කොරෝනා වයිරස ආසාදනයෙන් ගැලවීම සඳහා ඇමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් (Johns Hopkins) විශ්වවිද්‍යාලය පහත උපදෙස් මාලාව ඉදිරිපත් කර ඇත.
කොරෝනා වයිරස ආසාදනයෙන් ගැලවීම සඳහා ඇමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් (Johns Hopkins) විශ්වවිද්‍යාලය පහත උපදෙස් මාලාව ඉදිරිපත් කර ඇත.
1. කොරෝනා වයිරසය ජීවී සත්ත්වයකු නොවේ. නමුත් එය මේද තට්ටුවකින් ආරක්ෂිත ප්‍රෝටීන (DNA) අණුවකි. ඇස්, නාස් හෝ මුඛ ස්‍රාවයන්ට මෙම වයිරසය එක් වූ පසු ඔවුන්ගේ ජාන දාම වෙනස් කරමින් ආක්‍රමණකාරී ස්වරූපයකින් ගුණනය වෙයි.
2. මෙම වයිරසය ජීවී සත්ත්වයකු නොවන හෙයින් මරා දැමීමට නොහැකිය. වයිරසය එතුළින්ම විනාශ වෙයි. වයිරසය විනාශ වීමේ කාලය එය උෂ්ණත්වය, ආර්ද්‍රතාව සහ එය කුමන මතුපිටක් මත පවතින්නේද යන්න මත තීරණය වෙයි.
3. Covid -19 වයිරසය ලෙහෙසියෙන් විනාශ වන්නකි. එහි ආරක්ෂාවට එයට ඇති එකම රැකවරණය වන්නේ මතුපිට ආවරණය කරන තුනී මේද තට්ටුවයි. එබැවින් ඕනෑම සබන් හෝ ඩිටර්ජන් වර්ගයක් වයිරසයට එරෙහිව හොඳම ප්‍රතිකර්මය වේ. සබන් හෝ ඩිටර්ජන්ට් පෙන මඟින් එකී මේද තට්ටුව කපා හැරේ. (ඔබ හොඳින් පෙණ නඟින සේ තත්පර 20ක් හෝ ඊට වැඩි කාලයක් අත් සබන් හෝ ඩිටර්ජන්ට් දමා ඇතිල්ලිය යුතු වන්නේ බොහෝ පෙණ ඇති කිරීමටයි.) පිටත ඇති ඇති මේද තට්ටුව දිය වීමත් සමඟ වයිරසයේ ප්‍රෝටීන් අණුව විසිරී යමින් බිඳ වැටෙයි.
4. උණුසුම ද මේද තට්ටුව දියකර හරී. එබැවින් සෙන්ටිගේර්ට් අංශක 25 ට වැඩි උණුසුම් ජලයෙන් අත්රෙදි සහ අනෙකුත් ද්‍රව්‍ය සේදීම ඉතා යහපත් වේ. උණුසුම් වතුර මඟින් සබන් පෙණ වැඩි වශයෙන් ඇති කිරීම ද වැඩි වාසියකි.
5. මද්‍යසාර හෝ 65%ට වඩා මද්‍යසාර ඇති වෙනත් ඕනෑම මිශ්‍රණයකින් ඕනෑම මේද වර්ගයක් දියවෙයි. විශේෂයෙන්ම කොරෝනා වයිරසයේ මේද තට්ටුව දියවෙයි.
6. විරංජන කාරක එක් කොටසකට ජලය කොටස් 5ක් මිශ්‍රකොට සාදාගත් මිශ්‍රණය සෘජුව ප්‍රෝටීන විනාශ කරන බැවින් වයිරසය එහි ඇතුළතින් විනාශ කරයි.
7. සබන්, ඇල්කොහොල් සහ ක්ලෝරීන්වලට පසුව ඔක්සිජනීකෘත ජලය වයිරසයේ ප්‍රෝටීන කොටස දියකර හැරීමට උපකාරි වන්නේ එහි පෙරොක්සයිඩ් ඇති බැවිනි. නමුත් එය තනුක නොකර භාවිත කළ යුතු අතර සමට වේදනාකාරී වේ.
8. බැක්ටීරියා නාශකවලින් කොරෝනා වයිරසය විනාශ කළ නොහැකිය. වයිරස බැක්ටීරියා වැනි ජීවියකු නොවන හෙයින් ප්‍රතිජීවක මඟින් විනාශ කළ නොහැකිය. නමුත් ඉහත දැක්වූ සියලු ක්‍රමවේද මඟින් වයිරසයේ ව්‍යුහය බිඳ දැමිය හැකිය.
9. භාවිත කළ හෝ නොකළ ඇඳුම් හෝ රෙදි ගසන්න එපා. වයිරසය ඒවා අභ්‍යන්තරයේ පැය 3ක් පමණ වේලාවක් පවතී. පැය 4ක් තඹ සහ ලී මතත්, පැය 24ක් කාඩ්බෝර්ඩ් මතත් පැය 42ක් යකඩ මතත් පැය 72ක් ප්ලාස්ටික් මතත් පවතී. ඔබ පිස්නයක් ගෙන පිස දැමුවහොත් වයිරස අණු වායුගත වී පැය තුනක් පවතින අතර ඔබගේ නාසය මත පතිත විය හැකිය.
10. කොරෝනා වයිරස අණු පිටත සීත තත්ත්වයන් තුළ මෙන්ම වාහන හා නිවාස තුළ වායුසමීකරණය කළ කෘත්‍රිම සීත තත්ත්වයන් තුළද ඉතා ස්ථායි වේ. ඔවුන්ට ස්ථායි ලෙස රැඳී සිටීමට තෙත් සහිත බව මෙන්ම විශේෂයෙන්ම අඳුර ද අවශ්‍ය වේ. එහෙයින් තෙතමනය රහිත වීම, වියළි බව උණුසුම හා ආලෝකවත් වටපිටාව තුළ වයිරසය වේගයෙන් බිඳ වැටේ.
11. යම් මතුපිටක් මත පතිත වන පාරජම්බුල ආලෝකය (Uv Light) මඟින් වයිරසයේ ප්‍රෝටීන අණුව බිඳ වැටේ. උදාහරණයක් වශයෙන් මුඛ වැස්මක් විස බීජහරණය කර නැවත භාවිත කිරීමට පාරජම්බුල ආලෝකය භාවිත කළ හැකිය. නමුත් එය සමේ ඇති ප්‍රෝටිනයක් වන කොලැජන් (Collagen) බිඳ වැටීමට හේතු වී සම රැලි වැටීමට හා සමේ පිළිකා ඇතිවීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශම් විය යුතුය.
12. නීරෝගි සමක් හරහා කොරෝනා වයිරසයට ගමන් කළ නොහැකිය.
13. වයිරසයේ මේද තට්ටුව බිඳ හෙළීමට නොහැකි හෙයින් විනාකිරිවලින් ප්‍රයෝජනයක් නොමැත.
14. ස්ප්‍රිතු හෝ වොඩ්කා මඟින් ප්‍රයෝජනයක් නැත. සැරම වොඩ්කාවල මද්‍යසාර ප්‍රතිශතය 40%කි. වයිරසය විනාශ කිරීමට 65%කට වැඩි ප්‍රතිශතයක මද්‍යසාර සාන්ද්‍රණයක් අවශ්‍යය.
15. ලිස්ටරින්වල (Listerine) 65%ක ඇල්කොහොල් සාන්ද්‍රණයක් ඇත.
16. යම් තැනක් වසා ඇති තරමට එහි වයිරස ඝනත්වය වැඩිය. එළිමහන් හා ස්වාභාවික වායු සංසරණය ඇති තැන වයිරස ඝනත්වය අඩුය.
17. ශරීර ස්‍රාවයන්්, ආහාර, අගුළු, බොත්තම්, ස්විච්ච, දුරස්ථ පාලක, ජංගම දුරකථන, ඔරලෝසු පරිගණක, ඩෙස්ක් රූපවාහිනි ආදිය ඇල්ලීමට පෙර හා පසුව ඔබගේ අත් හොඳින් සේදිය යුතුය. ඒ වගේම නාන කාමරය භාවිත කිරීමට පෙර හා පසුවද අත් සෝදාගන්න.
18. බොහෝ වාරයක් සේදීමෙන් අනතුරුව ඔබේ අතවේළා තෙතමනය ගෙන දෙන ආලේපයක් ගැල්විය යුතුය. අත්වල කුඩා සීරීම් තුළ වයිරස අණු රැඳිය හැකිය. ගල්වන තෙතමන ආලේපය ඝන වන තරමට යහපත්ය.
19. ඔබගේ නියපොතු ඉතා කොටට කපන්න. එවිට වයිරසය ඒ තුළ නොරඳයි.
සැකසුම – රු කාරියවසම් මව්බිම | උපුටා ගැනීම : හිරු ගොසිප් | මුල් ලිපිය : Click Here
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…