චතුර් වේදය ද(ඍග්, යජූර්, සාම, අථර්වන්) ඇතුළු ශුද්ධ පොත පතේ සඳහන් නීති රීතිවලට අනුව නිසි වයස එළඹුණු පුරුෂයෙකු සිවු කුලයෙන්(බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය සහ ක්ශුද්‍ර) තමාගේ කුලයට අයත් කන්‍යාවක හා කාම දිවිය පුහුණු කළ යුතුය
මේ ලිපි පෙළ වැඩිහිටියන් සඳහා වඩාත් සුදුසුය.
සංස්කාරක සටහන : මහා පඬි වාත්ස්‍යනයන් විසින් ක්‍රිස්තු පූර්ව 3 හෝ 4වන සියවස්හි රචනා කළ ලිංගික ජීවිතය පිලිබඳ වන මහා අත්පොත වන කාම සුත්‍රය හැකි උපරිම අයුරින් එලෙසින්ම සිංහල පරිවර්තනයක් ලෙස අපගේ පාඨක පිරිස වෙත ගෙන ඒමට ගන්නා උත්සාහයකි මේ. මෙහිදී කිසිඳු ආගමික හෝ වෙනත් ලබ්ධියක් ඉස්මතු කිරීමක් නොවන අතර මුල් පොතෙහි සඳහන් කරුණු හැකි උපරිම අයුරින් එලෙසම ඉදිරිපත් කිරීම අපගේ අරමුණයි. මෙහිදී ග්‍රාම්‍ය කාමොද්දීපනය වන ලේඛන ශෛලියකින් සංක්ෂිප්තව කරුණු ඉදිරිපත් කිරීම වෙනුවට සවිස්තරාත්මකව දක්වනුයේ ඔබට නියම පත පොතෙහි අන්තර්ගතය එලෙසින්ම ලබා දෙනු සඳහාය. එය ඔබේ ලිංගික ජීවිතයට මෙන්ම ඉන් බාහිරව ලෞකික දිවියේ යහ පැවැත්මට වැදගත් වන උපදෙස් උකහා ගැනීමට පිටිවහලක් වනු ඇති.
චතුර් වේදය ද(ඍග්, යජූර්, සාම, අථර්වන්) ඇතුළු ශුද්ධ පොත පතේ සඳහන් නීති රීතිවලට අනුව නිසි වයස එළඹුණු පුරුෂයෙකු සිවු කුලයෙන්(බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය සහ ක්ශුද්‍ර) තමාගේ කුලයට අයත් කන්‍යාවක හා කාම දිවිය පුහුණු කළ යුතුය(නීත්‍යානුකුල විවාහයෙන්) එය කීර්තිය සඳහා මෙන්ම පරපුර පවත්වාගෙන යාමට කළ යුත්තකි. සිරිත්විරිත් වලටද කිසි අයුරකින් විරුද්ධ වන්නක් ද නොවේ. ඊට වෙනස්ව යමින් තමාට වඩා ඉහල කුලවල කාන්තාවන් සමගද, එකම කුලයේ වුවත් අන් අය හා විසූ කාන්තාවන් සමගද(වෛවාහික දිවියක් ගතකිරීමට) කාම දිවිය ඇරඹීම තහනම්ය(*එකල සිරිත්-විරිත් සහ ආගමික ඉගැන්වීම් වලට අනුව). නමුත් තමාට වඩා පහල කුලවල කාන්තාවන් සමගද, පොදු කාන්තාවන් සහ දෙවරක් හෝ ඊට වඩා විවාහ වූ කාන්තාවන් (මින් අදහස් වන්නේ වැන්දඹුවන් නොවේ. ස්වාමිපුරුෂයා අතහැර ගොස් ඇති හෝ ස්වාමිපුරුෂයා සිටියදී වෙනත් අයෙකු හෝ අය සමග කාම සේවනයේ යෙදෙන කාන්තාවන්ය)සමගද කාම සේවනය වරදක් නොවේ. නමුත් ඒ හුදෙක් දෙදෙනාගේ ලිංගික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පමණි.
**ඕනෑම කාන්තාවක් පාපයකින් තොරව ආස්වාදය සඳහා සුදුසු ය. කාන්තාවක හා සම්භෝගය සඳහා යොමුවන්නේ මූලිකවම අරමුණු දෙකක් වෙනුවෙනි. පළමුවැන්න ලිංගික ආස්වාදය ලැබීමට. දෙවැන්න නම් පරපුර ඉදිරියට ගෙන යාමට. මෙම අරමුණු එකක් හෝ දෙකම වෙනුවෙන් නොව ඉන් පරිබාහිරව සම්භෝගයට යොදා ගෙනෙනා කාන්තාවන් “නායිකා” ලෙස හඳුන්වනු ලැබේ.
මුලිකවම නායිකාවන් ආකාර 03කි. සේවිකාවන්, දෙවරක් විවාහ වූ ස්ත්‍රීන් සහ පොදු කාන්තාවන්ය. ගෝණිකපුත්‍ර පවසන පරිදි සිවුවන ආකාරයක නායිකාවකද වේ. ඒ විවාහක ස්වාමිපුරුෂයා සිටියදී යම් විශේෂ අරමුණක් උදෙසා යහන්ගත වීමට තෝරා ගන්නා කාන්තාවන්ය. මේ විශේෂ අවස්ථා ලෙස පුරුෂයෙකු විසින් සාදාරනීකරණය කර ගනු ලබන්නේ,
01) මේ කාන්තාව මා හැරුණු විට අන් බොහෝ අය හා යහන්ගතව ඇත්තියකි. ඇය මා හා යහන්ගත වීමට ද ස්වයං කැමැත්ත ඇත්තියකි. එබැවින් ඇය මට වඩා ඉහල කුලයක ඇත්තියක වුවත්, ධර්මයේ සඳහන් ආඥාවන් කඩ නොකොට, ආරක්ෂා කරමින් පොදු කාන්තාවක් සේ සලකා ඇසුරට ගත හැකි අයෙකි.
02) යම් කාන්තාවක් දෙවරක් විවාහ වී ඇත්නම් හා මා හා රමණයට ඇය තුල අකමැත්තක් හෝ, ඊට වෙනත් පාර්ශවයක ප්‍රතිරෝධයක් නැති නම් එවැනි කාන්තාවන්,
03) යම් කාන්තාවකගේ ස්වාමිපුරුෂයා බලවත් සහ ශ්‍රේෂ්ඨ අයෙකි. නමුත් මගේ සතුරාගේ මිතුරෙකි. මේ කාන්තාවගේ කාම ශාස්ත්‍ර ප්‍රවීණත්වය නිසාම පුරුෂයා ඇගේ දැහැනේ බැඳී සිටී. ඇය හා මාගේ ඇසුර නිසාවෙන් ම, ඇය මා කෙරෙහි ඇති වන බැඳීම නිසාවෙන් ම ඇයට සිය ස්වාමියා මාගේ සතුරාගෙන් දුරස් කිරීමට හැකි වනු ඇති. එවැනි අරමුණක් සඳහා ඇසුරට ගත හැකි කාන්තාවන්,
04) මා හා අප්‍රසාදයෙන් සිටින යම් පුරුෂයෙකු වේද, මා හට අයහපතක් කිරීම ඔහුගේ අරමුණ වේ. නමුත් ඔහුගේ භාර්යාවගේ හිත දිනා ගැනීමෙන් මට ඇය මාර්ගයෙන් මා කෙරෙහි ඔහු තුල වන අප්‍රසාදය පහ කර ගත හැකි නම් එවැනි කාන්තාවන්,
05) යම් කාන්තාවක හා ඇසුර මගින් මට මාගේ මිතුරෙකුගේ යම් අභිප්‍රයක් ඉටු කරවා දීමට හැකි වේ. නැතිනම් මාගේ යම් සතුරෙකු විනාශ කිරීමට හෝ මට තනිව මුදුන් පමුණුවා ගැනීමට අසීරු කරුණක් ඉටු කරගැනීම පහසු වනු ඇති. එය මට වඩා පහසුවෙන් මේ කාන්තාවට කළ හැකි දෙයකි. එවැනි කාන්තාවන්,
06) යම් කාන්තාවක හා ඇසුර මගින් මට ඇගේ ස්වාමිපුරුෂයා මරා දැමීමට හැකි වනු ඇති. ඔහුගේ අතිමහත් ධනය අත්පත් කරගැනීමට හැකි වනු ඇති. එවැනි කාන්තාවන්,
07) යම් කාන්තාවක හා එකතුව නිසාවෙන් මට කිසිදු අනතුරක් නොව වාසියක්ම වනු ඇති. ධනය මා වෙතට ගලා එනු ඇති.මා තුල ඇති දිළිඳු බව හා ඉන් නැගී සිටීමට මට ඇති නොහැකියාවන් පරදා ඇගේ ධනයෙන් මාගේ අභිප්‍රායන් සඵල කර ගත හැකිවනු ඇති නම් එවැනි කාන්තාවන්,
08) යම් කාන්තාවක් මට දැඩි ලෙස ප්‍රේම කරන අතර ඇය මගේ දුර්වලතා සියල්ලම දනී. මා ඇය හා ඇසුර ප්‍රතික්ෂේප කරන්නේ නම් මගේ වැරදි ප්‍රසිද්ධ කිරීමට ඉඩ ඇති අතර එමගින් මාගේ චරිතයට කැළලක් හා අපකීර්තියක් අත් වේ. ඇය මට විරුද්ධව බොරු චෝදනා එල්ල කර මා විනාශ කිරීමටද ඉඩ ඇත. නැතිනම් ඇගේ වසඟයේ සිටින බලවත් ස්වාමිපුරුෂයා මගෙන් වෙන් කර මාගේ සතුරා හා එක් කරනු ඇත. නැතිනම් ඇයම මාගේ සතුරා හා එකතු වනු ඇති. මෙවැනි කාන්තාවන් වේ නම් ඒ අය,
09) යම් ස්ත්‍රියකගේ ස්වාමිපුරුෂයා මගේ භාර්යාවන්ගේ නිර්මලකම කෙලෙසා ඇත්නම්, ඒ වෙනුවෙන් ඔහුටද එම හානියම කිරීමට ඔහුගේ භාර්යාවන් පොලඹවා ගැනීමට උත්සාහ කිරීමට,
10) යම් ස්ත්‍රියකගේ ආධාරයෙන් මට මාගේ රජුගේ සතුරෙකු විනාශ කළ හැකි විටෙක(ඒ සතුරා ඇය හා ඇසුරේ සිටියකු විට)
11) මා ආලය කරන ස්ත්‍රිය තවත් ස්ත්‍රියක යටතේ සිටී. දෙවැන්නිය හා යහපත් ඇසුරක් ගොඩ නගා ගැනීමෙන් මට පසුව ඇය මාර්ගයෙන් මා ආලය කරන තැනැත්තියට බලපෑමක් කළ හැකි වනු ඇත.
12) යම් කාන්තාවකට රූපයෙන් සහ ධනයෙන් අග තැන්පත්, මට ලංවීමට අපහසු, වෙනත් අයෙකුගේ රැකවරණයේ සිටින්නියක් දාසියක ලෙස මා වෙත ගෙන ඒමට තරම් හැකි නම් පළමුව සඳහන් කළ ආකාරයේ ස්ත්‍රීන්,
13) මාගේ සතුරා යම් ස්ත්‍රියකගේ ස්වාමිපුරුෂයාගේ මිතුරෙකි. එවැනි ස්ත්‍රියක හා ගොඩ නගා ගන්නා ඇසුර මගින් මට ඇයගේ ස්වාමිපුරුෂයාගේ මිතුරෙකු වී ඒ මගින් ඔහු මාගේ සතුරා හා සතුරු කළ හැකි විටෙක,
මෙවැනි විශේෂ අවස්ථාවක වෙනත් පුරුෂයෙකුගේ භාර්යාවන් සේවනය යම් අයුරකින් සාදාරණ වුවත්, එය හුදෙක් සිය අරමුණ ඉටු කර ගැනීමේ මගක් ලෙස විනා ලෞකික ආස්වාදය ලැබීමේ අරමුණින් නොකළ යුත්තකි.
චරායන දක්වා ඇති ආකාරයට පස්වන වර්ගයක නායිකාවකද සිටී. ඒ යම් අමාත්‍යාදීන් යටතේ සිටින කාන්තාවක් හෝ, ඉඳහිට එවැන්නන්ගේ ඇසුර ලබන කාන්තාවක්, නැතහොත් පුරුෂයෙකුගේ අවශ්‍යතා ඉටු කර දෙන වැන්දඹුවක් මේ ගණයට අයත් වේ. තපස් දිවියක් ගත කරන, වැන්දඹු කාන්තාවක ද සයවන ගණයේ නායිකා ලෙස සුවර්ණනාබ හඳුන්වා ඇත. පොදු කාන්තාවන්(වෛශ්‍යාවන්)ගේ දියණිවරුන් සහ තවමත් කන්‍යා භාවයේ සිටින දාසියන් සත්වන ගණයේ නායිකා ලෙස ඝෝටකමුඛ හඳුන්වා ඇත.
ලාදුරු රෝගීන්
උන්මත්තක බැවින් පෙලෙන්නියන්
කුලයෙන් බැහැර කළ කාන්තාවන්
රහස් එලි කරන කාන්තාවන්
රති කෙළියට තමා තුල ඇති කැමැත්ත ප්‍රසිද්ධියේ පවසන හා හඟවන කාන්තාවන්
අතිශය සුදු කාන්තාවන්
අතිශය අඳුරු වර්ණ කාන්තාවන්
දුගඳ හමන කාන්තාවන්
ළඟම ඥාතී කාන්තාවන්
ළඟම මිතුරියන්
තපස් ජීවිතයක් ගත කරන්නියන්
ළඟම ඥාතියකුගේ හෝ මිතුරෙකුගේ හෝ උගත් බමුණු පඬිවරුන්ගේ හෝ රජුන්ගේ බිරින්දෑවරු
බභ්‍රව්‍යගේ ඉගැනුම්වලට අනුව පුරුෂයින් පහක් හෝ ඊට වැඩි ගණනක් සමග රතියේ යෙදුණු ඕනෑම ස්ත්‍රියක හා ඇසුර වරදක් නොවේ.නමුත් ඝෝණිකපුත්‍රගේ මතය වන්නේ එය එසේ වුවත් ඥාතීන්ගේ බිරියන්, බමුණු පඬිවරුන් ගේ බිරියන් හා රජ බිසෝවරුන් ඇසුරෙන්(සංසර්ගය සඳහා) බැහැර කළ යුතු බවයි.
වැලි කෙළියේ පටන් ඔබ හා ක්‍රීඩාවේ යෙදුනු අය
යම් පොරොන්දුවකින් බැඳී සිටින අය
එක හා සමාන ආකල්ප ඇති අය
තමා හා එකට ඉගෙනුම ලබන ශිෂ්‍ය/ශිෂ්‍යාවන්
ඔබගේ රහස් සහ වැරදි පිළිබඳව දැන සිටින සේ ම, ඔවුන්ගේ රහස් සහ වැරදි ඔබ දැන සිටින්නන්
ඔබගේ කිරි මවුගේ දරුවන්
සත්‍යවාදී
චපල නොවිය යුතුය
ඔබේ ගතිපැවතුම් වලට කැමති
ඍජු පිළිවෙත් ඇත්තන්
දැඩි මසුරන් නොවිය යුතුය
අන් අයගෙන් අයුතු ප්‍රයෝජන ගන්නන් නොවිය යුතුය
විවිධ ශිල්පයන්හි, කලාවන්හි නිපුණතාවය, නිර්භීත බව, කෙනෙකුගේ බාහිර ස්වභාවය මගින් ඔහුගේ/ඇයගේ අභිප්‍රාය වටහා ගැනීමේ හැකියාව, සබකෝල හෝ ව්‍යාකුල නොවීම, යමෙකු කරන හෝ කියන දෙයක නියම අරුත වටහා ගැනීමේ හැකියාව, හොඳ පුරුදු සහ ආචාරශීලී බව, ඒ ඒ දෙයට සුදුසු වේලාව සහ ස්ථානය පිලිබඳ දැනුම, ව්‍යාපාරවල දක්ෂතාවය, ඉක්මන් අවබෝධය, දෙයකට ඉක්මන් පිළියම් යෙදීමේ හැකියාව
මෙම පරිච්ඡේදය අවසන් වන්නේ පහත දැක්වෙන ශ්ලෝකය සමගිනි.
“උපාය දක්ෂ සහ බුද්ධිමත්, මිතුරන් සමග යහපත් ඇසුරේ සිටින, අන් අයගේ අභිප්‍රායන් වටහා ගත්, සෑම දෙයකටම සුදුසු වෙලාව සහ ස්ථානය දන්නා පුරුෂයාට දිනා ගත නොහැකි ස්ත්‍රියක නොමැත”
සටහන: කාම සූත්‍රය රචනා කර ඇත්තේ පුරුෂයන් අරමුණු කරගෙනය. මෙහි සමහර කොටස්වලින් එය මැනවින් තහවුරු වේ. නමුත් මින් කාන්තා අපගේ ජීවිතවලටද ගත හැකි පාඩම් බොහෝය. උදාහරණයක් ලෙස විටෙක රූප සම්පත්තියෙන් මෙන්ම අනෙකුත් ශිල්ප කලාවන්ගෙන් අග තැන්පත් ස්ත්‍රීන්ටද දිනා ගත නොහැක්කක් නැති බව සඳහන් කළ යුතුමයි. කාන්තාවන් ඉදිරියේ මහා අධිරාජ්‍ය ගොඩ නැගුනා මෙන්ම බිඳ වැටුණු අවස්ථාද ඉතිහාසය පුරා දකින්නට ලැබුණි. අනෙක් අතට තමා වෙතට පැමිණෙන්නවුන්ගේ සැබෑ අභිප්‍රාය හඳුනාගෙන ඇසුරට යොමු වීම කාන්තා අප ජීවිතයට එකතු කර ගත යුතු වැදගත් පණිවිඩයකි.
ලබන සතියේ සිට: ස්ත්‍රී/පුරුෂ ලිඟුවල ප්‍රමාණය, රාගික බව සහ සුරතාන්තය සඳහා උවමනා කාලය අනුව කාම සම්භෝගයේ ගැලපීම්
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…