හිත ඇත්නම් කාන්තාවකට ජය ගත නොහැකි දෙයක් නැත යන්න අපට පසක් කළ "ජෙසී කෝම්බ්ස්"…ඔබට සුබ ගමන්….!!!
වේගය, ත්‍රාසජනක ක්‍රීඩා බොහොමයක් විට පුරුෂ ලෝකයේ ආධිපත්‍යය පැතිරුණු ක්ෂේත්‍රයන් සේ දක්නට ලැබෙන්නක්. නමුත් එය අසත්‍ය බව පසක් කරමින් එවැනි ක්ෂේත්‍රවල කාන්තාවන්ට හිමි තැන සලකුණු කරන්නට සමත් වූ අභීත, ධෛර්යයසම්පන්න කාන්තා චරිත නැත්තේද නොවේ. ජෙසී කෝම්බ්ස් එවැන්නියකි. “මිහිපිට රෝද හතර මත වේගවත්ම කාන්තාව” යන විරුද නාමයෙන් හැඳින්වූ ඇය වෘත්තීය මෝටර් රථ ධාවන ශුරියකි. මෝටර් රථ සම්බන්ධ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියකි. 1980 දී දකුණු ඩකොටාවේ, රොකර්විල්හි උපත ලද ජෙසී කෝම්බ්ස් මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයේ වාර්තා රැසකට හිමි කම් කියුවාය. විශේෂය වන්නේ බොහෝ විට ඇය අතින් බිඳ වැටුණේ ය විසින්ම තබා තිබු වේග වාර්තා වීමයි. Xtreme 4×4 සහ MythBusters රූපවාහිනී වැඩසටහන් තුලින් ඇය පුංචි තීරයේද ජනප්‍රියත්වයක් ලබා තිබුණි. පසුගිය අගෝස්තු 27 වනදා ඇය ඔරේගන් හි අල්වර්ඩ් කාන්තාර ප්‍රදේශයේදී උත්සාහ කළේ ඇය විසින්ම තබා තිබූ වේග වාර්තාවක් බිඳ දැමීමටයි. නමුත් අවාසනාවකට දෛවය ඊට හරස් විය. ඇය පෙම් බැඳී රෝද හතර මතම ඇගේ දිවි අහිමි වූයේ හදිසි අනතුරක් නිසාවෙනි. නමුත් කාන්තා පරපුරටම ඇය තබා ගිය පණිවිඩය අගනා එකකි. හිත ඇත්නම් කාන්තාවකට ජය ගත නොහැකි දෙයක් නැත යන්න අපට පසක් කළ “ජෙසී කෝම්බ්ස්“…ඔබට සුබ ගමන්….!!!
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…