විස හරණ කරන්න උදව් වෙන පහසුවෙන්ම නිවසේදීම සාදා ගන්න පුළුවන් පානයක් ගැන අද අපි කියන්න යන්නේ. ඒ බීට්රූට්, ජම්බෝල සහ දෙහි එකතුවෙන් සාදා ගන්න විෂ හරණ පානය(Detox Drink).
තාක්ෂණික දියුණුව අතින්(අප සිතා ගෙන සිටින) තරමක් පසුපසින් සිටියත් අපේ මුතුන් මිත්තෝ අපට වඩා ගොඩක් වාසනාවන්තයි කියල කියන්න පුළුවන්. ඒ අය පරිසරය එක්ක ජීවත් වුණා. වස විසෙන් තොර ආහාර පාන ගත්තා. අපට වඩා නිරෝගීව සිටියා. අනෙක් අයට කරදරයක් නොමැතිව හොඳ ආයුෂ ප්‍රමාණයක් ජීවත් වුණා. ඒත් අද සමාජයම ලෙඩ වෙලා. මූලික හේතුව අපි කන වස විස. විස පිරිච්ච ක්ෂනික ආහාර, හෝමෝන වෙනස් කළ ආහාර, එළවලු, පළතුරු වුණත් පලිබෝධ නාශක පිරිලා. මේ අතර කාබනික එළවලු, පළතුරු නැතිවාම නොවේ. තරමක් මිල ඉහළයි. ඒ වුනත් ලෙඩ වෙලා විඳිනවට වඩා, බේත්-හේත් වලට මිල මුදල් නාස්ති කරනවාට වඩා වස විස නැති ආහාර පාන වලට හුරු වෙන එක දාහෙන් සම්පතක්. ඒ වගේම පුළුවන් විදියකට, ඉඩ කඩ තියන විදියකට ගෙවත්තේ ගහක් කොලක් වවා ගන්න බලන්න. කොහොම නමුත් අපේ ශරීරය ඇතුලේ ගොඩක් විස වර්ග එකතුවෙලා. මේවා එකවර අප නොමැරුවත් ලෙඩ රෝග රැසකට හේතු වෙනවා. මේ විස හරණ කරන්න උදව් වෙන පහසුවෙන්ම නිවසේදීම සාදා ගන්න පුළුවන් පානයක් ගැන අද අපි කියන්න යන්නේ. ඒ බීට්රූට්, ජම්බෝල සහ දෙහි එකතුවෙන් සාදා ගන්න විෂ හරණ පානය(Detox Drink).
තරමක බීට් රූට් අල 2ක් – බීට් රූට්වල අඩංගු බීටලයින්(betalains) නම් වර්ණක රසායනිකය දාහය, තෙහෙට්ටු ගතිය මග හැරවීමට සමත්. එමෙන්ම අක්මාව ආශ්‍රිතව ඇති විෂ මෙන්ම රුධිරයේ හරණයට ලොකු මෙහෙයක් ඉටු කරනු ලබනවා. මහාන්තරය පිරිසිදු කිරීමට ද බීට් උදව් වනවා. බීට් ප්‍රති පිළිකා ගුණය ඇති ආහාරයක් ලෙසත් හැඳින්වෙනවා.
ලෙල්ල ඉවත් කළ ජම්බෝල ගෙඩියක් – පැඟිරි කුලයටම අයත් ජම්බෝල කීප ආකාරයකින්ම ශරීරයේ විෂ හරණයට දායක වනවා. පැඟිරි කුලයටම අයත් ජම්බෝල කීප ආකාරයකින්ම ශරීරයේ විෂ හරණයට දායක වනවා. මෙහි අන්තර්ගත ස්වභාවික අම්ලයක් වන සිට්රික් ඇසිඩ් වකුගඩු ගල් ඇතිවීම අඩු කරන අතර ඒවා දියකර හැරීමට සමත්. විටමින් C හොඳ ප්‍රතිඔක්සිකාරකයක් ලෙස විෂ හරණයට දායක වනවා. බීටා කැරොටීන් ප්‍රති පිළිකා ගුණයෙන් යුතු වනවා. Lycopene ඉහළ ප්‍රති පිළිකා කාරක ගුණයෙන් යුතුයි.
දෙහි ගෙඩි 2ක් – විටමින් C බහුල දෙහි බොහෝ රෝගවලින් ඔබ ආරක්ෂා කරනවා. ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා ශරීරයට විෂ සහිත දෑ බැහැර කරන්නට හේතු වනවා. මස්, මාළු වැනි ආහාර නිසා ශරීරයේ යූරික් අම්ල ප්‍රමාණය ඉහල යාමට හේතු වනවා.එහි ප්‍රතිපලයක් වන්නේ රක්තවාත වැනි රෝගී තත්ත්ව. දෙහි මගින් මෙම යූරික් අම්ල ප්‍රමාණය නිසි ලෙස පාලනය කරනවා.
සාදන ආකාරය : බීට් සෝදා පොතු හැර කැබලි කපා ගන්න. ජම්බෝල ලෙලි හැර කැබලි කපා ගන්න. දෙහි ගෙඩි දෙකේ යුෂ මිරිකා ගන්න. මේ සියල්ල බ්ලෙන්ඩරයකට දමා මිශ්‍ර කර පානය කරන්න.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…