වාත්ස්‍යනයන්ගේ කාම සූත්‍ර – 03 කොටස

යම් පොදු කාන්තාවක් රූප සම්පත්තියෙන් පරිපූර්ණව, උසස් ගුණාංගයන්ගෙන් සහ ධනාත්මක ආකල්පයන්ගෙන් සපිරිව, ඉහත කලාවන් ප්‍රගුණ කළ ඇත්තියක් වේ නම් ඇය “ගණිකා” යන ගෞරව නාමයෙන් අමතනු ලබයි. ඇය ඕනෑම සභාවක පුරුෂයින් හා සමතැන්හි අසුන් ගැනීමට සුදුසුකම් සැපිරූ තැනැත්තියක වනු ඇත.