SL Gossip

H. M. ජයවර්ධනයන් සමුගනී

ඔහු සැබෑවටම නිහඬ පුද්ගලයෙකු විය. රූපවාහිනිය හෝ වෙනත් මාධ්‍ය තුල පෙළහර පෑමක් කෙදිනකවත් ඔහුගෙන් දකින්නට ලැබුනේ නැත. නමුදු ලාංකේය සංගීත ලෝකයේ ඔහු තැබූ සලකුණ ඔහුටම අනන්‍ය වූවක්ම විය. ඔහුගේ තනු රචනාවලින් සුපෝෂිත ගී රැස යුග යුග පුරා අපේ දෙසවන් මෙන්ම හදවත් තුලද රැව් පිළිරැව් දෙනු ඇත. හේ නමින් H M ජයවර්ධන නම් විය.

ඔහු සැබෑවටම නිහඬ පුද්ගලයෙකු විය. රූපවාහිනිය හෝ වෙනත් මාධ්‍ය තුල පෙළහර පෑමක් කෙදිනකවත් ඔහුගෙන් දකින්නට ලැබුනේ නැත. නමුදු ලාංකේය සංගීත ලෝකයේ ඔහු තැබූ සලකුණ ඔහුටම අනන්‍ය වූවක්ම විය. ඔහුගේ තනු රචනාවලින් සුපෝෂිත ගී රැස යුග යුග පුරා අපේ දෙසවන් මෙන්ම හදවත් තුලද රැව් පිළිරැව් දෙනු ඇත. හේ නමින් H M ජයවර්ධන නම් විය.

H M ජයවර්ධනයන්ගේ තනු නිර්මාණයන් අතර පණ්ඩිත් W D අමරදේවයන් ගැයූ ‘සඳ තරු නිහඬයි’, විශාරද නන්දා මාලිනිය ගැයූ ‘ඔබයි රම්‍ය සඳකිරණ‘, ‘මා හඬනා කඳුළු ගලා‘, ‘පූජාසනයේ ඔබ හිඳුවා’, ‘පෙම් ලොවදී දුටු ඔහුම ද මේ’, ‘ප්‍රේමය නම්‘, ‘කඩමණ්ඩියේ දොල අයිනේ’, ‘නවාතැන්පල ඔබයි ඔබගේ සිනාවයි’, ‘ විලක් උනත් නිල් දිය පිරි’, ‘ පිළිම නෙලා නැති විරුවන්’, සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ‘ඉස්සර මං ගිය පාසල ඇරිලා’, ‘මිනිසෙකු පිට නැගි අසරුවෙකි’, ‘සයුරක් නොදුටු ගඟුලක්’, ‘නුඹේ සිතට පුන්සඳ පායලා වගේ’, ‘දෙවොලේ නොකැළැල්’, සිය දයාබර බිරිඳ වූ විශාරද මාලනී බුලත්සිංහල ශිල්පිනිය ගැයූ ‘හිමි සණරාමර ලෝක සිවංකර’, ‘ප්‍රේමයේ විල්තෙරේ’, ‘අහසින් තරුවක් කඩා වැටෙනවා’, ‘පුන්පෝදා සඳ ඔබ ගෙන ආවොත්’, ‘සැන්දෑ අහස වගේ සැරසී’, ‘මා එක්කලා අමනාපව’, ‘වසන් කරන්නට බෑ මගෙ සිත අද’, ‘මළ පොතේ අකුරු’, ‘ඔබට මා ආදරය කළ බව මෙතරම්’, ‘සෙනෙහස ඉල්ලා ලිය තඹරා ළඟ’, ‘කන්ද කෙන්ද කරනු පිණිස’, විශාරද ගුණදාස කපුගේ ගැයූ ‘සීතල පිනි බිංඳු බිංඳු’, විශාරද අමරසිරි පීරිස් ගැයූ ‘ඇය යන්න ගියා මැකිලා’, විශාරද එඩ්වඩ් ජයකොඩි ගැයූ ‘බණ කියන රටක්’ ආදී ගීත ඇතුලත්ය.

Credit : Evoke Music

මිල මුදල්, ලාභ, නම්බු නාම කෙරෙහි කිසි කලෙකත් තරඟයක් නොකළ H M ජයවර්ධනයන් වරෙක “මුහුදු ලිහිණි” චිත්‍රපටය සඳහා තමාට හිමිවූ හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි ජනාධිපති සම්මානය පවා ප්‍රතික්ෂේප කළේ එම වසරේම ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් තුන්වන යාමය වෙනුවෙන් කළ සංගීත නිර්මාණයන් වඩා ඉහල බව කියමිනි. ඔහු එතරම්ම නිහතමානී කලාකරුවෙකු විය. ඔහුගේ පවුලම සංගීතයටම කැප වූ එකක් විය. ඔහුගේ ආදර බිරිඳ වුයේ අකල්හි මෙලොවින් සමුගත් ප්‍රවීණ ගායිකා මාලනී බුලත්සිංහල මහත්මියයි. ජනප්‍රිය ගායකයෙකු මෙන්ම සංගීත වේදියෙකු වන කසුන් කල්හාර මහතා එකම පුතණුවන්ය.මේ නිහඬ කලාකරුවා අද(08) මෙලොවින් නිහඩවම සමුගෙන ගියේ ලාංකික සංගීත ක්ෂේත්‍රයේ පිරවිය නොහැකි හිඩැසක් තබමිනි. H M ජයවර්ධන කලාකරුවාණනි ඔබට නිවන් සුව…!!!

Credits : wishwa chinthana
Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

9 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

10 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

10 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago