Sexpert

වාත්ස්‍යනයන්ගේ කාම සූත්‍ර – 03 කොටස

යම් පොදු කාන්තාවක් රූප සම්පත්තියෙන් පරිපූර්ණව, උසස් ගුණාංගයන්ගෙන් සහ ධනාත්මක ආකල්පයන්ගෙන් සපිරිව, ඉහත කලාවන් ප්‍රගුණ කළ ඇත්තියක් වේ නම් ඇය "ගණිකා" යන ගෞරව නාමයෙන් අමතනු ලබයි. ඇය ඕනෑම සභාවක පුරුෂයින් හා සමතැන්හි අසුන් ගැනීමට සුදුසුකම් සැපිරූ තැනැත්තියක වනු ඇත.

මේ ලිපි පෙළ වැඩිහිටියන් සඳහා වඩාත් සුදුසුය.

සංස්කාරක සටහන : මහා පඬි වාත්ස්‍යනයන් විසින් ක්‍රිස්තු පූර්ව 3 හෝ 4වන සියවස්හි රචනා කළ ලිංගික ජීවිතය පිලිබඳ වන මහා අත්පොත වන කාම සුත්‍රය හැකි උපරිම අයුරින් එලෙසින්ම සිංහල පරිවර්තනයක් ලෙස අපගේ පාඨක පිරිස වෙත ගෙන ඒමට ගන්නා උත්සාහයකි මේ. මෙහිදී කිසිඳු ආගමික හෝ වෙනත් ලබ්ධියක් ඉස්මතු කිරීමක් නොවන අතර මුල් පොතෙහි සඳහන් කරුණු හැකි උපරිම අයුරින් එලෙසම ඉදිරිපත් කිරීම අපගේ අරමුණයි.

ඛජුරාහෝ දේවස්ථානයේ කාම ශාස්ත්‍ර කැටයමක්

උගත යුතු විද්‍යාවන් හා කලාවන්

ධර්ම සහ අර්ථ හා එහි ඇතුලත් වන කලාවන් හා විද්‍යාවන් සේම මනුෂ්‍යයෙකු පරිපූර්ණ වීමට නම් කාම සූත්‍රය සහ එහි අන්තර්ගත විද්‍යාවන්, කලාවන් මැනවින් අධ්‍යයනය කොට වටහා ගත යුතුය.කන්‍යාවන් විශේෂයෙන්ම සිය විවාහයට පෙර මෙම කාම සුත්‍රයේ විද්‍යාවන් හා කලාවන් ප්‍රගුණ කළ යුතුය. විවාහයෙන් ඉක්බිතිවද සිය ස්වාමියාගේ කැමැත්ත පරිදි එය අභ්‍යාසයේ යෙදිය යුතුය. සමහර උගත් පිරිමින් විසින් මීට විරෝධය දක්වන්නේ කාන්තාවන් මෙම ශාස්ත්‍රයන් ප්‍රගුණ කිරීම නොකළ යුතු යැයි සහ, කාම සූත්‍රය විශේෂයෙන්ම ඉගෙනීම නොකළ යුතුය යන පුහු මතය දරමිනි. නමුත් වාත්ස්‍යනයන්ගේ මතය වන්නේ මෙම විරෝධය අර්ථ ශුන්‍ය දෙයක්නමුත් කාන්තාවන් බොහොමයක් දැනටමත් කාම සූත්‍රයේ පිළිවෙත දන්නා අතර එම ප්‍රවීණත්වය ව්‍යුත්පන්න වී ඇත්තේ කාම ශාස්ත්‍රයෙන් හෝ කාම විද්‍යාවන් ඇසුරෙනි. එවැන්නන් සඳහා මේ පුහු පිරිමි විරෝධය අර්ථ ශුන්‍ය බව වාත්ස්‍යනයන්ගේ මතයයි. තව දුරටත් විග්‍රහ කළහොත් මෙම කාම සූත්‍රය පමණක් නොව බොහෝ විද්‍යාවන් හි භාවිතය පිළිබඳව බොහෝ දෙනෙකුට සැලකිය යුතු දැනුමක් තිබුණද, විද්‍යාව පදනම් වී ඇති නීති රීති සමුදාය පිළිබඳව මනා පරිචයක් ඇත්තේ අතලොස්සකට පමණි. උදාහරණ ලෙස යාදිනක සහ පූජා පවත්වන අය අර්ථය පිලිබඳ හැඟීමකින් තොරව විවිධ දෙවිවරුන් උදෙසා ශ්ලෝක නිවැරදිව කීවත්, එම ශ්ලෝක ගොඩ නැගීමට හෝ ගොඩ නැගෙන ආකාරය පිලිබඳ අදහසක් ඇත්තවුන් නොවේ. ජ්‍යෝතිශාස්ත්‍රය පදනම් වූ නීති රීති නොදන්නා අය පවා, ජ්‍යෝතිෂයේ නියම කර ඇති අයුරින් සුබ අසුබ කාල හෝරා සලකා කටයුතු කරති. අලි ඇතුන්, සෛන්ධවයින් පුහුණු කරන්නන් සතුන් පුහුණු කිරීමේ විද්‍යාවේ න්‍යාය පිලිබඳ අධ්‍යයනයකින් තොරව පුහුණුව නිසි පරිදි කරති. ඒ ප්‍රායෝගික අභ්‍යාසය තුලින් ලබන දැනුමයි. රාජධානියක, අගනුවරින් බැහැර ජනයා වුවද, රජු දැක නොමැති වුවත්, රාජ්‍ය නීතිය ගැන දැනුමක් නොමැති වුවත් වෙනත් බලපෑමකින් තොරවම නීති ගරුක වන්නේද, රාජ පාක්ෂික වන්නේද මේ ආකාරයෙනි. අත්දැකීම් ඇසුරෙන් අප පසක් කරගෙන ඇත්තේ විශේෂයෙන්ම බොහෝ ක්ෂත්‍රීය කුමාරිකාවන්, මහාමාත්‍ය, සෙනෙවි ආදී රාජ්‍ය නිලදරුවන්ගේ දියණිවරුන්, වෛශ්‍යාවන් සැබවින්ම කාම ශාස්ත්‍රය පිළිබඳ මනා දැනුමක් ඇති කතුන් බවයි.

කාන්තාවක තුරුණු විය එළඹෙන විට, කාම ශාස්ත්‍රය සම්පූර්ණයෙන් හෝ ඉන් කොටසක් හෝ ප්‍රගුණ කළ යුතුය. ඒ විශ්වසනීය, රහස්‍ය මිතුරියක ඇසුරේ ප්‍රායෝගිකව අභ්‍යාසයේ යෙදීම මගිනි. කාම ශාස්ත්‍රයේ කොටසක් සේ සැලකෙන සූ සැට අභ්‍යාසයන් ඇය විසින් තනිව පුහුණු කළ යුතුය. ඇයගේ ගුරුවරිය පහත අයගෙන් කෙනෙක් විය යුතුය.

01) කිරි මවකගේ දියණියක් – එම දියණිය කාම ශාස්ත්‍රය ඉගෙනුම ලබන්නිය හා කුඩා කළ පටන් වැඩුණු අයෙකු විය යුතුය. මේ වන විටත් විවාහක තැනැත්තියක ද විය යුතුය.

02) දැඩි විශ්වාසයක් තැබිය හැකි මිතුරියක් – ඇය හා ඕනෑම රහසක් බෙදා ගැනීමට, එහි රහසිගත බව රැක ගැනීමට හැකි තරම් සමීප අයෙකු විය යුතුය.

03) සිය මවුගේ සොයුරියක්(සුළු මවක්) ***අප සමාජයේ ද අතීතයේ බොහෝ විට මෙම කරුණ දකින්නට ලැබී තිබුණකි. තරුණියක විවා පත් වන විට ඇයට වුවමනා ඔවදන් දීම පුංචි අම්මා කෙනෙකු හෝ නැන්දා කෙනෙකු විසින් කළ යුතු කාර්යයක් සේ සැලකිණි.

04) තමා හා සමීප වයස්ගත සේවිකාවක් හෝ පරිබ්‍රාජිකා– මේ අය පවුල් සංස්ථාවක, කාම ශාස්ත්‍රයේ අත්දැකීම් ලැබූවන් විය යුතුය.

05) තමන්ගේම සොයුරියක් – විශ්වසනීය සොයුරියක සිය ගුරු තනතුරෙහි තබා කාම ශාස්ත්‍රය ප්‍රගුණ කළ හැකිය. වැඩිමල් මෙන්ම විවාපත් සොයුරියක මගින් මේ කාර්යය ඉටු කර ගත හැකිය.

කාම සූත්‍රය හා සමගාමීව ප්‍රගුණ කළ යුතු කලා

ගායනය
සංගීත භාණ්ඩ වාදනය
නර්තනය
නර්තනය, ගායනය හා වාදනය එක්ව සිදු කිරීම
ලේඛන කලාව හා චිත්‍ර කලාව
පච්ච කෙටීම
සහල් සහ මලින් ප්‍රතිමා පිළිවෙලට සැරසීම
යහන්, කවිච්චි හෝ බිම පිලිවෙලින් රටවලට මල් අතුරා අලංකාර කිරීමේ කලාව
දත්, ඇඟලුම්, හිසකෙස්, නියපොතු සහ සිරුරු වර්ණ ගැන්වීම
වර්ණ වීදුරු බිම අතුරා රටා මැවීම
යහන් සැකසීම, බුමුතුරුණ, කොට්ටා අලංකාරව නිර්මාණය කිරීම
දිය පිරවූ බඳුන් ඇසුරෙන් සංගීත නාදය උපදවීම
බඳුන්, පොකුණු ආදියේ ජලය එක් රැස් කිරීම
රූප සැකසීම සහ අලංකරණය
නවගුණ වැල්, මාල, මාලා සහ වඩම් ආදී සැකසුම් කිරීම
සුම්බර(තලප්පා), කොන්ත, කිරීට සැකසීම හා මලින් අලංකාර කිරීම
චිත්තාලංකාර නිරූපණයන්, වේදිකා මත රඟ දැක්වීම, කර්ණාභරණ සැකසීම හා විලවුන් සැකසීම
මනා ලෙස ගලපා ඇඳුමෙන් පැළඳුමෙන් සැරසීම
විජ්ජා හෝ ගුප්ත මන්ත්‍ර කලාවන්
හස්ත කලාවන්හි දක්ෂ බව හා කඩිසර බව
සූප ශාස්ත්‍රයේ ප්‍රවීණත්වය
දෙහි පානයන්, සරුවත්, වෙනත් ආම්ලික පානයන්, සෝම පානයන් මැනවින් පිළියෙළ කිරීම
මැහුම් ශාස්ත්‍රය
නූල්වලින් කරන විවිධ අත්කම්
ප්‍රහේලිකා, පද පෙරලි, දෙබිඩි අරුත් ඇති කතා වටහා ගැනීම, ප්‍රබුද්ධ ගැටළු විසඳීමේ දක්ෂකම
අනුකරණය කිරීම
මන්ත්‍ර ජප කිරීම්, ගායන විලාශයෙන් ඉදිරිපත් කිරීම සහිත කියවීම
කඩු, දුනු සහ යෂ්ටි ශිල්පයන්
අනුමාන කිරීම්, තර්ක ශාස්ත්‍රය හා පුරෝකථන හැකියාව
වඩු වැඩ
ගෘහ නිර්මාණ ශිල්පය
රන්, රිදී, මුතු, මැණික් සහ මුදල් ආදිය පිලිබඳ දැනීම
රසායන හා ඛනිජ විද්‍යාවන් පිලිබඳ දැනුම
මුතු, මැණික් සහ පබළු වර්ණ ගැන්වීම
පතල්, ආකාර පිලිබඳ දැනුම
ගහකොළ පිලිබඳ මෙන්ම ගෙවතු සැකසීම පිලිබඳ දැනුම
කුකුළු, වටු, ගොන් පොර පිලිබඳ දැනුම
ගිරවුන්, සැළලිහිණින් ආදී සතුන්ට කතා බහ පුරුදු කිරීම
රූපලාවන්‍ය කටයුතු පිලිබඳ දැනුම
රහස් බසින් ලිවීම සහ ඒවා අවබෝධ කර ගැනීමේ හැකියාව
භාෂා සහ ප්‍රාදේශීය ව්‍යවහාරයන් පිලිබඳ දැනුම
මල් කරත්ත සහ සැරසිලි කිරීමේ කලාව
ගුප්ත රූ සටහන් සැකසීම, මන්ත්‍ර මැතිරීම සහ අවි ආයුධ බැඳීම පිලිබඳ දැනුම
පද්‍ය ගෙතීම
ශබ්ද කෝෂ හා වාග් මාලා පිලිබඳ දැනුම
වෙස් මාරු කරගැනීමේ දක්ෂතාවය
ද්‍රව්‍යවල පෙනුම වෙනස් කර දැක්වීමේ හැකියාව(උදා: කපු සේද මෙන් පෙන්වීම)
දූ කෙලියේ දක්ෂකම
මන්ත්‍ර සහ වශී ආදිය මගින් අන් අය සහ ඔවුන් සතු දෑ සන්තක කර ගැනීමේ දක්ෂකම
තුරුණු ක්‍රීඩා පිලිබඳ හැකියාව
සමාජයේ නීති රීති සහ එන අයට ගෞරව ප්‍රශංසා කළ යුතු ආකාරය පිලිබඳ දැනුම
යුධ කලාව. ආයුධ, හමුදා පිලිබඳ දැනුම
ශාරීරික සරඹ, සිරුරේ නම්‍යතාව ප්‍රගුණ කිරීම
කෙනෙකුගේ අංග ලක්ෂණ ඇසුරෙන් ඔහුගේ ගති ලක්ෂණ වටහා ගැනීමේ හැකියාව
පද අවධාරණය හා ගොඩ නැගීමේ දැනුම
අංක ගණිතමය දැනුම
කෘත්‍රිම මල් සෑදීම
මැටියෙන් විවිධ දෑ සහ රූප ඇඹීම ට හැකි වීම

යම් පොදු කාන්තාවක් රූප සම්පත්තියෙන් පරිපූර්ණව, උසස් ගුණාංගයන්ගෙන් සහ ධනාත්මක ආකල්පයන්ගෙන් සපිරිව, ඉහත කලාවන් ප්‍රගුණ කළ ඇත්තියක් වේ නම් ඇය “ගණිකා” යන ගෞරව නාමයෙන් අමතනු ලබයි. ඇය ඕනෑම සභාවක පුරුෂයින් හා සමතැන්හි අසුන් ගැනීමට සුදුසුකම් සැපිරූ තැනැත්තියක වනු ඇත. ඇය රජුගේද, සියලු ප්‍රභුන්ගේද ගෞරවයට පාත්‍ර වන්නියක වන අතර ඇගේ අනුග්‍රහය, කැමැත්ත සියල්ලන්ම පැතුවද ඇය විශ්වීය සැලකිල්ලට බඳුන් වූ දෙයක් සේ සලකනු ලබයි. ඉහත කලාවන් ප්‍රගුණ කළ බිසව, රාජ කුමාරිකාවන්, ප්‍රභූ දියණියන් සිය ස්වාමිවරුනට සම්පතක්ම වෙයි. වෙනත් බිරින්දෑවරුන් දහසක් වෙතත් ඒ අය අභිබවා කැපී පෙනෙනු ඇති. යම් බිරිඳක් සිය ස්වාමියා වියෝ වූ විටෙක වුවද, විදේශයක අතරමං වූ විටෙක වුවද ඉහත කලාවන් ප්‍රගුණ කර ඇත්නම් ඒවා ඇගේ දිවි පැවැත්මට පිටිවහලක් වනු ඇති. ඒ පිලිබඳ දැනුම පවා කාන්තාවකට ආභරණයක් වනු ඇති. ඉහත කලා ප්‍රගුණ කළ ධෛර්යය සම්පන්න පුරුෂයෙකු වේ නම් ඔහු කාන්තාවන් ගේ සිත් කෙටි කලකින්ම ඇද බැඳ ගන්නෙකු වනු ඇති.

***ලබන සතියේ: පුරවැසියෙකුගේ දිවි පෙවෙත

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago