පුරුෂ ලිඟුවේ ප්‍රමාණය අනුව පුරුෂයින් ප්‍රධාන කොටස් තුනකට බෙදා වෙන් කළ හැකිය. යෝනියේ ප්‍රමාණය අනුව ස්ත්‍රීන් ද ප්‍රධාන කොටස් තුනකට බෙදේ.
මේ ලිපි පෙළ වැඩිහිටියන් සඳහා වඩාත් සුදුසුය.
සංස්කාරක සටහන : මහා පඬි වාත්ස්‍යනයන් විසින් ක්‍රිස්තු පූර්ව 3 හෝ 4වන සියවස්හි රචනා කළ ලිංගික ජීවිතය පිලිබඳ වන මහා අත්පොත වන කාම සුත්‍රය හැකි උපරිම අයුරින් එලෙසින්ම සිංහල පරිවර්තනයක් ලෙස අපගේ පාඨක පිරිස වෙත ගෙන ඒමට ගන්නා උත්සාහයකි මේ. මෙහිදී කිසිඳු ආගමික හෝ වෙනත් ලබ්ධියක් ඉස්මතු කිරීමක් නොවන අතර මුල් පොතෙහි සඳහන් කරුණු හැකි උපරිම අයුරින් එලෙසම ඉදිරිපත් කිරීම අපගේ අරමුණයි. මෙහිදී ග්‍රාම්‍ය කාමොද්දීපනය වන ලේඛන ශෛලියකින් සංක්ෂිප්තව කරුණු ඉදිරිපත් කිරීම වෙනුවට සවිස්තරාත්මකව දක්වනුයේ ඔබට නියම පත පොතෙහි අන්තර්ගතය එලෙසින්ම ලබා දෙනු සඳහාය. එය ඔබේ ලිංගික ජීවිතයට මෙන්ම ඉන් බාහිරව ලෞකික දිවියේ යහ පැවැත්මට වැදගත් වන උපදෙස් උකහා ගැනීමට පිටිවහලක් වනු ඇති.
පුරුෂ ලිඟුවේ ප්‍රමාණය අනුව පුරුෂයින් ප්‍රධාන කොටස් තුනකට බෙදා වෙන් කළ හැකිය.
01) සස(හා) මිනිසා(Hare Man)
02) වෘෂභ මිනිසා(Bull Man)
03) තුරඟ මිනිසා(Horse Man)
යෝනියේ ප්‍රමාණය අනුව ස්ත්‍රීන් ද ප්‍රධාන කොටස් තුනකට බෙදේ.
01) මුව දෙන ගැහැණිය(Female Deer Woman)
02) වෙළඹ ගැහැණිය(Mare Woman)
03) ඇතිනි ගැහැණිය(Female Elephant Woman)
ලිඟු-යෝනි තරම අනුව සම්භෝගය සඳහා ගැලපෙන/නොගැලපෙන ස්ත්‍රී-පුරුෂයින් ආකාර නවයක් යටතේ වෙන් කළ හැකියි. මේ අනුව එකිනෙක ඍජුව ගැලපෙන සංයෝගයන් නම් සස-මුව දෙන, වෘෂභ-වෙළඹ, තුරඟ-ඇතිනි යන තුනයි. සස-වෙළඹ, සස-ඇතිනි, වෘෂභ-මුව දෙන, වෘෂභ-ඇතිනි, තුරඟ-මුව දෙන, තුරඟ-වෙළඹ ඍජුව නොගැලපෙන යුගල වේ. මේ අතරින් පුරුෂයාගේ ලිංගයේ ප්‍රමාණය ස්ත්‍රියගේ යෝනියේ ප්‍රමාණයට වඩා වැඩි නම්(ඉහත වර්ග කිරීමට අනුව) එය ඉහල සංයෝගයක්(High union) ලෙසද, ගැහැණියගේ යෝනි ප්‍රමාණය පුරුෂයාගේ ලිංගයට වඩා වැඩි නම් එය පහල සංයෝගයක්(Low Union) ලෙසද සැලකේ. පහල සංයෝගයන් ලෙස සස-වෙළඹ, වෘෂභ-ඇතිනි හමුවේ. කිසි සේත් නොගැලපෙන යුගලයන් වන්නේ සස-ඇතිනි සහ තුරඟ-මුව දෙන දෙකයි. සාරාංශයක් ලෙස සමාන පුරුෂ ලිඟු සහ යෝනි ඇති අය අතර සංසර්ගයේදී දෙදෙනාටම ප්‍රමාණය අනුව තෘප්තිමත් විය හැකිය. ප්‍රමාණ නොගැලපෙන විට පුරුෂයාගේ ලිඟුව ස්ත්‍රියගේ යෝනියට වඩා තරමක් විශාල වීම ගැටළුවක් නොවේ. නමුත් තුරඟ-මුව දෙන වැන්නක් නොගැලපේ. යෝනිය පුරුෂ ලිඟුවට වඩා විශාල වේ නම් එය ආසන්න ප්‍රමාණයකින් විය යුතුය(සස-වෙළඹ, වෘෂභ-ඇතිනි). නැතිනම් ස්ත්‍රියට සංසර්ගයේ දී ලිඟු එකතුවෙන් නිසි තෘප්තියක් නොලැබේ.සස-ඇතිනි වැන්නක් කිසි සේත් නොගැලපේ.
කාමාශාව නිසි පරිණත වයසේ, නිරෝගී, ලෞකික ජීවිත ගත කරන ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවය අතරම තිබෙන්නක්. මෛථුනික අවශ්‍යතාවය ජීවිතයේ කොටසක්. එය සුබ කටයුත්තක්, උතුම් දෙයක් ලෙස විඳිය යුත්තක්. සැපිරිය යුත්තක්. නමුත් කාමාශාව(force of passion / carnal desire) පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නට පුළුවන්. සමහරෙක් අඩු හෝ මධ්‍යම රාග හැඟීම් ඇති අය වන අතර සමහරෙක් අධික රාගාශාවන් ඇති අය වෙති. මෙය සුළු(small), මධ්‍යම(middling) සහ අධිකතර(intense) ලෙස කොටස් තුනකට වෙන් කළ හැකියි.
සංසර්ගයේදී සුරතාන්තය(climax) ලැබීමට ගතවන කාලය අනුවද ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවයම කොටස් තුනකට බෙදා දැක්විය හැකියි. ඒ අඩු කාලයක් ගතවන, මධ්‍යස්ත කාලයක් ගතවන හා දිගු කාලයක් ගත කරන වශයෙනි. සාමාන්‍යයෙන් කාන්තාවන් සුරතාන්තය ලබා ගැනීම පුරුෂයින් මෙන් පහසුවෙන් වන්නක් නොවේ. එය සැලකිය යුතු කාලයක් මෙන්ම සැලකිය යුතු රති ක්‍රීඩාවකින් පසු සිදු වන්නක්. ඖද්දාලික පවසන පරිදි සංසර්ගයේදී ශුක්‍ර මෝචනයෙන් පසු පුරුෂයින්ගේ සුරතාන්තය සටහන් වේ. ඉන්පසු ලිංගික හැඟීම්වල යම් පහල මට්ටමකට වැටීමක් බොහෝ විට සිදුවේ. නැවත හැඟීම් පිබිදීමට යම් කාලයක් ගතවේ. කාන්තාවන්ගේ ස්වභාවය මීට වෙනස්ය. බොහෝවිට ඔවුන් සුරතාන්තය ලබා ගැනීම සැලකිය යුතු කාලයක් ගන්නාක් මෙන් රාගික හැගීම්වල පැහැදිලි පහල වැටීමක් සනිටුහන් නොවේ. බොහෝ විට ස්ත්‍රීනට පුරුෂයන්ට සාපේක්ෂව දිගු වෙලාවක් රති ක්‍රීඩාවේ යෙදිය හැකිය. (සටහන: ස්ත්‍රීන්ටද සුරතාන්තයක් ඇත. සුරතාන්තය ලබන විට යෝනි ශ්‍රාවයන් වැඩි ලෙස පහවන අතර, කලාතුරකින් පුරුෂයින් මෙන් වේගයකින් විදිමින් මෝචනය සිදු වන්නට ද පුළුවන)
රති කෙළියේදී වැඩි වේලාවක් ගත කරන පිරිමි කාන්තාවන්ගේ වැඩි ආකර්ෂණයකට, ආදරයකට ලක්වෙති. අඩු කාලයකින් සුරතාන්තය ලබන පිරිමින් සම්බන්දයෙන් කාන්තාවන් තුල යම් නුරුස්නා ස්වභාවයක් පහල වීම සාමාන්‍ය ස්වභාවයක්. මේ අනුව පැවසිය හැක්කේ “පුරුෂයන් හා යහන්ගත වීමෙන් කාන්තාවක තුල ඇතිවී තිබෙන කාමාශාවන්, ශාරීරික අවශ්‍යතාවයන් සපිරෙන අතර එමගින් ඔවුන් තුල ඇතිවන සවිඥානික දැනීම තෘප්තිමත් බව ලෙස හැඳින්වේ.”
බභ්‍රව්‍යගේ ඉගැනුම්වලට අනුව කාන්තාවන් තුලින්ද ධාතු මෝචනයක් සිදුවේ. එය ආරම්භයේ පටන්ම තිබෙන අතර සංසර්ගය අවසානයේදී නිසි තැන දක්වා මෝචනය වී තිබෙනු ඇති. ඔහු පවසන පරිදි එවැන්නක් නොවේ නම් කළලයක් පිහිටිය නොහැක(මෙය හුදෙක් මුල් ග්‍රන්ථයේ සඳහන් කරුණක පරිවර්තනයක් පමණි. ඩිම්බ කෝෂයෙන් පිටවන ඩිම්බය පැලෝපීය නාලය ඔස්සේ පැමිණ ආර්තවයේදී පහව යනු විනා සංසර්ගයේ යෙදෙන වාරයක් පාසා ශුක්‍රාණු සොයා ගමන් කරන්නේ නැත. ඩිම්බය සොයා පිහිනා යන්නේ ශුක්‍රාණු බව අප හොඳින් දන්නා කරුණකි)
මෙම පරිච්ඡේදයේ දෙවන කොටස ලබන සතියට…
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…