Sexpert

වාත්ස්‍යනයන්ගේ කාම සූත්‍ර – 01 කොටස

මහා පඬි වාත්ස්‍යනයන් විසින් ක්‍රිස්තු පූර්ව 3 හෝ 4වන සියවස්හි රචනා කළ ලිංගික ජීවිතය පිලිබඳ වන මහා අත්පොත වන කාම සුත්‍රය හැකි උපරිම අයුරින් එලෙසින්ම සිංහල පරිවර්තනයක් ලෙස අපගේ පාඨක පිරිස වෙත ගෙන ඒමට ගන්නා උත්සාහයකි මේ.

මේ ලිපි පෙළ වැඩිහිටියන් සඳහා වඩාත් සුදුසුය.

සංස්කාරක සටහන : මහා පඬි වාත්ස්‍යනයන් විසින් ක්‍රිස්තු පූර්ව 3 හෝ 4වන සියවස්හි රචනා කළ ලිංගික ජීවිතය පිලිබඳ වන මහා අත්පොත වන කාම සුත්‍රය හැකි උපරිම අයුරින් එලෙසින්ම සිංහල පරිවර්තනයක් ලෙස අපගේ පාඨක පිරිස වෙත ගෙන ඒමට ගන්නා උත්සාහයකි මේ. මෙහිදී කිසිඳු ආගමික හෝ වෙනත් ලබ්ධියක් ඉස්මතු කිරීමක් නොවන අතර මුල් පොතෙහි සඳහන් කරුණු හැකි උපරිම අයුරින් ඉදිරිපත් කිරීම අපගේ අරමුණයි.

ඛාජුරාහෝ සිද්ධස්ථානයේ කැටයමක්

ධර්මයට, අර්ථයට සහ කාමයට ආචාරය…!!!

පටන්ගැන්මේ දී, සියළු මූලාරම්භයනට අධිපති වූ දෙවියන් විසින් මිනිසා සහ ගැහැණිය මවන ලදී. එපමණක් නොව මිනිස් සංහතියේ පැවැත්ම තහවුරු හා නියාමනය කිරීම වෙනුවෙන් පරිච්ඡේද ලක්‍ෂයකින් සමන්විත ආඥා ස්වරූපයෙන් ධර්මය, අර්ථය සහ කාමයට අදාලව නීති රීති සමුදායක් නියම කර තිබිණි. මේ නීති රීති සමුදාය අතුරින් ධර්මයට අදාළ කරුණු ස්වයංබු මනු විසින්ද, අර්ථයට අදාළ කරුණු බ්‍රිහාස්පති විසින්ද, කාමයට අදාළ පරිච්ඡේද දහස මහාදේවගේ අනුගාමිකයෙකු වන නන්දි විසින්ද සම්පාදනය කර ඇත. පරිච්ඡේද දහසකින් නන්දි විසින් රචනා කළ “කාම සුත්‍රය” නොහොත් ප්‍රේමයේ පුරාවෘත්තය උද්වාලකගේ පුත් ශ්වේතකෙතු විසින් පරිච්ඡේද පන්සියයකින් සංක්ෂිප්තව ප්‍රති රචනා කරන ලදුව, පංචාල රට වැසියකු වන බභ්‍රව්‍ය විසින් පරිච්ඡේද එකසිය පනහකින් යුතුව නැවත ප්‍රතිනිර්මාණය කරන ලදී. මෙම පරිච්ඡේද එකසිය පනහ ප්‍රධාන මාතෘකා හතක් යටතේ විස්තර කෙරෙනු ඇති. ඒවා නම්…

01) සාධාරණ(පොදු මාතෘකා)
02) සම්ප්‍රයෝගික(ආලිංගනයන්, වැළඳ ගැනීම්)
03) කන්‍යා සම්ප්‍රයුක්තක(ස්ත්‍රී පුරුෂ සම්භෝගය)
04) භාර්යාධිකාරිකා(ස්වකීය භාර්යාව පිලිබඳ)
05) පරාදිකා(අන්‍යයන්ගේ බිරියන් පිලිබඳ)
06) වෛශිකා(අබිසරුලියන් පිලිබඳ)
07) ඖපමිෂාධිකා(රතී කලාවන් පිළිබඳව)

මෙම අවසාන කෘතියේ හයවන පරිච්ඡේදය පාටිලිපුත්‍රයේ කාන්තාවන්ගේ ඉල්ලීම පරිදි දත්තක විසින් වෙනම විස්තර කර ඇත. එලෙසම පළමු කොටස චරායන විසින්ද අනෙක් කොටස් දෙවැන්නේ සිට පිලිවෙලින් සුවර්ණනාබ, ඝෝටකමුඛ, ගෝනාර්ධිය, ඝෝණිකපුත්‍ර සහ කුඡුමාර විසින් රචනා කරන ලදී. බභ්‍රව්‍ය විසින් රචිත පරිච්ඡේද 150කින් යුතු මුල් කෘතිය සංක්ෂිප්තයක් ලෙස මෙන්ම, ඉහත දැක්වූ කතුවරුන්ගේ එක් එක් මාතෘකා යටතේ වූ කෘති සියල්ලේ එකතුවක් ලෙස වාත්ස්‍යනයන්ගේ “කාම සුත්‍රය” මෙසේ දිග හැරෙනු ඇත. එහි පළමු පරිච්ඡේදය තුලින් ඔබ හා කතා බහට ලක්වන්නේ…

01) සුචරිතය, ධනය, සහ ආදරය යන ලෞකික ලාභයන් 03 පිළිබඳව හා සූසැට කලාවන් පිලිබඳව
02) ගෘහයක සැකැස්ම සහ ගෘහ භාණ්ඩ පිළිබඳව, පුරවැසියෙකුගේ දෛනික දිවි පෙවෙත, ඔහුගේ සහචරයින් සහ විනෝදාස්වාදයන්
03) පුරවැසියන්, මිතුරන්, දූතයින් ලෙස ඇසුරට සුදුසු හා නුසුදුසු කාන්තාවන්

පළමු පරිච්ඡේදය සමගින් ලබන සතියේ මුණ ගැසෙමු.

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

9 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

10 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

10 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago