පැණි කොමඩු අපිට නුහුරු නුපුරුදු පළතුරක් නම් නොවේ. පළතුරු වෙළඳ සැල්වල වගේම මග තොටදී වුණත් ඕනෑතරම් හමුවන අඩු මුදලකට ලබාගන්න පුළුවන් කෑමක්. පායන කාලේදී දැනෙන දාහය සමනය කරගන්න ඔබ කොමඩු ඇති තරම් කාලා ඇති. කොමඩු ඔබට වටිනා සෞඛ්‍ය වාසි රැසක් ලබාගන්න පුළුවන් ආහාරයක් කියලා ඔබ දැනගෙන හිටියද?
Watermelon on old wooden background
පැණි කොමඩු අපිට නුහුරු නුපුරුදු පළතුරක් නම් නොවේ. පළතුරු වෙළඳ සැල්වල වගේම මග තොටදී වුණත් ඕනෑතරම් හමුවන අඩු මුදලකට ලබාගන්න පුළුවන් කෑමක්. පායන කාලේදී දැනෙන දාහය සමනය කරගන්න ඔබ කොමඩු ඇති තරම් කාලා ඇති. කොමඩු ඔබට වටිනා සෞඛ්‍ය වාසි රැසක් ලබාගන්න පුළුවන් ආහාරයක් කියලා ඔබ දැනගෙන හිටියද?
කුකබිටෙසි(Cucurbitaceae) කියන්නේ වට්ටක්කා, ලබු, පුහුල්, සුකිනි, ස්කොෂ්, පිපිඤ්ඤා අයිති වන ශාක කුලය. කොමඩු අයිති වන්නේත් මේ කුලයටම තමා. එහි Citrullus කියන උප කොටසට. කොමඩුවල අන්තර්ගත citrulline ඇමයිනෝ අම්ලය නිසා රුධිර නාල විස්තාරණය සිදු වනවා. මේ නිසාම හොඳ වාජීකරණ ගුණයකින් කොමඩු සමන්විතයි.
01) විශේෂයෙන්ම පුරුෂයින්ගේ ලිංගික දුබලතා මට්ටු කරන්න කොමඩු හොඳ ඔසුවක්. රුධිර ගමන හොඳින් සිදුකරන්න කොමඩු හේතු වන නිසාම පුරුෂ ලිඟුව හොඳින් ප්‍රාණවත් කරන්නට කොමඩු උපකාරී වනවා.
පැණි කොමඩු මදය දෙහි යුෂ හා එක් කර උකු වන තෙක් හොඳින් රත් කරගන්න. ඉන්පසු පිරිසිඳු බෝතලයක දමා ශීතකරණයේ තබන්න. උදේ රාත්‍රී ආහාරයට පෙර මේස හැඳි දෙක බැගින් ගැනීමෙන් ලිංගික දුබලතාවයන් වලක්වා ගන්නට ඔබට පුළුවන්. කොමඩු ඇටවල පවා මේ ගුණය ඇතුලත්. කොමඩු ඇට මේස හැඳි 04ක් හොඳින් තලා වතුර ලීටර 2ක් හා එකතු කර රත් කර ගන්න. එය දින දෙක බැගින් පානය කරන්න. එමගින් ලිංගික ශක්තියේ කැපී පෙනෙන වෙනසක් දැකගන්නට ලැබේවි. එමෙන්ම හදවතේ නිරෝගී බව වගේම, මාංශ පේශි ශක්තිමත් වීම, නිරෝගී පැහැපත් සමක් ලබාගන්න පුළුවන්.
02) කොමඩු දියරමය ගතිය වැඩි පළතුරක්. නිතර කොමඩු ආහාරයෙන් සමේ තෙතමනය ආරක්ෂා වනවා. ඒ නිසා සම දීප්තිමත්, නිරෝගී පෙනුමකින් තබා ගන්නට පුළුවන්. මේ නිසා වයස්ගත වන විටත් තරුණ පෙනුම රැක ගැනීමට කොමඩු උපකාරී වනවා.
03) කොමඩු විටමින් C වලින් පරිපූර්ණයි. ඒ වගේම වෙනත් ප්‍රති ඔක්සිකාරක වලිනුත් සමන්විතයි. මේ නිසාම පිළිකාවලට එරෙහිව ලොකු මෙහෙයක් කරන්න කොමඩුවලට පුළුවන්. එමෙන්ම මේ විටමින් C නිසා සිරුරේ කොලැජන් මට්ටම ඉහල යාම, රුධිර නාල නිරෝගී වීම, අස්ථි වර්ධනය වැනි වාසි ලැබෙනවා.
04) අපේ සිරුරට ගොඩක් වෙලාවට එකතු වන්නේ විෂ දේවල්. අපි එදිනෙදා කන බොන දේවල් වලින් කොතරම් විෂක් අපේ සිරුරේ තැන්පත් වනවාද? මේවා නිසා දිගු කාලීනව අයහපත් ප්‍රතිපල ලැබෙන්න පුළුවන්. කොමඩුවල අඩංගු රසායනයන් මෙම විෂ හරණය කරන්නට විශාල මෙහෙයක් ඉටු කරනවා.
05) ආහාර ජීර්ණය ක්‍රමවත් කරන්නට, අසාත්මිකතා පාලනයට, ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර රෝග වැලඳීම අඩු කරන්නට කොමඩු උදව් වනවා.
06) කොමඩු වල ඇති citrulline ඇමයිනෝ අම්ලය නිසා ක්‍රීඩාවලදී හානි වන මාංශ පේශි යථා තත්ත්වයට පත් වීම වේගවත්ව සිදු වනවා. මේ නිසා ක්‍රීඩා, ව්‍යායාම කරන අය අතර කොමඩු ජනප්‍රියයි.
මේවා හැරුණු විට ගැස්ට්‍රයිටිස් පාලනය, විටමින් A බහුල නිසා පෙනීම ආරක්ෂා වීම, ආදී රුධිර පීඩනය ඇතිවීම වැලැක්වීම, ඇදුම රෝගය පාලනය, මල බද්ධය වලක්වා ගැනීම වගේ සෞඛ්‍ය වාසි රැසක් කොමඩුවලින් ලැබෙනවා. මේ නිසා කෘත්‍රිම ආහාර වර්ග, බීම වර්ග වෙනුවට දිනපතා ආහාර වේලට කොමඩු එකතු කර ගැනීම පුරුද්දක් කරගන්න. ටික දවසකින්ම වෙනස ඔබටම වැටහේවි.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…