SL Gossip

ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්ත වෙයි.

රිදී තිරය, පුංචි තිරය මෙන්ම වේදිකාවේද සිය ප්‍රතිභා පූර්ණ රංගනයෙන් ප්‍රේක්ෂක සිත් ඇඳ බැඳ ගත් ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණි හෙට්ටිආරච්චි මහතා අද(27) ජීවන රඟ මඩලට සමු දුන්නා. දින කීපයක් තිස්සේ රෝගාතුරව සිටි ඒ මහතා අද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

රිදී තිරය, පුංචි තිරය මෙන්ම වේදිකාවේද සිය ප්‍රතිභා පූර්ණ රංගනයෙන් ප්‍රේක්ෂක සිත් ඇඳ බැඳ ගත් ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණි හෙට්ටිආරච්චි මහතා අද(27) ජීවන රඟ මඩලට සමු දුන්නා. දින කීපයක් තිස්සේ රෝගාතුරව සිටි ඒ මහතා අද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදී ආදී ශිෂ්‍යයෙකු වන ඒ ගාමිණි හෙට්ටිආරච්චි මහතා මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ “රත්තරං” වේදිකා නාට්‍යයෙන් පාසල් වේදිකාවේ නමක් තබන්නට සමත් වුණා. වීදි නාට්‍ය සමගින් පන්නරය ලැබූ ඔහු සෙක්කුව, මී පුර වැසියෝ, ඇසළ සඳ අවන්හල, වෙඩික්කාරයා, විනිශ්චය ඇතුළු වේදිකා නාට්‍ය 100කට අධික ප්‍රමාණයකට ඔහු දායකත්ව ලබා දී තිබුනා. රූපවාහිනියේ ආරම්භයේම මෙරට ප්‍රේක්ෂකයින්ට නවමු අත්දැකීමක් ලබා දුන් “බෙකට්” සමග ටෙලි තිරයට ඔහුගේ සම්ප්‍රාප්තිය සිදු වුණා. එදා මෙදා තුර මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ නොමැකෙන සටහනක් තැබූ සෝමවීර සේනානායකයන්ගේ “යශෝරාවය” හි දඩබ්බර සුරනිමලගේ චරිතයෙන් ප්‍රේක්ෂක අවධානය දිනා ගන්නට සමත් වුණා. මේ හැරුණු විට බර්ට්‍රම් නිහාල් මහතා අධ්‍යක්ෂණය කළ “දඩබිම” හි මානසික ආබාධයකට ලක්වූ මයිකල්ගේ චරිතය රඟපාමින් 1991දී හොඳම ටෙලි නළුවාට හිමි සම්මානය දිනාගැනීමට සමත් වුණා. සිහිනපුරය, මිල්ලෑව වලව්ව, සබඳ පබිලිස් ඔහුගේ රංගනයෙන් හැඩවුණු ටෙලි නාට්‍ය ගොන්නෙන් සමහරක්. මෑත යුගයේ අපට ඔහු දකින්නට ලැබුණේ දෙරණ නාලිකාවේ “සිදු” ටෙලි නාට්‍යය තුලින්. අස්වැසුම,සිංහාවලෝකනය,විදු,අයෝමා, බහුබූතයෝ සහ කොස්තාපල් පුඤ්ඤසෝම ගාමිණි හෙට්ටිආරච්චි මහතා රංගනයෙන් දායක වුණු චිත්‍රපට සමහරක්.

ගුරුවරියක මෙන්ම රංගන ශිල්පිනියකද වන සුභාෂිණි හෙට්ටිආරච්චි මහත්මියගේ දයාබර සැමියා වූ ගාමිණී හෙට්ටිආරච්චි මහතා නවක නිළි ප්‍රතිභා හෙට්ටිආරච්චි මහත්මිය ඇතුළු දරු දෙදෙනෙකුගේ පියෙක්. මිය යනවිට ඒ මහතා 68 වන වියේ පසුවුණා. එතුමාගේ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි. ගාමිණි හෙට්ටිආරච්චි මහතාගේ හදිසි අභාවය පිළිබඳව Zest Girls Sri Lanka අපි අපගේ බලවත් ශෝකය පළ කර සිටින අතර එතුමාට නිවන් සුව පතමු.

Credit : Colombo Television

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

9 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

10 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

10 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago