එකම මට්ටමක ස්ත්‍රීන් සහ පුරුෂයින්ගේ එකතුව වඩා සාර්ථක එකක් වනු ඇති. මන්ද ඔවුන් දෙදෙනා එකිනෙකාට සමානව තෘප්තියක් ද සපුරාලන බැවින් එකිනෙකාට ප්‍රේම කරනු ඇති
මේ ලිපි පෙළ වැඩිහිටියන් සඳහා වඩාත් සුදුසුය.
සංස්කාරක සටහන : මහා පඬි වාත්ස්‍යනයන් විසින් ක්‍රිස්තු පූර්ව 3 හෝ 4වන සියවස්හි රචනා කළ ලිංගික ජීවිතය පිලිබඳ වන මහා අත්පොත වන කාම සුත්‍රය හැකි උපරිම අයුරින් එලෙසින්ම සිංහල පරිවර්තනයක් ලෙස අපගේ පාඨක පිරිස වෙත ගෙන ඒමට ගන්නා උත්සාහයකි මේ. මෙහිදී කිසිඳු ආගමික හෝ වෙනත් ලබ්ධියක් ඉස්මතු කිරීමක් නොවන අතර මුල් පොතෙහි සඳහන් කරුණු හැකි උපරිම අයුරින් එලෙසම ඉදිරිපත් කිරීම අපගේ අරමුණයි.
රති ක්‍රීඩාව ආරම්භයේ දී කාන්තාවකගේ රාගික හැඟීම් මධ්‍යස්ත මට්ටමක පවතී යැයි පැවසේ. එහිදී ඇයගේ සහකරුගේ ප්‍රබල, ශක්තිමත් අනුරාගී ක්‍රියා දරා ගැනීමට අපහසු මට්ටමක පවතිනු ඇති. නමුත් කාන්තාව තුල අනුරාගික හැඟීම් ක්‍රමයෙන් වර්ධනය වන විට මෛථුනයේ ඇගේ ආධිපත්‍යය ක්‍රමයෙන් ප්‍රබල වන්නට හැකිය. ඇය සිය සිරුර උපරිම මට්ටමකට සන්තර්පණය කර ගත් පසු සංසර්ගය නතර කිරීමට පෙළඹෙනු ඇති. කුඹල් සක ආරම්භයේ දී සුළු චලනයකින් ඇරඹි පසුව අධික වේගයකට පත්වේ. මේ ආකාරයෙන් පහල සිට වේගයෙන් ඉහල මට්ටමකට එන ස්ත්‍රියකගේ අනුරාගී හැඟීම් උච්ච වුණු පසු ඇය රමණයෙන් බැහැර වනු ඇති. මේ පිලිබඳ ඇති කියමනක් වන්නේ “පුරුෂයාගේ ශුක්‍ර තරලය මෝචනය සංසර්ගය අවසානයේ සිදු වන අතර, ස්ත්‍රියගේ තරලය ආරම්භයේ සිට මෝචනය වේ. මේ දෙවගම අවසන් වුණු පසු සංසර්ග ක්‍රියාව අවසන් වනු ඇත “
අවසන් වශයෙන් වාත්ස්‍යන පවසන්නේ ස්ත්‍රීන්ගේ ධාතු පහ වීමද(යෝනි ශ්‍රාවයන්), පුරුෂයින්ගේ ලෙසටම සිදුවන බවයි(යම් උපරිම මට්ටමකදී, සුරතාන්තය ලැබූ විට.)
මේ ඉගැන්වීම හේතු කොට ගෙන යමෙකුට පහල විය හැකි ගැටළුවක් ඇත. එනම් ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශවය එකම ආකාරයෙන්ම වේ නම් රමණයේ දී ඔවුනොවුන් ඉහලම තෘප්තියක් කර ලඟා කරවීමට එකිනෙකට වෙනස් ආකාරයෙන් කටයුතු කළ යුත්තේ මන්ද? යන්නයි.
වාත්ස්‍යනයන් පවසන පරිදි පිරිමින් සහ ගැහැණුන් අතර රමණයේ දී ක්‍රියාකාරිත්වය මෙන්ම තෘප්තිමත් බව පිලිබඳ සවිඥානකත්වය ද වෙනස් ව පවතී. ක්‍රියාකාරිත්වයේ වෙනස පවතින්නේ පිරිමි සහ ගැහැණු ස්වභාවයන් නිසාය. බොහෝ විට පුරුෂයා රති ක්‍රීඩාවේ ප්‍රමුඛයා නැතිනම් මෙහෙය වන්නා වනු ඇති. මෙහිදී ස්ත්‍රිය එය මෙහෙයවීම් වලට නතුව කටයුතු කරනු ඇති. නමුත් සමහරක් විටෙක මෙහි ප්‍රති විරුද්ධ තත්ත්වයද සිදු වන්නට හැකිය. එනම් ස්ත්‍රිය ප්‍රමුඛයා වී පුරුෂයා ඊට නතු වන්නා ද වන්නට පුළුවන. රමණයේ තෘප්තිමත් බව නිසාවෙන් දැනෙන්නා වූ සවිඥානික සංඥාව ද දෙයාකාර වේ. පුරුෂයෙකු සිතනුයේ “මේ ස්ත්‍රිය මා හා යහන්ගත විය” ලෙසට වන විට ස්ත්‍රිය තුල පහල වන්නේ “මම මේ පුරුෂයා හා යහන්ගත වුනෙමි” වැනි සිතුවිල්ලකි.
පුරුෂයන් හා ස්ත්‍රීන් ක්‍රියාකාරීත්වයෙන් සහ අනුරාගී මට්ටමවලින් විවිධ වුවත් කාර්යය අවසානයේ දෙදෙනා ම යම් සතුටක් ලබනු ඇති. එහි මට්ටම වෙනස් වන්නට පුළුවන. නමුත් පහත සටහන ඉතා වැදගත් එකකි.
“එකම මට්ටමක ස්ත්‍රීන් සහ පුරුෂයින්ගේ(ලිඟු-යෝනි ගැලපෙන සහ එකම අනුරාග මට්ටමක් සපුරන, සමාන කාලයක් ගත කරන-පෙර ලිපියේ සඳහන්) එකතුව(විවාහය වන්නට හැකිය) වඩා සාර්ථක එකක් වනු ඇති. මන්ද ඔවුන් දෙදෙනා එකිනෙකාට සමානව තෘප්තියක් ද සපුරාලන බැවින් එකිනෙකාට ප්‍රේම කරනු ඇති”
ලිඟුවල ප්‍රමාණය, අනුරාගී මට්ටම සහ සුරතාන්තයට ගත වන ආකාරය අනුව ඒ එකිනෙකට වෙන වෙනම ස්ත්‍රී-පුරුෂ සයෝජනයන් නවය බැගින් ඇත. මේ සියල්ල එක්ව ගත විට සයෝජනයන් ගණන අතිවිශාල වේ. මේ සෑම අවස්ථාවකදීම පුරුෂයින් ඒ එකිනෙකට ගැලපෙන ක්‍රමවේද අනුගමනය කළ යුතුය.
රමණයේ දී පිරිමි සහ ගැහැණු අතර පහත වෙනස පවතී. එනම් මුල් වටයේදී පුරුෂයාගේ මෛථුන තෘෂ්ණාව අධික වන අතර ඔහුට ගත කළ හැකි කාලය කුඩා එකකි. නමුත් දෙවන වටයේ පටන් ඔහුගේ කාලය ක්‍රමයෙන් වැඩි වනු ඇති. ගැහැණිය සම්බන්ධයෙන් මෙය ප්‍රතිවිරුද්ධ වේ. එනම් මුල් වර ඇයගේ කාම සිතුවිලි පහල මට්ටමක තිබෙන අතර, ඇය වැඩි කාලයක් ගත කරයි.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…