ප්‍රවීණ ගායිකා ඉන්ද්‍රාණි විජේබණ්ඩාර මහත්මිය අභාවප්‍රාප්ත වූ බව Zest Girls Sri Lanka සංවේගයෙන් යුතුව දැනුම් දෙමු.
ප්‍රවීණ ගායිකා ඉන්ද්‍රාණි විජේබණ්ඩාර මහත්මිය අභාවප්‍රාප්ත වූ බව Zest Girls Sri Lanka සංවේගයෙන් යුතුව දැනුම් දෙමු. දින කීපයක් තිස්සේ ශ්වසන ගැටලුවකින් පිඩා විඳි ඒ මහත්මිය ඊයේ ජුනි 23 කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වන විට 83වන වියේ පසු වුවාය.ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ A ශ්‍රේණියේ සරල ගී ගායිකාවක ලෙස වෙසක් කැකුළු(රේඛාව චිත්‍රපටය – 1956), දඟකාරි මං මද්දුම දෝණි, සුදු සඳ එළියේ, රතු පාට මල්, මල් සූටික්කෝ, සොම්නස හද පුරවන්නයි(හැංගි හොරා – 1968) වැනි මතකයේ රැඳෙන ගී රැසක් සිංහල ගී ගොන්නට එක් කළ ඇය විවාහ වී සිටියේ මෙරට සිටි ප්‍රවීණ ගායකයෙකු මෙන්ම සංගීත අධ්‍යක්ෂකවරයෙකු වූ දිවංගත සිසිර සේනාරත්න මහතා සමගය. ඔවුන් දෙදෙනා විසින් ගායනා කළ ඕලු නෙලුම් නෙරිය රඟාලා, නුහුරු නුපුරුදු රහස පිලිබඳ, හඳපානේ, ගයා ගීතයන් ගමේ වෙල් එළියේ වැනි ගී අදට පවා එකසේ ජනප්‍රියත්වයකින් ඇත. ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මියගේ දේහය බොරැල්ල ජයරත්න Respect අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 27වන බ්‍රහස්පතින්දා කොළඹ කනත්තේදී සිදු කෙරේ. Zest Girls Sri Lanka අපි අපගේ බලවත් වූ ශෝකය අගේ පවුල වෙත පුද කරන අතර ඇයට අමා මහා නිවන් සුව පතමු.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…