Health & Fitness

කමු ද…කෙසෙල් ගෙඩියක් ???

කෙසෙල්…නොදන්නා…නුපුරුදු…කාපු නැති පළතුරක් නම් නොවේ. අපට බහුලවම ආහාරයට ගැනෙන වගේම සුලබව දකින්න ලැබෙන කෙසෙල් genus Musa යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබනවා.

Credit – www.freepik.com

කෙසෙල්…නොදන්නා…නුපුරුදු…කාපු නැති පළතුරක් නම් නොවේ. අපට බහුලවම ආහාරයට ගැනෙන වගේම සුලබව දකින්න ලැබෙන කෙසෙල් genus Musa යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබනවා. සීනි කෙසෙල්, කෝලිකුට්ටු, ආනමාලු, පුවාලු, නේත්‍රපලම්, ඇඹුල් කෙසෙල්, රත් කෙසෙල් ආදී වශයෙන් විවිධ වර්ග ගණනාවක කෙසෙල් අපට වෙළඳ පලෙන් මිලට ගත හැකියි. මේ හැරුණු විට තවත් කෙසෙල් වර්ග රාශියක් තිබුණු බව පැරණි පත පොත ඇසුරෙන් තහවුරු වෙනවා. මේ කෙසෙල් ආහාරයට ගැනීමෙන් ඔබට ලැබෙන සෞඛ්‍ය වාසි කීපයක්…

01) විටමින් B6 බහුලව ලැබෙන පළතුරු අතර මුල් තැනක්

ශරීරයේ දෛනික විටමින් අවශ්‍යතා අතර විටමින් B6 ට ලැබෙන්නේ මුල් තැනක්. රතු රුධිරාණු නිපදවීමට, කාබෝහයිඩ්රේට්, ලිපිඩ, ඇමයිනෝ අම්ල නිසි පරිදි සිරුරට අවශෝෂණය කිරීමට මෙන්ම ස්නායු පද්ධතිය විධිමත් කිරීමට හේතුවන විටමින් වර්ගයක්. මධ්‍යම ප්‍රමාණයේ කෙසෙල් ගෙඩියකින් ඔබේ දෛනික විටමින් B6 අවශ්‍යතාවයෙන් හතරෙන් පංගුවක් සපුරා ගත හැකි වනවා.

02) සමට වැදගත් විටමින් C බහුල පළතුරක්

සම නිරෝග පෙනුමකින් තබා ගැනීමටත් වයස්ගත පෙනුම අඩු කිරීමටත්(කොලැජන් නිෂ්පාදනය වැඩි කරමින්) විටමින් C උපකාරී වනවා. අපේ ආතතිය සහ වේදනවා පාලනය කිරීමට හේතුවන සෙරෝටොනින්(serotonin) හෝමෝනය නිපදවමින් මොලයේ ක්‍රියාකාරිත්වය තබා ගැනීමටත් විටමින් C මගින් සිදුවන මෙහෙය වැදගත්. දෛනික විටමින් C අවශ්‍යතාවයෙන් 10% තරමක කෙසෙල් ගෙඩියකින් සපුරා ගන්න පුළුවන්.

03) මැන්ගනීස් බහුල කෙසෙල් ඔබේ සමේ මිතුරෙක්

කොලැජන් නිෂ්පාදනයට සහාය වීමෙන් මෙන්ම මුක්ත ඛණ්ඩක(Free radicals) මගින් සමට සිදුවන හානි වළක්වා ගැනීමටත් මැන්ගනීස් උපකාරී වනවා. අවශ්‍ය මැන්ගනීස් ප්‍රමාණයෙන් 13%-15% අතර ප්‍රමාණයක් කෙසෙල් ගෙඩියක් මගින් සැපිරෙනවා.

04) හදවත සුරකින පොටෑසියම් බහුල ආහාරයක්

නිරෝගී හදවතකටත්, රුධිර පීඩනය යහපත් මට්ටමක පවත්වා ගැනීමටත් උපකාරී වන මූලද්‍රව්‍යයක් විදියට පොටෑසියම් හඳුන්වන්න පුළුවන්. කෙසෙල් ගෙඩියකින් ඔබේ සිරුරට පොටෑසියම් මිලිග්‍රෑම් 400ක් පමණ ලැබෙනවා. එය දෛනික අවශ්‍යතාවයෙන් 10%ක්.

05) ශක්තිය ලබා දෙන, කොලොස්ට්‍රෝල් සහ මේදය අඩු ආහාරයක්

ස්වාභාවික සීනි වර්ග 03ක් වන සුක්‍රෝස්, ෆ්රුක්ටෝස් සහ ග්ලුකෝස් කෙසෙල් තුල අන්තර්ගත වනවා. මේවා මගින් සිරුරට අවශ්‍ය ශක්තිය ලබා දුන්නත් කොලොස්ටරෝල් සහ මේදය වැඩි වීමක් වන්නේ නැහැ. මේ නිසා ක්‍රීඩාවල නිරත වන අයටත්, කුඩා ළමුන්ටත් ශක්තිය ලබා දෙන හොඳ ආහාරයක් ලෙස කෙසෙල් හඳුන්වන්න පුළුවන්.

මුලාශ්‍රය : https://www.healthxchange.sg/

Cover photo credit – www.freepik.com

Hemantha Alwis

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

4 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

5 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago