මහා පඬි වාත්ස්‍යනයන් විසින් ක්‍රිස්තු පූර්ව 3 හෝ 4වන සියවස්හි රචනා කළ ලිංගික ජීවිතය පිලිබඳ වන මහා අත්පොත වන කාම සුත්‍රය හැකි උපරිම අයුරින් එලෙසින්ම සිංහල පරිවර්තනයක් ලෙස අපගේ පාඨක පිරිස වෙත ගෙන ඒමට ගන්නා උත්සාහයකි මේ.
මේ ලිපි පෙළ වැඩිහිටියන් සඳහා වඩාත් සුදුසුය.
සංස්කාරක සටහන : මහා පඬි වාත්ස්‍යනයන් විසින් ක්‍රිස්තු පූර්ව 3 හෝ 4වන සියවස්හි රචනා කළ ලිංගික ජීවිතය පිලිබඳ වන මහා අත්පොත වන කාම සුත්‍රය හැකි උපරිම අයුරින් එලෙසින්ම සිංහල පරිවර්තනයක් ලෙස අපගේ පාඨක පිරිස වෙත ගෙන ඒමට ගන්නා උත්සාහයකි මේ. මෙහිදී කිසිඳු ආගමික හෝ වෙනත් ලබ්ධියක් ඉස්මතු කිරීමක් නොවන අතර මුල් පොතෙහි සඳහන් කරුණු හැකි උපරිම අයුරින් ඉදිරිපත් කිරීම අපගේ අරමුණයි.
පටන්ගැන්මේ දී, සියළු මූලාරම්භයනට අධිපති වූ දෙවියන් විසින් මිනිසා සහ ගැහැණිය මවන ලදී. එපමණක් නොව මිනිස් සංහතියේ පැවැත්ම තහවුරු හා නියාමනය කිරීම වෙනුවෙන් පරිච්ඡේද ලක්‍ෂයකින් සමන්විත ආඥා ස්වරූපයෙන් ධර්මය, අර්ථය සහ කාමයට අදාලව නීති රීති සමුදායක් නියම කර තිබිණි. මේ නීති රීති සමුදාය අතුරින් ධර්මයට අදාළ කරුණු ස්වයංබු මනු විසින්ද, අර්ථයට අදාළ කරුණු බ්‍රිහාස්පති විසින්ද, කාමයට අදාළ පරිච්ඡේද දහස මහාදේවගේ අනුගාමිකයෙකු වන නන්දි විසින්ද සම්පාදනය කර ඇත. පරිච්ඡේද දහසකින් නන්දි විසින් රචනා කළ “කාම සුත්‍රය” නොහොත් ප්‍රේමයේ පුරාවෘත්තය උද්වාලකගේ පුත් ශ්වේතකෙතු විසින් පරිච්ඡේද පන්සියයකින් සංක්ෂිප්තව ප්‍රති රචනා කරන ලදුව, පංචාල රට වැසියකු වන බභ්‍රව්‍ය විසින් පරිච්ඡේද එකසිය පනහකින් යුතුව නැවත ප්‍රතිනිර්මාණය කරන ලදී. මෙම පරිච්ඡේද එකසිය පනහ ප්‍රධාන මාතෘකා හතක් යටතේ විස්තර කෙරෙනු ඇති. ඒවා නම්…
01) සාධාරණ(පොදු මාතෘකා)
02) සම්ප්‍රයෝගික(ආලිංගනයන්, වැළඳ ගැනීම්)
03) කන්‍යා සම්ප්‍රයුක්තක(ස්ත්‍රී පුරුෂ සම්භෝගය)
04) භාර්යාධිකාරිකා(ස්වකීය භාර්යාව පිලිබඳ)
05) පරාදිකා(අන්‍යයන්ගේ බිරියන් පිලිබඳ)
06) වෛශිකා(අබිසරුලියන් පිලිබඳ)
07) ඖපමිෂාධිකා(රතී කලාවන් පිළිබඳව)
මෙම අවසාන කෘතියේ හයවන පරිච්ඡේදය පාටිලිපුත්‍රයේ කාන්තාවන්ගේ ඉල්ලීම පරිදි දත්තක විසින් වෙනම විස්තර කර ඇත. එලෙසම පළමු කොටස චරායන විසින්ද අනෙක් කොටස් දෙවැන්නේ සිට පිලිවෙලින් සුවර්ණනාබ, ඝෝටකමුඛ, ගෝනාර්ධිය, ඝෝණිකපුත්‍ර සහ කුඡුමාර විසින් රචනා කරන ලදී. බභ්‍රව්‍ය විසින් රචිත පරිච්ඡේද 150කින් යුතු මුල් කෘතිය සංක්ෂිප්තයක් ලෙස මෙන්ම, ඉහත දැක්වූ කතුවරුන්ගේ එක් එක් මාතෘකා යටතේ වූ කෘති සියල්ලේ එකතුවක් ලෙස වාත්ස්‍යනයන්ගේ “කාම සුත්‍රය” මෙසේ දිග හැරෙනු ඇත. එහි පළමු පරිච්ඡේදය තුලින් ඔබ හා කතා බහට ලක්වන්නේ…
01) සුචරිතය, ධනය, සහ ආදරය යන ලෞකික ලාභයන් 03 පිළිබඳව හා සූසැට කලාවන් පිලිබඳව
02) ගෘහයක සැකැස්ම සහ ගෘහ භාණ්ඩ පිළිබඳව, පුරවැසියෙකුගේ දෛනික දිවි පෙවෙත, ඔහුගේ සහචරයින් සහ විනෝදාස්වාදයන්
03) පුරවැසියන්, මිතුරන්, දූතයින් ලෙස ඇසුරට සුදුසු හා නුසුදුසු කාන්තාවන්
පළමු පරිච්ඡේදය සමගින් ලබන සතියේ මුණ ගැසෙමු.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…