රිදී තිරය, පුංචි තිරය මෙන්ම වේදිකාවේද සිය ප්‍රතිභා පූර්ණ රංගනයෙන් ප්‍රේක්ෂක සිත් ඇඳ බැඳ ගත් ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණි හෙට්ටිආරච්චි මහතා අද(27) ජීවන රඟ මඩලට සමු දුන්නා. දින කීපයක් තිස්සේ රෝගාතුරව සිටි ඒ මහතා අද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
රිදී තිරය, පුංචි තිරය මෙන්ම වේදිකාවේද සිය ප්‍රතිභා පූර්ණ රංගනයෙන් ප්‍රේක්ෂක සිත් ඇඳ බැඳ ගත් ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණි හෙට්ටිආරච්චි මහතා අද(27) ජීවන රඟ මඩලට සමු දුන්නා. දින කීපයක් තිස්සේ රෝගාතුරව සිටි ඒ මහතා අද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදී ආදී ශිෂ්‍යයෙකු වන ඒ ගාමිණි හෙට්ටිආරච්චි මහතා මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ “රත්තරං” වේදිකා නාට්‍යයෙන් පාසල් වේදිකාවේ නමක් තබන්නට සමත් වුණා. වීදි නාට්‍ය සමගින් පන්නරය ලැබූ ඔහු සෙක්කුව, මී පුර වැසියෝ, ඇසළ සඳ අවන්හල, වෙඩික්කාරයා, විනිශ්චය ඇතුළු වේදිකා නාට්‍ය 100කට අධික ප්‍රමාණයකට ඔහු දායකත්ව ලබා දී තිබුනා. රූපවාහිනියේ ආරම්භයේම මෙරට ප්‍රේක්ෂකයින්ට නවමු අත්දැකීමක් ලබා දුන් “බෙකට්” සමග ටෙලි තිරයට ඔහුගේ සම්ප්‍රාප්තිය සිදු වුණා. එදා මෙදා තුර මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ නොමැකෙන සටහනක් තැබූ සෝමවීර සේනානායකයන්ගේ “යශෝරාවය” හි දඩබ්බර සුරනිමලගේ චරිතයෙන් ප්‍රේක්ෂක අවධානය දිනා ගන්නට සමත් වුණා. මේ හැරුණු විට බර්ට්‍රම් නිහාල් මහතා අධ්‍යක්ෂණය කළ “දඩබිම” හි මානසික ආබාධයකට ලක්වූ මයිකල්ගේ චරිතය රඟපාමින් 1991දී හොඳම ටෙලි නළුවාට හිමි සම්මානය දිනාගැනීමට සමත් වුණා. සිහිනපුරය, මිල්ලෑව වලව්ව, සබඳ පබිලිස් ඔහුගේ රංගනයෙන් හැඩවුණු ටෙලි නාට්‍ය ගොන්නෙන් සමහරක්. මෑත යුගයේ අපට ඔහු දකින්නට ලැබුණේ දෙරණ නාලිකාවේ “සිදු” ටෙලි නාට්‍යය තුලින්. අස්වැසුම,සිංහාවලෝකනය,විදු,අයෝමා, බහුබූතයෝ සහ කොස්තාපල් පුඤ්ඤසෝම ගාමිණි හෙට්ටිආරච්චි මහතා රංගනයෙන් දායක වුණු චිත්‍රපට සමහරක්.
ගුරුවරියක මෙන්ම රංගන ශිල්පිනියකද වන සුභාෂිණි හෙට්ටිආරච්චි මහත්මියගේ දයාබර සැමියා වූ ගාමිණී හෙට්ටිආරච්චි මහතා නවක නිළි ප්‍රතිභා හෙට්ටිආරච්චි මහත්මිය ඇතුළු දරු දෙදෙනෙකුගේ පියෙක්. මිය යනවිට ඒ මහතා 68 වන වියේ පසුවුණා. එතුමාගේ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි. ගාමිණි හෙට්ටිආරච්චි මහතාගේ හදිසි අභාවය පිළිබඳව Zest Girls Sri Lanka අපි අපගේ බලවත් ශෝකය පළ කර සිටින අතර එතුමාට නිවන් සුව පතමු.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…