Health & Fitness

දවසම ෆිට් එකේ ඉන්න උදේම බොන්න ප්‍රෝටීන් ෂේක් එකක්

අපි මේ කියන ප්‍රෝටීන් පානය ලේසියෙන්ම ගෙදරදීම හදා ගන්න පුළුවන්. උදෑසනට මේ වගේ එකක් හදලා බිව්වොත් වරුවක්ම ෆිට් එකේ හොඳට වැඩ පල කරගන්න පුළුවන්.

හොඳින් වැඩෙන්න වගේම නීරෝගී ජීවිතයකට ගන්න ඕනේ සමබල ආහාර වේලක්. සමබල ආහාර වේලකට නිසි ප්‍රමාණවලින් කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, විටමින් හා ඛනිජ ලවණ අඩංගු වෙන්න ඕනේ කියන එක අපි දන්නේ තුනේ පන්තියේ ඉඳන්. ශරීරය වැඩෙන්න, ගෙවී ගිය මාංශ පේශි වර්ධනයට, මොළයේ වර්ධනයට වගේම හොඳ ක්‍රියාකාරී ලිංගික ජීවිතයකට ප්‍රෝටීන් අඩංගු ආහාර පාන හේතු වෙනවා. අනෙක් අතට දැන් ගැහැණු පිරිමි භේදයක් නැතිව ව්‍යායාම වලට ජිම් යන්න, ජොගින් යන්න, ක්‍රීඩා කරන්න පුරුදුවෙලා. හැඩති සෙක්සි ෆිගර් එකක් තියාගන්න. ඉතින් එහෙම යන අය කොහොමත් ප්‍රෝටීන් වැඩිපුර පරිභෝජනය කරන්න පුරුදු වෙලා ඉන්නවනේ. ඉතින් ඔයාලත් ඒ වගේ නම් විවිධ whey protein වර්ග මිලට අරන් පාවිච්චි කරනවා ඇති. ඒ කොහොම වුනත් අපි මේ කියන ප්‍රෝටීන් පානය(Protein Shake) ලේසියෙන්ම ගෙදරදීම හදා ගන්න පුළුවන්. උදෑසනට මේ වගේ එකක් හදලා බිව්වොත් වරුවක්ම ෆිට් එකේ හොඳට වැඩ පල කරගන්න පුළුවන්.

අවශ්‍ය දේවල් :

බිත්තර(Eggs) 02 ක් – පහසුවෙන්ම සොයාගන්න පුළුවන්, ලාභ ඒ වගේම හොඳම ප්‍රෝටීන් ප්‍රභවයක්. බිත්තරයක ප්‍රෝටීන් ග්‍රෑම් 6.5ක්, ලිපිඩ ග්‍රෑම් 6ක් පමණ, කාබෝහයිඩ්රේට් ග්‍රෑම් 0.5ක් පමණ අඩංගු වනවා. බිත්තරවල අන්තර්ගත ප්‍රෝටීන් අනෙක් මාංශ ආහාරවලට වඩා 100% පමණ ශරීරයට අවශෝෂණය කරන නිසා වඩා පලදායී ප්‍රෝටීන් ප්‍රභවයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

කැබලි කපා ගත් කෙසෙල් ගෙඩි 1ක් හෝ 2ක් – පොටෑසියම් බහුල ආහාරයක් වන කෙසෙල්වලින් විටමින් B6, මැන්ගනීස්, විටමින් C, විටමින් A, යකඩ, රයිබෝෆ්ලෙවින්, තන්තු වගේම ප්‍රෝටීන් ග්‍රෑම් 1ක් ලැබෙනවා. මේ නිසා කෙසෙල් ගෙඩි 2ක් එක් කළොත් ප්‍රෝටීන් ග්‍රෑම් 2ක් ලබාගන්න හැකියි.

රට කජු බටර් හෝ රට කජු ඇට තේ හැඳි 2ක් – ප්‍රෝටීන් වගේම ලිපිඩ, තන්තු, කාබෝහයිඩ්රේට් අඩංගු රට කජු ග්‍රෑම් 100ක කැලරි 567ක් අඩංගු වනවා. බයෝටීන්, තඹ, නියසීන්, ෆෝලේට්, මැන්ගනීස්, විටමින් E, පොස්පරස් සහ මැග්නීසියම් වැනි පෝෂක කොටස් මින් ලබා ගත හැකියි.

නැවුම් කිරි(Fresh Milk) කෝප්ප 1ක් – කලාතුරකින් කෙනෙක් හැරුණු විට ඕනෑම කෙනෙක් කැමති දෙයක්. වේ ප්‍රෝටීන් කියලා ඔයාලා භාවිත කරන්නෙත් කිරි ඇසුරෙන් නිපදවන්නක්. ප්‍රෝටීන් ලබාගන්න හොඳම ආහාරයක්.

මී පැණි(අවශ්‍ය නම්) ස්වල්පයක් – තරමක පැණි රසයක් අවශ්‍ය නම් සීනි වෙනුවට මී පැණි ටිකක් භාවිත කරන්න. මී පැණි මේස හැන්දකින් කැලරි 64ක්, ග්ලූකෝස් ග්‍රෑම් 17ක් ලබාගන්නට පුළුවන්.

සාදන ආකාරය :

නිවසේදීම සාදා ගත හැකි ප්‍රෝටීන් ෂේක් එකක්

බ්ලෙන්ඩරයේ උස කොටස ගන්න. එයට බිත්තර දෙක කඩා දමා ලුණු ස්වාල්පයකුත් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. දැන් එයට අයිස් කැට කීපයක්, නැවුම් කිරි, කපාගත් කෙසෙල් ගෙඩි 2ක, රටකජු හෝ පීනට් බටර්, මී පැණි එකතු කර තව විනාඩි 2ක් බ්ලෙන්ඩර් කරන්න. දැන් අලුත් පිටම පානය කරන්න. අමතර ආහාරයක් නැතිව පැය 5-6ක් ඔබට ක්‍රියාශීලිව සිටින්නට පුළුවන්.

Hemantha Alwis

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

4 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

5 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago