Health & Fitness

ගස්ලබුවල ගුණ අගුණ

උද්භිද විද්‍යාත්මකව Carica papaya ලෙස හඳුන්වන මේ ඝර්ම කලාපීය පලතුර, ගස්ලබු දකුණු හා මධ්‍යම ඇමෙරිකානු ප්‍රදේශ නිජබිම කරගෙන බිහි වී ඇතැයි සැලකෙනවා. අපි අද ඔබ වෙත ගෙන එන්නේ නිතරම වුණත් ආහාර වේලට එකතු කරගන්නට පුළුවන් ගස්ලබුවලින් ලැබෙන සෞඛ්‍ය වාසි ගැන.

ගස්ලබු නැතිනම් පැපොල් අපිට නම් නුහුරු නුපුරුදු පළතුරක් නොවේ. අපේ ගෙවත්තෙන් වුණත් ගොඩක් වෙලාවට හොයාගන්න පුළුවන්. නැතිනම් පැළයක් දෙකක් හිටවලා හදාගන්න අමාරු දෙයකුත් නොවේ. උද්භිද විද්‍යාත්මකව Carica papaya ලෙස හඳුන්වන මේ ඝර්ම කලාපීය පලතුර, ගස්ලබු දකුණු හා මධ්‍යම ඇමෙරිකානු ප්‍රදේශ නිජබිම කරගෙන බිහි වී ඇතැයි සැලකෙනවා. අපි අද ඔබ වෙත ගෙන එන්නේ නිතරම වුණත් ආහාර වේලට එකතු කරගන්නට පුළුවන් ගස්ලබුවලින් ලැබෙන සෞඛ්‍ය වාසි ගැන.

ගස්ලබුවල අඩංගු පෝෂක සංයුතිය(150g පමණ වන කුඩා ගෙඩියක)

Calories(ශක්තිය): 59
Carbohydrates(පිෂ්ඨය): 15 grams
Fiber(තන්තු): 3 grams
Protein: 1 gram
Vitamin C: 157% of the RDI
Vitamin A: 33% of the RDI
Folate (vitamin B9): 14% of the RDI
Potassium: 11% of the RDI
Calcium, magnesium and vitamins B1, B3, B5, E සහ K සුළු ප්‍රමාණවලින්.

01) පැපොල්වල අඩංගු පැපෙන්(papain) නම් එන්සයිමය දිගු ශක්තිමත් ප්‍රෝටීන දාම කුඩා කොටස්වලට කැබලි කරන්නට සමත්. මේ නිසා ඝන මස් වර්ග මෙලෙක් කිරීමට අතීතයේ පටන් අමු පැපොල් යොදා ගනු ලැබුවා. මෙම පැපෙන් ආහාර ජීර්ණය හොඳින් සිදුවීමට උපකාරී වනවා. එමෙන්ම මහාන්ත්‍රයේ පිළිකා රෝගවලින් ආරක්ෂාවටත්, මළ බද්ධය වලක්වා ගැනීමටත් ගස්ලබු හොඳ පිලියමක්.

02) ගස්ලබු ඉදුණු මෙන්ම අමුවෙන්ද ආහාරයට ගැනීමට අපි හුරු වෙලා සිටිනවා.විශේෂයෙන්ම අමු ගස්ලබු අච්චාරු සැදීමට මෙන්ම පිස ආහාරයට ගැනීමට පුළුවන්. අමු ගස්ලබු හොඳින් පිස ආහාරයට ගැනීම වඩා යෝග්‍ය වනවා. විශේෂයෙන්ම නොඉදුණු ගස්ලබුවල latex බහුලව අන්තර්ගත බැවින් ගර්භණී මව්වරුන්ට එතරම් සුදුසු වන්නේ නැහැ. මින් ගබ්සා වීම් උත්තේජනය වීම සිදුවීමේ ඉඩක් තිබෙන නිසා.

03) ගස්ලබු කැරට්නොයිඩ්(carotenoids) – බීටා කැරොටින්වැනි ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත්. මෙය ශරීරයේ ගොඩ නැගෙන මුක්ත ඛණ්ඩක(Free Radicals) හා ගැටී ඒවා නිෂ්ක්‍රීය තත්ත්වයට පත්කරන්නට සමත්. මේ මුක්ත ඛණ්ඩක ශරීරයේ සෛල වයස්ගත වීමට හේතු වනවා. මේ නිසා ගස්ලබු නිතර ආහාරයට ගැනීමෙන් වයස්ගත වීම පාලනයට පිටිවහලක් වනවා. Alzheimer වැනි රෝග පාලනයට මෙන්ම පිළිකා කාරක ස්වභාවය ශරීරයෙන් බැහැර කරන්නත් ගස්ලබු උදව් වනවා. Lycopene නම් රතු කැරෝට්නයිඩ් විශේෂය ශරීරයේ වැඩිපුර ඇති යකඩ බැහැර කරන්නට උපකාරී වනවා.

04) ගස්ලබු හෘද සෞඛ්‍යයට හිතකර පළතුරක්. ගස්ලබුවල බහුලව ඇති lycopene සහ විටමින් C හෘද රෝග වලක්වා ගැනීමට උපකාරී වනවා. යහපත් හෘද වස්තුවකට බලපාන යහපත් HDL cholesterolවල ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරන්නට ගස්ලබුවල ඇති එන්සයිමවලට හැකියි.

05) ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කිරීමට මෙන්ම, රෝග මර්දනයටත් ගස්ලබුවල අඩංගු කැරෝටිනයිඩ් හේතු වෙනවා. මේ නිසා දිනපතා ආහාර වේලට ගස්ලබු එක කර ගත හැකිනම් එය යහපත් ප්‍රතිපල ගෙන දෙනවා.

මේ හැරුණු විට සම නිරෝගී පැහැපත් ස්වභාවයෙන් පවත්වා ගැනීමටත්, රුධිර සෛල බිත්තිවල ඇතිවන තුවාල සුව කිරීමටත්, විෂ ආහාරවලින් ශරීරයට බැහැරවන විෂ ද්‍රව්‍ය බැහැර කිරීමටත් ගස්ලබු උදව් වනවා. මේ හැරුණු විට ඩෙංගු රක්තපාත තත්ත්වයට එකම ප්‍රතිකාරය ලෙස පැපොල් දළු යොදා ගැනීම අප රටේ සිදු කෙරෙන දෙයක්. එය අනාගතයේදී පිළිගත් ඖෂධයක් ලෙස එලි දකීවි යයි අපේ පැතුමයි.

Hemantha Alwis

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago