#pinklist

සුවඳ මතකය – වහා ඇබ්බැහි වෙන සුළුයි! – Gucci Envy Me

සමහර වෙලාවට සුවඳත් එක්ක බැඳුණු මිහිරි සටහන් අපේ මතකයේ, අපේ ජීවිතවල දකින්න පුළුවන්. විශේෂ සුවඳ එක්ක මතකයේ රැඳුණු විශේෂ පුද්ගලයින්ගේ මතක සටහන් තියෙන්න පුළුවන්. අද මම ඔයාලට කියන්න යන්නේ ඒ වගේ සුවඳ මතකයක් ගැන කතාවක්.

සමහර වෙලාවට සුවඳත් එක්ක බැඳුණු මිහිරි සටහන් අපේ මතකයේ, අපේ ජීවිතවල දකින්න පුළුවන්. විශේෂ සුවඳ එක්ක මතකයේ රැඳුණු විශේෂ පුද්ගලයින්ගේ මතක සටහන් තියෙන්න පුළුවන්. අද මම ඔයාලට කියන්න යන්නේ ඒ වගේ සුවඳ මතකයක් ගැන කතාවක්.

Gucci Envy Me ගැන කියන්න කලින් අදත් perfume ගැන ඔයාලට වැදගත් පුංචි තාක්ෂණික කරුණු ටිකක් කියන්න මම හිතුවා. ඔයාලට ගැලපෙන හොඳ perfume එකක් තෝරාගන්න වගේම, මේ තරඟකාරී සමාජයේ ස්මාර්ට් විදියට කැපී පේන්න ඉන්න ඔයාලට මේ tips වැදගත් වේවි කියලා මම හිතනවා.

Fashion වලට අපි හැමෝම වගේ කැමතියි. ඒ ගැන උනන්දුයි. අපි කරන රැකියාව අනුව, ව්‍යාපාරය අනුව, නැතිනම් සමාජය එක්ක නිතර මුණගැහෙන celebrity කෙනෙක් නම් අපිටම ගැලපෙන අපේම unique identity එකක් හදා ගන්න වෙනවා. අපේම style එකක්. අපි අඳින විදිය වගේම hair style, makeup, අපි පාවිච්චි කරන perfume එක පවා අපේ අනන්‍යතාවය පෙන්වනවා. මම කලින් දවසකත් කිව්වා වගේ අපි ගොඩක්ම කැමති perfume එකෙන් බාහිර සමාජයට අපි ගැන යම් අදහසක් ඇති කර ගන්න පුළුවන්. 

Perfume එකක් තෝරා ගන්න කොට ඒ perfume එක ඔයාලා වැඩිපුර use කරන්නේ මොන වගේ වෙලාවකට ද? මොන වගේ තැනකට ද? කියලා තෝරා ගන්න එක වැදගත්. ඒ තැනට, වෙලාවට ගැලපෙන fragrance accord එකක් තියන perfume එකක් ඔයාලා use කළේ නැත්නම් ඔයාලා ඒ තැනට වෙලාවට special කෙනෙක් වෙන්නේ නැහැ. ආකර්ෂණීය කෙනෙක් වෙන්නෙත් නැහැ.

සාමාන්‍යයෙන් office time එකට ගැලපෙන perfume එකක් තෝරා ගන්නවා නම් ටිකක් වැඩි වෙලාවක් සුවඳ රැඳෙන එකක් තෝරා ගන්න. Floral-fruity combination එකක් තියන perfume මේ වගේ වෙලාවකට ගොඩක් ගැලපෙනවා. 

සමහර වෙලාවට ඔයා ව්‍යාපාරික කාන්තාවක් වෙන්න පුළුවන්, නැතිනම් නිතර ඔබේ ගණුදෙනු කරුවෝ මුණ ගැහෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නම් ඔයාට ගැලපෙන්නේ ඔයා ඒ මුණ ගැහෙන අයගේ මතකයේ රඳවන්න සමත් සුවඳක්. ඔයාගේ character එකේ තියන bold, independent, confident, intelligent කියන ගති ලක්ෂණ, ඒ කියන්නේ ඔයාගේ ස්මාර්ට් කම පෙන්නන පුළුවන් විදියේ combination එකක් තියන perfume එකක් තෝරා ගන්න. Floral-oriental combination එකකින් හැදුණු perfume එකක් හොඳින් ගැලපේවි. රෝස, පිච්ච, ඇම්බර්, වැනිලා වගේ සුවඳ වර්ග තමයි ගොඩක් වෙලාවට මේ perfume වල දකින්න ලැබෙන්නේ.

Special Romantic meeting එකකට, hot night out එකකට ගැලපෙන්නේ ටිකක් hard floral පැත්තට බර perfume එකක්. Seductive feeling ඇතිකරන්න මේ වගේ perfume එකකට පුළුවන්. විශේෂයෙන් ම ගාඩිනියා, රෝස, tuberose වගේ සුවඳ මේ වගේ අවස්ථාවක ලොකු පෙරලියක් කරන්න පුළුවන් සුවඳ වර්ග. ගිය සැරේ මම review කළේ ඒ වගේ එකක්. මේ වගේ perfume එකක් පාවිච්චි කරනවා නම් ටිකක් පරිස්සමින් පාවිච්චි කරන්න. 😃😃

Guest කෙනෙක් විදියට function එකකට සහභාගී වෙනවා නම් ඒ වගේ තැනකට ගැලපෙන්නේ ගොඩක් සැර නැති, චාම්, decent සුවඳක් දෙන perfume එකක්. wooden mix එකක් තියන ඇමබර්, මස්ක් එකතුවුණු  perfume මේ වගේ තැනකට හොඳින් ගැලපෙනවා.

ඔයාලා ටිකක් වැඩිපුර සල්ලි වියදම් කරලා branded perfume එකක් ගන්නවා නම් ඒක ගැලපෙන තැන, වෙලාව ගැන හරිම අවධානයකින් තෝරාගන්න. නොගැලපෙන එකක් නොගැලපෙන වෙලාවකට, තැනකට use කරොත් හරි ප්‍රථිපලයක් ලැබෙන්නේ නැහැ වගේම අවට අය අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. උදාහරණයකට සීතල පරිසරයට හදන ටිකක් සැර සුවඳක් එන perfume එකක් ගොඩක් රස්නේ කාලෙක පාවිච්චි කළොත් ඒ පරිසර උෂ්ණත්වයත් එක්ක වියෝජනය වෙලා perfume එකෙන් එන්නේ දරන්න බැරි සැර සුවඳක් වෙන්න පුළුවන්.

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago