලදී ගොඩක් ප්‍රයෝජනවත් App එකක් ගැන. මේක අලුත්ම එකක් නම් නොවේ. බොහෝ වෙලාවට මේ වෙනකොටත් මේ App එකේ ප්‍රතිලාභ ලබනවාත් ඇති. මේ Nation Trust Bank එක හඳුන්වා දුන් FriMi Digital Bank App එක.
තාක්ෂණයේ පෙරළිකාර සොයාගැනීම් එක්ක අද ලෝකේ ලොකු වෙනසකට ලක්වෙලා. ස්මාර්ට් ෆෝන්, ටැබ්, පරිගණක, මොබයිල් ඇප් නිසා එදිනෙදා කටයුතු ගොඩක් පහසුවෙලා. ලෝකය කුඩා වෙලා වගේ. මීට අවුරුදු 10-15කට කලින් තිබුණු දුරස්ථ බව අඩුවෙලා ලෝකය විශ්ව ගම්මානයක් වෙලා වගේම කලින් දුවලා පැනලා මහන්සියෙන් ලොකු වෙලාවක් වෙන්කරලා කරන්න වුණු ගොඩක් දේවල් පුංචි තත්පර ගාණකින් අතේ තියන ෆෝන් එකෙන්ම කරගන්න පුළුවන් වෙලා.
මේ තාක්ෂණික ලෝකේ අපේ ලාංකික කාන්තාවන් ඉදිරියෙන් සිටින එක අපිට ඇත්තටම ආඩම්බරයක්. අපේ ස්මාර්ට් කාන්තාවන් ගොඩක් වෙලාවට Smartphone, App එක්ක update. අපි අද ඔයාලට කියන්න යන්නේ ඒ වගේ ඔයාලට එදිනෙදා වැඩකටයුතු වලදී ගොඩක් ප්‍රයෝජනවත් App එකක් ගැන. මේක අලුත්ම එකක් නම් නොවේ. බොහෝ වෙලාවට මේ වෙනකොටත් මේ App එකේ ප්‍රතිලාභ ලබනවාත් ඇති. මේ Nation Trust Bank එක හඳුන්වා දුන් FriMi Digital Bank App එක.
FriMi කියන්නේ Digital Bank එකක්, Mobile Wallet එකක්, Online payment system එකක්. ඔක්කොම ටික එකම තැනකට එකතුකරලා හදපු app එකක්. මුදල්, පාස් පොත් අතේ තියාගෙන වැඩ නොවී ඔබේ අතේ තියන Smartphone එකෙන් සියලුම බැංකු කටයුතු කරන ගමන් තවත් ඔබට හිතාගන්නටත් බැරි වාසි රැසක් අත්විඳින්න පුළුවන් app එකක්.
FriMi ඔබට ලබා දෙන්නේ මෙරට බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Nation Trust බැංකුව. ඒත් මේ පහසුකම ලබන්න ඔබට බැංකු ගිණුමක් අවශ්‍ය වන්නේ නැහැ. කිසිම බැංකු ගිණුමක් නැතිව වුණත් ඔබට බැංකුවකින් වන සියලු පහසුකමක්ම වගේ මෙමගින් ලබන්න පුළුවන්.
01) FriMe ගිණුම් හිමිකරුවන් ජංගම දුරකථන අංකය පමණක් යොදාගනිමින් බොහොම පහසුවෙන් මුදල් හුවමාරු කරගත හැකිය.
02) කිසිඳු අමතර ගාස්තුවකින් තොරව ඕනෑම බැංකු ගිණුමකට මුදල් හුවමාරු කිරීම පහසුවෙන් කළ හැකියි. එමෙන්ම ඔබේ බැංකු ගිණුම් අතර මුදල් ගනුදෙනුද මේ මගින් පහසුවෙන් කළ හැකියි.
03) Cash Token – බැංකු ගිණුමක් හෝ FriMe ගිණුමක් නැතත් ඔබට Cash Token මගින් මුදල් යැවීම කළ හැකියි. ජංගම දුරකථන අංකයට යවන මෙම මුදල් ඔබට පහසුවෙන් ඕනෑම NTB ATM යන්ත්‍රයක් මගින් ලබා ගත හැකියි.
04) QR Payment – FriMe භාවිත කරන වෙළඳ සල්වලදී ඔබට QR(Quick Response) code scan කිරීම මගින් පහසුවෙන් මුදල් ගෙවීම් සිදු කළ හැකියි.
05) NFC(Near Field Communication) සක්‍රීය ගෙවීම් සඳහා ද දැන් FriMe ඔබට යොදා ගත හැකියි.
06) ඔබේ FriMe ගිණුමේ මුදල් සඳහා අමතර පොලියක් ගෙවීමටද Nation Trust බැංකුව සැදී පැහැදී සිටිනවා. ඔබ කළ යුත්තේ ඔබේ FriMe ගිණුමේ අවම වශයෙන් රු.50000/=ක ශේෂයක් හෝ පවත්වා ගැනීමයි. ඔබට මේ වෙනුවෙන් 7% වාර්ෂික පොලී අනුපාතිකය යටතේ අමතර පොලියක් හිමි වනවා.
07) නිවාඩු දවස්වලදී මිතුරුමිතුරියන් සමග විනෝදයෙන් ගතකරන්න අකමැති කවුද? එසේ ඔබ යන එන කන බොන විට සියලු දෙනා එකතුවී වියදම් බෙදාහදා ගැනීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. FriMe මගින්ද ඔබේ වියදම් මිතුරුමිතුරියන් සමග බෙදාහදාගෙන කළ හැකි වීම විශේෂ වාසියක්.
08) අවශ්‍ය නම් FriMe මගින් ඔබට ලබා ගත හැකි හර(Debit) කාඩ් පත මගින් ඔබට ලංකාවේ ඕනෑම ATM යන්ත්‍රයකින් අමතර ගාස්තුවකින් තොරව මුදල් ලබා ගත හැකියි.
09) FriMe මගින් අපේ මිතුරියන්ට ලබාගත හැකි හොඳම වාසි ටික ගැන අපි දැන් කියන්නට යන්නේ. ඒ තමයි Cash Back වාසිය. FriMe ලොකු පවුලක එකතුවක් දිවයින පුරා දහස් ගණනක් වෙළඳ සන්නාම වගේම ව්‍යාපාර රැසක් මේ සමග එකතුවෙලා සිටිනවා. එවැනි FriMe පහසුකම සහිත තැන්වලදී ඔබට මිලදී ගැනීම් සඳහා විශාල වට්ටම් ලබා ගත හැකි සේම Cash Back වාසි ලබාගත හැකියි. උදාහරණයක් ලෙස 50% Cash Back වාසිය ලැබෙන තැනකින් ඔබ FriMe මගින් රු. 10000/= ගෙවීමක් කළේ යයි සිතමු. නැවත ඔබේ FriMe ගිණුමට රු.5000/= ලැබෙනු ඇති. රු.10000/= වටිනාකම වෙනුවෙන් ඔබට වැයවී ඇත්තේ රු. 5000/= පමණි. මෙම Cash Back වාසි පිලිබඳ දැනුවත්ව ඔබේ මිලදී ගැනීම් කිරීමෙන් ඔබට සැලකිය යුතු විශාල මුදලක් ඉතිරි කරගත හැකි වනවා.
මේ වගේ වාසි ගොඩක් දෙන FriMe වගේ App එකක් ඔබේ SmartPhone එකට නොදා ඉන්න එපා. අලුත් පරපුරේ smart කාන්තාවක් විදියට FriMe දෙන මේ වාසි එක්ක ඔයාලගේ එදිනෙදා වැඩ පහසු කරගන්න.
Android Phone සඳහා : https://play.google.com/store/apps/details?id=com.nationstrust.frimi
iPhone/iPad සඳහා : https://itunes.apple.com/lk/app/frimi/id1179695147
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…