යහනට එන බොහෝ පිරිමින් තම වින්දනය ලබාගෙන අනෙක් පසට හැරී නිදා ගැනීම සුලබ කරුණක්. එය ස්ත්‍රී පාර්ශවය අපහසුතාවයට වගේම ලොකු නොසන්සුන්තාවයක අතරමං කරන්නක් බව පිරිමින් සිතන්නේම නැති තරම්. මෙම මානසික පීඩනය පුපුරා යන අවස්ථාවල පවුල් සංස්ථා බිඳවැටීම් වගේම අනියම් ඇසුර සොයා යාම සුලබව දකින්නට පුළුවන්.
කාන්තාවක් ලිංගික එකතුවකදී සතුටුවන ආකාරය පිරිමි පාර්ශවයට වඩා වෙනස්. එහිදී ඇයට උපරිම තෘප්තියක් නැතිනම් සුරතාන්තය(climax) ලබා ගැනීම බොහෝ අවස්ථාවල පුරුෂයාට මෙන් පහසුවෙන් සිදුවන්නක් නම් නොවේ. ස්ත්‍රියක, පුරුෂයෙකු හා ලිංගිකව එකතුවන සෑම අවස්ථාවකදීම පූර්ණ සුරතාන්තයකට පත්වීම වැදගත්. එය ඇගේ අයිතියක් වගේම ශාරීරික හා මානසික අවශ්‍යතාවයක්. නමුත් යහනට එන බොහෝ පිරිමින් තම වින්දනය ලබාගෙන අනෙක් පසට හැරී නිදා ගැනීම සුලබ කරුණක්. එය ස්ත්‍රී පාර්ශවය අපහසුතාවයට වගේම ලොකු නොසන්සුන්තාවයක අතරමං කරන්නක් බව පිරිමින් සිතන්නේම නැති තරම්. මෙම මානසික පීඩනය පුපුරා යන අවස්ථාවල පවුල් සංස්ථා බිඳවැටීම් වගේම අනියම් ඇසුර සොයා යාම සුලබව දකින්නට පුළුවන්. පුරාණ කාම ශාස්ත්‍ර ග්‍රන්ථවල ස්ත්‍රියකගේ සුරතාන්තයට පත්වීම පහත ඉඟිවලින් හඳුනාගත හැකි වනවා.
01) සිරුර පුරා ලොමු දැහැ ගැන්වීම
02) අත්පා අවයව ලිහිල්ව වැතිරීම
03) දෑස් පියවී යාම
04) කම්මුල් දහදිය දැමීම හා රත් පැහැ වීම
05) යෝනිය මෘදු වීම
06) දැඩිව නැගී ආ කෙඳිරිය නැති වී යාම
කම් සැප නරක දෙයක් නම් නොවේ. ලෞකික ජීවිත ගත කරන අප නිසි සේ කම් සැප විඳීම ජීවිතය තුල ලද යුතු දෙයක්. එය ස්ත්‍රී, පුරුෂ ලෙස වර්ග කර වෙන් කළ හැක්කක් නොවේ. අනෙක් අතට පුරුෂයාට වඩා, යහනේ ලිංගික එකතුවකදී නොලැබෙන නිසි තෘප්තිය කාන්තාවක් මහත් පීඩාවට පත් කරන සිතුවිල්ලක්. නිසි සුරතාන්තයක් නොලැබෙන විටෙක කාන්තාවක තුලින් මේ ලක්ෂණ පහළවන්නේ නිරායාසයෙන්. ඒ පුරුෂයා තමා කෙරෙහි අවධානයට යොමු කරගෙන සිය අවශ්‍යතාවය ඉටු කර ගැනීමේ අරමුණින්.
01) නිදි යහනේ, ලිංගික කාර්යයේදී දිගින් දිගටම දොඩමලු වීම
02) දෙඅත් ගසා දැමීම
03) පුරුෂයාට ඉවතට යාමට ඉඩ නොදීම
04) පුරුෂයා යටකරගෙන ස්ත්‍රිය පුරුෂයා මතට වී පුරුෂයෙකු සේ කටයුතු කිරීම
ලිංගික එකතුව කාන්තාවට සුරතාන්තයක් ලබා නොදී අවසන් වූ විටෙක සහකරු කෙරෙහි දැඩි නුරුස්නා ස්වභාවයක් ඇතිවීම නිරායාසයෙන් ඇතිවන්නක්. හොඳින් වටහා ගත් සහකරුවෙකු නම් රමණයේ දී සිය සහකාරියගේ සතුටට මුල් තැන දී කටයුතු කරනු ඇති. අනෙක් අතට කාන්තාවක් ලෙස ඔබ යහනේදී මුළු ගැන්වී කටයුතු නොකළ යුතුයි. ඔබ විවෘත අයෙකු විය යුතුයි. ඔබේ මානසික හා ශාරීරික අවශ්‍යතා සහකරු හා කතා බහ කිරීම කළ යුත්තක්. එය දෙදෙනාගේම සතුටට හේතු වනු ඇති.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…