වසර සියයක පමණ ජීවිත කාලයකට උරුම කම් කියන මිනිසා සිය ජීවිතයේ එක් එක් කාල පරිච්ඡේදවලදී ප්‍රගුණ කළ යුතු, පුහුණු කළ යුතු කොටස් තුනක් ලෙස ධර්ම, අර්ථ හා කාම හඳුන්වන්නට පුළුවන්.
මේ ලිපි පෙළ වැඩිහිටියන් සඳහා වඩාත් සුදුසුය.
සංස්කාරක සටහන : මහා පඬි වාත්ස්‍යනයන් විසින් ක්‍රිස්තු පූර්ව 3 හෝ 4වන සියවස්හි රචනා කළ ලිංගික ජීවිතය පිලිබඳ වන මහා අත්පොත වන කාම සුත්‍රය හැකි උපරිම අයුරින් එලෙසින්ම සිංහල පරිවර්තනයක් ලෙස අපගේ පාඨක පිරිස වෙත ගෙන ඒමට ගන්නා උත්සාහයකි මේ. මෙහිදී කිසිඳු ආගමික හෝ වෙනත් ලබ්ධියක් ඉස්මතු කිරීමක් නොවන අතර මුල් පොතෙහි සඳහන් කරුණු හැකි උපරිම අයුරින් ඉදිරිපත් කිරීම අපගේ අරමුණයි.
වසර සියයක පමණ ජීවිත කාලයකට උරුම කම් කියන මිනිසා සිය ජීවිතයේ එක් එක් කාල පරිච්ඡේදවලදී ප්‍රගුණ කළ යුතු, පුහුණු කළ යුතු කොටස් තුනක් ලෙස ධර්ම, අර්ථ හා කාම හඳුන්වන්නට පුළුවන්. මේ කොටස් 03 එකිනෙක එක්විය හැකි අතර ගැටීමක් නොවිය යුතුයි. මිනිසෙකු සිය ළමා අවධිය අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතුය.තරුණ සහ මැදිවිය අර්ථ සහ කාම වෙනුවෙන් වෙන්කළ යුතු අතර මහලු විය නොහොත් අවසන් භාගය ධර්ම වෙනුවෙන් වෙන්කළ යුතුය.එමගින් මෝක්ෂය කරා යන මග විවර වන අතර එය පුනර්ජනනය නොහොත් සසර සැරිසැරීම අවසන් කිරීමට පිටිවහලක් වනු ඇති. නැතහොත් ජීවිතයේ අනියත බව නිසාවෙන් මේවා පුරුදු පුහුණු කිරීමට අණ කර ඇති සමයන්හි එහි යෙදිය හැකිය. කෙසේ වෙතත් ඉගෙනුම ලබන කාලය තුල බඹසර රකිමින්, භක්තිවන්ත ලෙස ආගමික ජීවිතයක් ගත කළ යුතුය.
ධර්ම නම් ශාස්ත්‍රයේ උගැන්වුණු පරිදි හෝ හින්දුන්ගේ ශුද්ධ ලියවිලිවල සඳහන් කරුණුවලට අවනතව කටයුතු කිරීමයි. ඒ අතර කළ යුතු පූජා විධි(බිලි පූජා ආදිය බොහෝවිට සිදු නොකෙරෙන අතර, ඒවා මෙලොවට අයත් නොවන දෑ වන අතර, පෙනෙන බලපෑමක් ද නොවේ) මෙන්ම, නොකළ යුතු මාංශ අනුභවය වැනි දෑ(මෙලොවට අයත්, දෘශ්‍යමාන බලපෑමක් ඇති දෑ) අන්තර්ගත වේ. ධර්මය ඉගෙන ගත යුත්තේ ශ්‍රූති (ශුද්ධ ලියවිල්ලෙන්) සහ ඒ සමඟ සංවාදයේ යෙදෙන පඬිවරුන්ගෙනි.
අර්ථ නම් කලාවන්, භූමි, රන්, ගව මහීශාදීන්, ධනය, පිරිවර හා මෙවලම් මෙන්ම මිතුරන්ද උපයා ගැනීමයි. උපයා ගනු සේම ඒ දෑ රක්ෂා ද කළ යුතුය. එමෙන්ම වර්ධනය ද කළ යුතුමය. අර්ථ ඉගෙනීම රජුගේ නිලධාරීන්ගෙන් මෙන්ම, වාණිජ කටයුතු පිලිබඳ මනා පරිචයක් ඇති වෙළෙන්දන්ගෙන්ද කළ හැක්කකි.
කාම නම් ඇස(දැකීම), කන(ඇසීම), නාසය(ගඳ-සුවඳ දැනීම), දිව(රස දැනීම), සම(ස්පර්ශය) නම් පසිඳුරන් ගැලපෙන වස්තූන් ඇසුරෙන් පිනවීමයි. එය මනස හා ආත්මයද, සිරුර හා ඒකාබද්ධ ව සිදුවන්නක් ලෙස දැක්විය හැකියි. සංවේදන ඉන්ද්‍රියක් හා වස්තුවක් අතර සිදුවන්නා වූ මේ අපූරු ඝට්ටනයක(හමුවක) ප්‍රතිපලයක් නිසාවෙන් පැන නගින ප්‍රීති ප්‍රමෝදය පිලිබඳ වූ විඤ්ඤාණය(සංඥාව) කාම ලෙස හැඳින්වේ. කාම උගත යුත්තේ කාමසුත්‍රයෙන් හා දෛනික ප්‍රගුණ කිරීම් මගිනි.
ධර්ම, අර්ථ සහ කාම එක්ව සැලකූ කල ඒ එක එකෙහි මුලින් ඇති දෙය පසුව ඇති දෙයට වඩා උතුම්ය. එනම් ධර්ම වූ කලී අර්ථ ට වඩා උතුම් වුවකි. අර්ථ, කාම ට වඩා උතුම් වුවකි. නමුත් රජකු විසින් සිය පාලිතයින්ගේ අභිවෘද්ධිය හා පැවැත්ම පිණිස අර්ථ මූලිකව සලකා කටයුතු කළ යුතුය. එමෙන්ම පොදු කාන්තාවන් නැතිනම් වෛශ්‍යාවන් අනෙක් අංග දෙකට වඩා කාමයට මූලිකත්වය දී කටයුතු කළ යුතුය. මෙය සාමාන්‍ය ඉගැන්වීමට, රීතියට ව්‍යතිරේඛී වන අවස්ථා දෙකකි.
***ලබන සතියේ තුන් වැනි කොටසින්… අධ්‍යයනය කළ යුතු විද්‍යාවන් හා කලාවන්…
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…