Health & Fitness

අලි ගැට පේර(Avacado) ආහාරයට ගැනීමෙන් ලැබෙන වාසි

මධ්‍යම ඇමෙරිකානු ප්‍රදේශ නිජබිම කරගත්ත Persea americana නමින් හඳුන්වන අලිගැට පේර ඝර්ම කලාපීය, සදාහරිත ශාක ගොන්නට අයත්. විශාල බීජයක් සහිත බෙරි වර්ගයක් විදියට මේ අලි පේර විද්‍යාඥයින් විසින් හඳුන්වා දී තිබෙනවා.

Avacado නැතිනම් අලි ගැට පේර අපි ගොඩක් දෙනෙක් කැමති පළතුරක්. පළතුරු බීම අලෙවිසැල්වල වැඩිපුරම අලෙවි වෙන අලි පේර අවුරුද්ද පුරාම නම් දකින්න ලැබෙන්නේ නැහැ. මේ දිනවල නම් ඔයාලට අඩු මිලකට පහසුවෙන්ම හොඳ අලි ගැට පේර පළතුරු අලෙවිසැල් වගේම ගමේ පොලෙන් වුනත් සොයාගන්න අපහසුවක් නැහැ. මධ්‍යම ඇමෙරිකානු ප්‍රදේශ නිජබිම කරගත්ත Persea americana නමින් හඳුන්වන අලිගැට පේර ඝර්ම කලාපීය, සදාහරිත ශාක ගොන්නට අයත්. විශාල බීජයක් සහිත බෙරි වර්ගයක් විදියට මේ අලි පේර විද්‍යාඥයින් විසින් හඳුන්වා දී තිබෙනවා. මේ පලතුර කාන්තාවන් අතර නම් Face Pack වලට පවා බහුලව භාවිත වන්නක්. සමට හොඳ තෙතමනයක් වගේම දීප්තිමත් ලස්සනක් ගෙන දෙන අලි පේර ආහාරයට ගැනීමෙන් ඔයාලට ලැබෙන වාසි කීපයක් මේ.

Photo Credit : www.ownmexico.com

01) අලි ගැට පේර ඔබ සෞඛ්‍ය සම්පන්න කරයි – අලි පේර ඔබේ දෛනික පෝෂණ අවශ්‍යතා රැසක් සපුරා දෙන පළතුරක්. විශේෂයෙන්ම ශරීරයට උවමනා විටමින් රැසක් මින් ලබා ගත හැකි වනවා. මෙන්ම ජීර්ණය වීමේ ගැටළු අඩු ආහාරයක්. ශරීරයට හිතකර කොල්ස්ටරෝල් නැත්නම් HDL(high-density lipoprotein) බහුලව අන්තර්ගත වනවා.

අලිගැට පේර 100g ක අන්තර්ගත පෝෂක කොටස් කීපයක් (දෛනික අවශ්‍යතාවයෙන්)

විටමින් K: 26%
විටමින් C: 17%
පොටෑසියම් : 14%
විටමින් B5: 14%
විටමින් B6: 13%
විටමින් E: 10%
මැග්නීසියම්, මැන්ගනීස්, තඹ, යකඩ, සින්ක්, පොස්පරස්, විටමින් A, තයමින්, රයිබෝෆ්ලෙවීන්, නියසීන් සුළු ප්‍රමාණවලින්

Photo Credit : www.agoramedia.com

02) හොඳ පොටෑසියම් ප්‍රභවයක් – අලිගැට පේර කෙසෙල්වලට වඩා පොටෑසියම් බහුල ආහාරයක්. නිතර අලි පේර ආහාරයට ගැනීමෙන් ඔබට අධි රුධිර පීඩනය පාලනය කරගන්නට පුළුවන්. මේ නිසාවෙන් හදවත් රෝග, ආඝාත(Stroke) සහ වකුගඩු අක්‍රිය වීම් අඩු වනවා.

03) ප්‍රතිඔක්සිකාරක බහුල ආහාරයක් – ශරීරය තුල විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් මුක්ත ඛණ්ඩක(Free Radicals) නිපදෙනවා. මේ නිසාවෙන් වයස්ගත වීම වගේම විවිධ වූ රෝගී තත්ත්වයන් ඇතිවන්නට පුළුවන්. ප්‍රති ඔක්සිකාරක බහුල ආහාර ගැනීමෙන් මේ තත්ත්වය වලක්වා ගන්නට පුළුවන්. (carotenoids වැනි). අලිපේර මගින් මෙවැනි ප්‍රතිඔක්සිකාරක අඩංගු ආහාර ශරීරයට හොඳින් අවශෝෂණය කරනු ලබනවා. lutein සහ zeaxanthin යන කැරෝටිනයිඩ් වර්ගද අලිපේර තුල බහුලව අන්තර්ගතයි. මෙය ඔබේ අක්ෂිවල යහපත් පැවැත්මට උපකාරී වනවා.

04) ශරීරයේ බර අඩු කර ගැනීමට උපකාරී වන ආහාරයක් – අලිපේර කාබෝහයිඩ්රේට් අඩු, තන්තු(fiber) බහුල ආහාරයක්. මේ නිසා දිනපතා ආහාර වේලට අලි පේර එකතු කර ගැනීමෙන් ඔබට ශරීරයේ අඩු බරක් පවත්වාගන්නට හැකි වනවා.

05) පිළිකා වළක්වයි – ශරීරයේ පිළිකා ඇති වීම අඩු කිරීමට සමත් ආහාරයක් ලෙස අලිපේර හඳුන්වනවා. පිළිකා රෝගීන්ට කෙරෙන ප්‍රතිකාර පවා යහපත් ලෙස බලපෑමට හේතුවන ආහාරයක් ලෙස මෙය වෛද්‍යවරුන් විසින් නම් සොයා ගෙන තිබෙන කරුණක්. විශේෂයෙන්ම පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා වැලඳීම අවම කිරීමට අලිපේර හේතු වන බව සොයා ගෙන තිබෙනවා.

06) හදවත් රෝග වළක්වයි – අලිපේර ශරීරයට හිතකර කොල්ස්ටරෝල් නැත්නම් HDL(high-density lipoprotein) බහුලව අන්තර්ගත ආහාරයක්. එය ඔබේ හදවත නිරෝගීව පවත්වා ගන්නට හේතුවනවා. අනෙක් අතට පොටෑසියම් බහුල ආහාරයක් නිසාවෙන් රුධිර පීඩනය හිතකර මට්ටමක පවත්වා හදවත් රෝග අඩු කරන්නට කටයුතු කරනවා.

07) ආතරයිටීස් බලපෑම් අඩු කරයි – අද වන විට වැඩි දෙනෙක් පීඩා විඳින රෝගයක් ලෙස ආතරයිටීස් හඳුන්වන්න පුළුවන්. අලිපේරවල ඇති තෙල් ස්වභාවයේ රසායනිකවල බලපෑමෙන් ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වය නිසා ඇතිවන පීඩා අඩු කරනවා.

අප එතරම් නොදැන සිටියත් ලෝකය පුරා අලිගැට පේර නැතිනම් Avacado වර්ග සියයකට අධික ප්‍රමාණයක් තිබෙනවා. Hass Avocados, Choquette Avocados, Bacon Avocados, Fuerte Avocados සහ Tonnage Avocados ලෝකය පුරා සුලභ ජනප්‍රිය ප්‍රභේද කීපයක්. දිනපතා ආහාරයට අලිපේර එකතු කර ගැනීමෙන් ඔබට සෞඛ්‍ය වාසි රැසක් ලබා ගන්නට පුළුවන්. ගොඩක් වෙලාවට රුපියල් 100කට ගෙඩි 2-3ක් ලබා ගන්නට පුළුවන්. එය ඔබට සතියකට පමණ සෑහෙනවා.

Hemantha Alwis

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

12 hours ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

1 day ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago