Sexpert

“සතුට” මග හැර ගන්න එපා!!!

යහනට එන බොහෝ පිරිමින් තම වින්දනය ලබාගෙන අනෙක් පසට හැරී නිදා ගැනීම සුලබ කරුණක්. එය ස්ත්‍රී පාර්ශවය අපහසුතාවයට වගේම ලොකු නොසන්සුන්තාවයක අතරමං කරන්නක් බව පිරිමින් සිතන්නේම නැති තරම්. මෙම මානසික පීඩනය පුපුරා යන අවස්ථාවල පවුල් සංස්ථා බිඳවැටීම් වගේම අනියම් ඇසුර සොයා යාම සුලබව දකින්නට පුළුවන්.

කාන්තාවක් ලිංගික එකතුවකදී සතුටුවන ආකාරය පිරිමි පාර්ශවයට වඩා වෙනස්. එහිදී ඇයට උපරිම තෘප්තියක් නැතිනම් සුරතාන්තය(climax) ලබා ගැනීම බොහෝ අවස්ථාවල පුරුෂයාට මෙන් පහසුවෙන් සිදුවන්නක් නම් නොවේ. ස්ත්‍රියක, පුරුෂයෙකු හා ලිංගිකව එකතුවන සෑම අවස්ථාවකදීම පූර්ණ සුරතාන්තයකට පත්වීම වැදගත්. එය ඇගේ අයිතියක් වගේම ශාරීරික හා මානසික අවශ්‍යතාවයක්. නමුත් යහනට එන බොහෝ පිරිමින් තම වින්දනය ලබාගෙන අනෙක් පසට හැරී නිදා ගැනීම සුලබ කරුණක්. එය ස්ත්‍රී පාර්ශවය අපහසුතාවයට වගේම ලොකු නොසන්සුන්තාවයක අතරමං කරන්නක් බව පිරිමින් සිතන්නේම නැති තරම්. මෙම මානසික පීඩනය පුපුරා යන අවස්ථාවල පවුල් සංස්ථා බිඳවැටීම් වගේම අනියම් ඇසුර සොයා යාම සුලබව දකින්නට පුළුවන්. පුරාණ කාම ශාස්ත්‍ර ග්‍රන්ථවල ස්ත්‍රියකගේ සුරතාන්තයට පත්වීම පහත ඉඟිවලින් හඳුනාගත හැකි වනවා.

01) සිරුර පුරා ලොමු දැහැ ගැන්වීම
02) අත්පා අවයව ලිහිල්ව වැතිරීම
03) දෑස් පියවී යාම
04) කම්මුල් දහදිය දැමීම හා රත් පැහැ වීම
05) යෝනිය මෘදු වීම
06) දැඩිව නැගී ආ කෙඳිරිය නැති වී යාම

කම් සැප නරක දෙයක් නම් නොවේ. ලෞකික ජීවිත ගත කරන අප නිසි සේ කම් සැප විඳීම ජීවිතය තුල ලද යුතු දෙයක්. එය ස්ත්‍රී, පුරුෂ ලෙස වර්ග කර වෙන් කළ හැක්කක් නොවේ. අනෙක් අතට පුරුෂයාට වඩා, යහනේ ලිංගික එකතුවකදී නොලැබෙන නිසි තෘප්තිය කාන්තාවක් මහත් පීඩාවට පත් කරන සිතුවිල්ලක්. නිසි සුරතාන්තයක් නොලැබෙන විටෙක කාන්තාවක තුලින් මේ ලක්ෂණ පහළවන්නේ නිරායාසයෙන්. ඒ පුරුෂයා තමා කෙරෙහි අවධානයට යොමු කරගෙන සිය අවශ්‍යතාවය ඉටු කර ගැනීමේ අරමුණින්.

01) නිදි යහනේ, ලිංගික කාර්යයේදී දිගින් දිගටම දොඩමලු වීම
02) දෙඅත් ගසා දැමීම
03) පුරුෂයාට ඉවතට යාමට ඉඩ නොදීම
04) පුරුෂයා යටකරගෙන ස්ත්‍රිය පුරුෂයා මතට වී පුරුෂයෙකු සේ කටයුතු කිරීම

ලිංගික එකතුව කාන්තාවට සුරතාන්තයක් ලබා නොදී අවසන් වූ විටෙක සහකරු කෙරෙහි දැඩි නුරුස්නා ස්වභාවයක් ඇතිවීම නිරායාසයෙන් ඇතිවන්නක්. හොඳින් වටහා ගත් සහකරුවෙකු නම් රමණයේ දී සිය සහකාරියගේ සතුටට මුල් තැන දී කටයුතු කරනු ඇති. අනෙක් අතට කාන්තාවක් ලෙස ඔබ යහනේදී මුළු ගැන්වී කටයුතු නොකළ යුතුයි. ඔබ විවෘත අයෙකු විය යුතුයි. ඔබේ මානසික හා ශාරීරික අවශ්‍යතා සහකරු හා කතා බහ කිරීම කළ යුත්තක්. එය දෙදෙනාගේම සතුටට හේතු වනු ඇති.

People photo created by rawpixel.com – www.freepik.com

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

9 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

10 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

10 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago