ඔහු සැබෑවටම නිහඬ පුද්ගලයෙකු විය. රූපවාහිනිය හෝ වෙනත් මාධ්‍ය තුල පෙළහර පෑමක් කෙදිනකවත් ඔහුගෙන් දකින්නට ලැබුනේ නැත. නමුදු ලාංකේය සංගීත ලෝකයේ ඔහු තැබූ සලකුණ ඔහුටම අනන්‍ය වූවක්ම විය. ඔහුගේ තනු රචනාවලින් සුපෝෂිත ගී රැස යුග යුග පුරා අපේ දෙසවන් මෙන්ම හදවත් තුලද රැව් පිළිරැව් දෙනු ඇත. හේ නමින් H M ජයවර්ධන නම් විය.
ඔහු සැබෑවටම නිහඬ පුද්ගලයෙකු විය. රූපවාහිනිය හෝ වෙනත් මාධ්‍ය තුල පෙළහර පෑමක් කෙදිනකවත් ඔහුගෙන් දකින්නට ලැබුනේ නැත. නමුදු ලාංකේය සංගීත ලෝකයේ ඔහු තැබූ සලකුණ ඔහුටම අනන්‍ය වූවක්ම විය. ඔහුගේ තනු රචනාවලින් සුපෝෂිත ගී රැස යුග යුග පුරා අපේ දෙසවන් මෙන්ම හදවත් තුලද රැව් පිළිරැව් දෙනු ඇත. හේ නමින් H M ජයවර්ධන නම් විය.
H M ජයවර්ධනයන්ගේ තනු නිර්මාණයන් අතර පණ්ඩිත් W D අමරදේවයන් ගැයූ ‘සඳ තරු නිහඬයි’, විශාරද නන්දා මාලිනිය ගැයූ ‘ඔබයි රම්‍ය සඳකිරණ‘, ‘මා හඬනා කඳුළු ගලා‘, ‘පූජාසනයේ ඔබ හිඳුවා’, ‘පෙම් ලොවදී දුටු ඔහුම ද මේ’, ‘ප්‍රේමය නම්‘, ‘කඩමණ්ඩියේ දොල අයිනේ’, ‘නවාතැන්පල ඔබයි ඔබගේ සිනාවයි’, ‘ විලක් උනත් නිල් දිය පිරි’, ‘ පිළිම නෙලා නැති විරුවන්’, සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ‘ඉස්සර මං ගිය පාසල ඇරිලා’, ‘මිනිසෙකු පිට නැගි අසරුවෙකි’, ‘සයුරක් නොදුටු ගඟුලක්’, ‘නුඹේ සිතට පුන්සඳ පායලා වගේ’, ‘දෙවොලේ නොකැළැල්’, සිය දයාබර බිරිඳ වූ විශාරද මාලනී බුලත්සිංහල ශිල්පිනිය ගැයූ ‘හිමි සණරාමර ලෝක සිවංකර’, ‘ප්‍රේමයේ විල්තෙරේ’, ‘අහසින් තරුවක් කඩා වැටෙනවා’, ‘පුන්පෝදා සඳ ඔබ ගෙන ආවොත්’, ‘සැන්දෑ අහස වගේ සැරසී’, ‘මා එක්කලා අමනාපව’, ‘වසන් කරන්නට බෑ මගෙ සිත අද’, ‘මළ පොතේ අකුරු’, ‘ඔබට මා ආදරය කළ බව මෙතරම්’, ‘සෙනෙහස ඉල්ලා ලිය තඹරා ළඟ’, ‘කන්ද කෙන්ද කරනු පිණිස’, විශාරද ගුණදාස කපුගේ ගැයූ ‘සීතල පිනි බිංඳු බිංඳු’, විශාරද අමරසිරි පීරිස් ගැයූ ‘ඇය යන්න ගියා මැකිලා’, විශාරද එඩ්වඩ් ජයකොඩි ගැයූ ‘බණ කියන රටක්’ ආදී ගීත ඇතුලත්ය.
මිල මුදල්, ලාභ, නම්බු නාම කෙරෙහි කිසි කලෙකත් තරඟයක් නොකළ H M ජයවර්ධනයන් වරෙක “මුහුදු ලිහිණි” චිත්‍රපටය සඳහා තමාට හිමිවූ හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි ජනාධිපති සම්මානය පවා ප්‍රතික්ෂේප කළේ එම වසරේම ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් තුන්වන යාමය වෙනුවෙන් කළ සංගීත නිර්මාණයන් වඩා ඉහල බව කියමිනි. ඔහු එතරම්ම නිහතමානී කලාකරුවෙකු විය. ඔහුගේ පවුලම සංගීතයටම කැප වූ එකක් විය. ඔහුගේ ආදර බිරිඳ වුයේ අකල්හි මෙලොවින් සමුගත් ප්‍රවීණ ගායිකා මාලනී බුලත්සිංහල මහත්මියයි. ජනප්‍රිය ගායකයෙකු මෙන්ම සංගීත වේදියෙකු වන කසුන් කල්හාර මහතා එකම පුතණුවන්ය.මේ නිහඬ කලාකරුවා අද(08) මෙලොවින් නිහඩවම සමුගෙන ගියේ ලාංකික සංගීත ක්ෂේත්‍රයේ පිරවිය නොහැකි හිඩැසක් තබමිනි. H M ජයවර්ධන කලාකරුවාණනි ඔබට නිවන් සුව…!!!
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…