හිරු උදාවත් සමග පිබිදී දෛනික වැඩ කටයුතු ආරම්භ කරන අපි දවසක නිමාව ලෙස සලකන්නේ හිරු අවරට ගොස් බැස යාමත් සමග. ඇත්තෙන්ම හිරු නිසා ජීවිතය ලැබූ අපට හිරුගෙන් තොරව ඒ ජීවිතය ගැන හිතන්නත් බැරි තරම්. මේ හිරුගේ පතිතවන කිරණෙන් අපට ඇති වාසි සහ අවාසි ගැන දැනුවත් වීම වැදගත්. විශේෂයෙන්ම හිරු කිරණින් ලැබෙන වාසි ගැන දැනගෙන සිටියත් ඉන් අපේ සමට වන හානි ගැන අපේ දැනුම බොහෝ විට අල්පයි. මේ ලිපියෙන් අප උත්සාහ කරන්නේ ඒ ගැන යමක් ඔබට කියා දෙන්නටයි.

ලෝකයේ ජීවය ඇති කරන්නට, ඒ ජීවයට ආහාර සපයන්නට මුලිකව හේතු වුණේ හිරු කිරණ කියන කරුණ අප දන්නා දෙයක්. හිරු එලිය ඇසුරෙන් හරිත ශාක තුල නිපදවෙන ශක්තිය ආහාර ලෙස මුළු මහත් ආහාර දාම සහ ජාල ඔස්සේ ගමන් කරන බව අප උගත්තේ පාසල් සමයේ. නමුත් මේ හිරු කිරණ වල ඇති සමහරක් කිරණ වර්ග අපේ සැමට අහිතකර වෙනවා. මෙවැනි කිරණට නිතර නිරාවරණය වීමෙන් විවිධ චර්ම රෝග මෙන්ම සම අවපැහැ ගැන්වීමද සිදුවන්නට පුළුවන්. මෙය දිගින් දිගටම සිදු වීමෙන් සම ආශ්‍රිත පිළිකා පවා ඇතිවන්නට පුළුවන්. හිරු කිරණින් ආවරණය වීමට ඇති ආලේපනයක් භාවිතය වැදගත් බව අපි අසා තිබුණත් එය අපට එතරම්ම හුරු දෙයක් නොවීමත්, ඒ පිලිබඳ අපේ දැනුම ප්‍රමාණවත් නොවීමත් විශාල ගැටළුවක්. ලාංකික අපට මෙවැනි ආලේපන වර්ග භාවිතය තරමක් නුහුරු නුපුරුදු දෙයක් වුණත් යුරෝපා රටවලත්, ඇතැම් ආසියාතික රටවලත් ජනතාව ඔවුන්ගේ දෛනික ජීවිතයේ අනිවාර්ය අංගයක් ලෙස මෙවැනි ආලේපන භාවිතා කරනු දකින්නට පුළුවන්.

හිරු ආවරණ ආලේපන(sunscreen protection) භාවිත කරන සහ නොකරන, ඍජු හිරු එලියට නිතර නිරාවරණය වන අයගේ සමේ පැහැදිලි වෙනසක් දකින්නට පුළුවන්. මෙවැනි ආලේපන භාවිත නොකර නිතර දැඩි හිරු රැස් වලට නිරාවරණය වන අයගේ සම පිළිස්සුනු ස්වභාවයකින් පෙනෙනවා සේම රැලි වැටී වියලී, ගොරෝසු වී ඇති අයුරක් දකින්නට පුළුවන්. සම ඉක්මනින් වියපත් වන ලකුණු ද මේ අය තුලින් ඉක්මනින් මතු වනවා. නමුත් sunscreen protection එකක් භාවිත කරන අයගේ සම නැවුම් අයුරින්ම පවතිනවා.

Photo credit: dreamstime.com

Sunscreen සහ SPF(Sun Protection Factor)

අද වන විට වෙළඳ පොලේ හිරු ආවරණ ආලේපන වර්ග විවිධ වෙළඳ සන්නාමවලින් මිලදී ගැනීමට තිබෙනවා. නමුත් ඔබ එහිදී ඔබේ සමට ගැලපෙන, ඔබ කොතරම් කාලයක්, ප්‍රමාණයක් හිරු කිරණට නිරාවරණය වී සිටීද යන කරුණු සලකා බලා ගැලපෙන ආලේපනයක් මිලදී ගත යුතු වනවා. හිරුගෙන් එන අහිතකර කිරණ වන UVA සහ UVB වලින් කොපමණ ආරක්ෂාවක් ලබා දෙන වර්ගයේ ආලේපනයක් දැයි වටහාගෙන මිලට ගැනීම වැදගත්. එහිදී SPF අගයක් සඳහන් කර තිබෙනු ඔබට දකින්නට පුළුවන්. මේ SPF යනු Sun Protection Factor යන්නෙහි කෙටි යෙදුම.

ඔබේ සම හිරු රැස්වලට නිරාවරණය වී විනාඩි 10ක් පමණ ගතවන විට අව පැහැ ගැන්වීම්, පිළිස්සීම් සිදුවන්නට ඉඩ ඇත්නම්, SPF 15 අගයක හිරු ආවරණ ආලේපනයක් මගින් විනාඩි 150ක් සම ආරක්ෂා කරගෙන සිටිය හැකි වනවා. එනම් SPF හි දක්වන අගය මේ වාර ගණනක්(එය ඔබේ සමේ ස්වභාවය, ආලේපනය කොපමණ ප්‍රමාණයක් භාවිත කරන්නේද සහ හිරු කිරණ ප්‍රමාණය අනුව වෙනස් වන්නට හැකියි.)

SPF අගය මගින් කොපමණ ආරක්ෂාවක් අපේ සමට අදාළ ආලේපන වලින් ලැබේ දැයි පහත සටහන ඇසුරෙන් වටහා ගන්නට පුළුවන්.

Photo credit: https://www.pointsonly.com/

හිරු ආවරණ ආලේපනයක් භාවිතයෙන් සමේ පිළිස්සීම් ඇති නොවී ආසන්නව කොපමණ කාලයක් ආරක්ෂාවක් ලැබේ දැයි දැන ගැනීම වැදගත්. සමකාසන්න දැඩි හිරු රැස් ලැබෙන රටක ජීවත් වන අපි අවම වශයෙන් SPF50ක අගයක්වත් ඇති හිරු ආවරණ ආලේපනයක් භාවිත කළ යුතු වනවා. හිරු එළියේ ක්‍රීඩා කරන විට, පිහිනීම වැනි ක්‍රියා වල හෝ මුහුදු වෙරළේ වැතිර සිටින විට ඉහල අගයක ආලේපනයක් භාවිත කළ යුතුයි. SPF 25, SPF 50, SPF 75 වැනි අගයන්ගෙන් මෙවැනි ආලේපන වෙළඳපොලේ තිබෙනු දකින්නට පුළුවන්. වැදගත් වන්නේ හිරු එළියේ ඔබ නිරාවරණය වන ප්‍රමාණය සහ කාලය සලකා බලා ගැලපෙන්නක් තෝරා ගැනීමයි. මෙහිදී අඩු මිලට ගුණාත්මක බැවින් අඩු ආලේපනයක් මිලට ගන්නවා වෙනුවට පිළිගත් වෙළඳ සන්නාමයක, නිසි ප්‍රමිතියට සෑදු නිෂ්පාදනයක් මිලදී ගැනීම වැදගත්.

Sunscreen නිවැරදිව භාවිත කරන අයුරු

Credit: https://giphy.com/

ඔබ නිවසින් බැහැර වීමට මිනිත්තු 30කට වත් පෙර සිරුරේ හිරුට නිරාවරණය වන ප්‍රදේශවල ආලේප කරන්න. එවිට එය ඔබේ සැමට උරාගෙන හිරු කිරණවල UVA සහ UVB යන අහිතකර කිරණවලින් ආරක්ෂාව සැපයෙනු ඇති. සමේ නිරෝගී පැහැපත් පෙනුම රැකදෙනවා ඇති.

Water photo created by freepic.diller – www.freepik.com