Sexpert

වාත්ස්‍යනයන්ගේ කාම සූත්‍ර – 04 කොටස

ඉගෙනුම සම්පූර්ණ කිරීමෙන් පසු, මුතුන් මිත්තන්ගේ උරුමයෙන් ලද හෝ ත්‍යාග ලද හෝ අත්පත් කරගත් හෝ මිලට ගත් හෝ ඉඩකඩම්, වස්තුවද සමග මිනිසෙකු ගෘහාධිපතියෙකු ලෙස පුරවැසි ජීවිතය ඇරඹිය යුතුය.



මේ ලිපි පෙළ වැඩිහිටියන් සඳහා වඩාත් සුදුසුය.

සංස්කාරක සටහන : මහා පඬි වාත්ස්‍යනයන් විසින් ක්‍රිස්තු පූර්ව 3 හෝ 4වන සියවස්හි රචනා කළ ලිංගික ජීවිතය පිලිබඳ වන මහා අත්පොත වන කාම සුත්‍රය හැකි උපරිම අයුරින් එලෙසින්ම සිංහල පරිවර්තනයක් ලෙස අපගේ පාඨක පිරිස වෙත ගෙන ඒමට ගන්නා උත්සාහයකි මේ. මෙහිදී කිසිඳු ආගමික හෝ වෙනත් ලබ්ධියක් ඉස්මතු කිරීමක් නොවන අතර මුල් පොතෙහි සඳහන් කරුණු හැකි උපරිම අයුරින් එලෙසම ඉදිරිපත් කිරීම අපගේ අරමුණයි. මෙහිදී ග්‍රාම්‍ය කාමොද්දීපනය වන ලේඛන ශෛලියකින් සංක්ෂිප්තව කරුණු ඉදිරිපත් කිරීම වෙනුවට සවිස්තරාත්මකව දක්වනුයේ ඔබට නියම පත පොතෙහි අන්තර්ගතය එලෙසින්ම ලබා දෙනු සඳහාය. එය ඔබේ ලිංගික ජීවිතයට මෙන්ම ඉන් බාහිරව ලෞකික දිවියේ යහ පැවැත්මට වැදගත් වන උපදෙස් උකහා ගැනීමට පිටිවහලක් වනු ඇති.

පුරවැසියෙකුගේ ජීවිතය

ඉගෙනුම සම්පූර්ණ කිරීමෙන් පසු, මුතුන් මිත්තන්ගේ උරුමයෙන් ලද හෝ ත්‍යාග ලද හෝ අත්පත් කරගත් හෝ මිලට ගත් හෝ ඉඩකඩම්, වස්තුවද සමග මිනිසෙකු ගෘහාධිපතියෙකු ලෙස පුරවැසි ජීවිතය ඇරඹිය යුතුය. ඔහු නාගරික ප්‍රදේශයකින් හෝ විශාල ග්‍රාමීය ප්‍රදේශයකින් හෝ මිනිසුන් රැසක් වෙසෙන සංකීර්ණයක් ආශ්‍රිතව (යහපත් මිනිසුන් සිටින පරිසරයකින්) ගෘහයක් තනා ගත යුතුය. නැතිනම් මිලට ගත යුතුය. මෙම වාසස්ථානය ජල මුලාශ්‍රයක් ආශ්‍රිතව(ලිඳක්, පොකුණක්, වැවක්, ගංගාවක්) තිබිය යුතු අතර විවධ අරමුණු උදෙසා වෙන්කළ මැදිරිවලින් නැතිනම් කාමර වලින් සමන්විත වූවක් විය යුතුය. මේ නිවස්න වටා ගෙවත්තක් තිබිය යුතුය. බාහිර හා අභ්‍යන්තර ලෙස වූ කාමර දෙකක් වත් තිබෙන්නක් විය යුතුය. අභ්‍යන්තර කුටිය ස්ත්‍රීන්ගේ ප්‍රයෝජනය සඳහා වෙන් වූවක් විය යුතුය. බාහිර කුටිය විලවුනෙන් සුවඳ ගන්වා, පිරිසිදු සුදු රෙදි ඇතුළ යහනකින් සමන්විත වූවක් විය යුතුය. කාමරය තුල මල් මාලා, මල් පොකුරු ආදියෙන් පියකරු දසුන් තිබිය යුතු අතර යහන සැරසු වියනෙන්ද, එකක් ඉහල සහ අනෙක පහලට තැබූ කොට්ටවලින් සමන්විත වූවක් විය යුතුය. ඉහත සැකසීමට අමතරව මෙම කුටිය තුල පසෙකින් කවිච්චියක් වැනි යමක් තැබිය යුතුය. එහි ඉහල පෙදෙසෙහි කනප්පුවක් තබා ඒ මත රාත්‍රියේ ප්‍රයෝජනය සඳහා සුවඳ විලවුන්ද, මල්, නෙත ගැලවීමට අඳුන්, අනෙකුත් සුවඳ ආලේපන, මුව සුවඳ ගැන්වීමේ දියර, පැඟිරි ගසක් පොත්තක් තැබිය යුතුය. යහන අසල බිම කෙළ ගැසීමට බඳුනක් ද, විසිතුරු භාණ්ඩ අඩංගු පෙට්ටියක්ද, අලි දතකින් සෑදු කාදැත්තකින්(peg) ඇමිණු බට නලාවකින්ද, සුවඳ විලවුන්, පොත් සහ කහ රාජගිරි මලින්(ඇමරන්ත්) කළ මාලා දාමවලින්ද සම්පූර්ණ විය යුතුය. කවිච්චියට තරමක් ඔබ්බෙන් වටකුරු අසුනක්, සෙල්ලම් කරත්තයක්, දූ කෙළිය සඳහා පුවරුවක් සහ දාදු කැට තිබිය යුතුය. කුටියෙන් පිටත ගෙමිදුලේ විවේක කාලයන්හි මැටි භාණ්ඩ නිපදවීමට කුඹල් සක, කැටයම් කලා කටයුතු සඳහා යෝග්‍ය ස්ථාන තිබීම මැනවි. ගෙමිදුල කුරුළු කූඩු, සාමාන්‍ය ඔන්චිල්ලා, කරකැවෙන(කතුරු) ඔන්චිල්ලා, මලින් බර ලිය ගොමු ආදියෙන් අලංකෘත රංග භූමියක් තිබීම යෝග්‍ය වේ.

ගෘහපතියා උදෑසන පිබිද සිරුරු කිස නිමවා, නා පිරිසිඳු වී, මුඛය දැහැටියෙන් පිරිසිදු කර විලවුන්, ආලේපන අංග ගලවා අංජනයෙන් ඇස අලංකාර කර බුලතින් තොල රතු ගන්වා කැඩපතින් සිය ප්‍රසන්න පිළිරූ බලා ප්‍රසන්න බවක්ම ඇති කර ගත යුතුය. බුලත හා අනෙකුත් කළමනා සැපීමෙන් මුඛයට ප්‍රසන්න සුවඳක් ලැබෙනු ඇති. මෙලෙස ප්‍රසන්න ස්වභාවයෙන් ඔහුට සිය දෛනික ජීවනෝපාය කටයුතුවල යෙදීම යෙහෙකි. පුද්ගල පිරිසිදු බව අනිවාර්යය මෙන්ම උතුම් කරුණකි. දිනපතා ස්නානය කළ යුතුය. ස්නානයෙන් පසු සිරුරේ ඖෂධීය සුවඳ තෙල් ගැලවීම කළ යුතුය.දින තුනකට වරක් මුළු සිරුරම(හිස සහ මුහුණ ද ඇතුළුව) පෙණ නංවන ද්‍රව්‍යයකින්(සබන්) පිරිසිදු කළ යුතුය. දින හතරකට වරක් රවුළු බා ප්‍රසන්න පෙනුමෙන් සිටිය යුතුය. අත් යට, කලවා මුල රැඳුනු දහදිය, දූවිලි ආදිය සෝදා පිරිසිඳු ව තබා ගත යුතුය.චරායනයන්ට අනුව දිනකට තෙවරක් උදෑසන, දහවල හා රාත්‍රී අහර වේල් තුනක් ලබා ගත යුතුය. උදේ අහරින් පසු පක්ෂීන් හා කතාබහ පුහුණුව, කුකුළු, වටු, බැටළු ආදී සතුන් පොර කෙටවීම වෙනුවෙන් වෙලාවක් වෙන් කළාට කම් නැත.සුළු වෙලාවක් පීතමර්ද(ධනයක් නොමැතිව තනිව හැසිරෙන දුරු රට සිට පැමිණි බහුශ්‍රුතයින්), විටා(පුරවැසියන් හා සගයෙකුව සිටින වාසනා මහිමයෙන් සියලු දේ ලබන අයෙකි. පුරවැසියන් එක් හැකි, පොදු කාන්තාවන්ගේ ඇසුර ලබමින් ඔවුන්ගේ වාසස්ථානවලම වෙසෙන්නෙකි. ශිල්ප ප්‍රගුණ කළ අයෙකි), විදුෂක(සමහර කලාවන් ප්‍රගුණ කළ හාස්‍යෝත්පාදනයට දක්ෂ අයෙකි) වෙනුවන් කාලය වෙන් කරමින් රසවින්දනයක් මෙන්ම අලුත් දැනුමක් ලැබිය යුතුය. අවැසි නම් දහවල මද නින්දක් ලැබිය හැකිය. සවස් භාගයේ සළු පිළියෙන් මනාව සැරහී සිය මිතුරන් මුණ ගැසී අල්ලාප සල්ලාපයේ යෙදිය හැකිය. සවස් යාමයේ ස්ත්‍රෝත්‍ර ගායනයෙන් පසු ගෘහපතියා සිය මිතුරකු කැටුව මනාව සරසා සුවඳවත් කළ බාහිර කුටියට පිවිස සිය පාද පරිචාරිකවගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටිය යුතුය. ඈ පැමිණි පසු සාදරයෙන් පිළිගෙන, ප්‍රිය තෙපුලෙන්, සංවාදයෙන් සනසා ඇය හා සංගමයෙන් ප්‍රමෝදයට පත් කළ යුතුය. මෙලෙසින් දෛනික කටයුතු අවසන් වනු ඇති.

පහත දක්වනුයේ විනෝදාස්වාදය උදෙසා ඉඳ හිට කළ හැකි දෑය.

විවිධ දෙවිවරුන්ට ගෞරව පිණිස පුද පූජා උත්සව පැවැත්වීම
ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවයම සහභාගී වන සංගම්
මධු පානොත්සව පැවැත්වීම
කෙටි විනෝද ගමන් යොදා ගැනීම/ උයන් කෙළිය
වෙනත් විනෝදාස්වාද කාර්‍යයන්

***ලබන සතිය: ඇසුරට ගත හැකි කාන්තාවන් වර්ග

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago