පළමුව විස්තර කරන්නේ චතුශ්ශතියට අදාළ ආලිංගනය/වැළඳ ගැනීම(Embrace) යන කොටසයි. ස්ත්‍රියකගේ සහ පුරුෂයෙකුගේ අන්‍යොන්‍ය ආදරය පිළිබිඹු කෙරෙන ආලිංගනයන් සිවු ආකාරයක් වේ
මේ ලිපි පෙළ වැඩිහිටියන් සඳහා වඩාත් සුදුසුය.
සංස්කාරක සටහන : මහා පඬි වාත්ස්‍යනයන් විසින් ක්‍රිස්තු පූර්ව 3 හෝ 4වන සියවස්හි රචනා කළ ලිංගික ජීවිතය පිලිබඳ වන මහා අත්පොත වන කාම සුත්‍රය හැකි උපරිම අයුරින් එලෙසින්ම සිංහල පරිවර්තනයක් ලෙස අපගේ පාඨක පිරිස වෙත ගෙන ඒමට ගන්නා උත්සාහයකි මේ. මෙහිදී කිසිඳු ආගමික හෝ වෙනත් ලබ්ධියක් ඉස්මතු කිරීමක් නොවන අතර මුල් පොතෙහි සඳහන් කරුණු හැකි උපරිම අයුරින් එලෙසම ඉදිරිපත් කිරීම අපගේ අරමුණයි.
කාම ශාස්ත්‍රයේ මෛථුනයට අදාලව විස්තර කර ඇති මෙම කොටස “චතුශ්ශති – සූ සැට(64)” ලෙස හඳුන්වයි.පුරාණ කතුවරුන් පවසන්නේ මෙය පෙර පරිච්ඡේද හට හතරකින් විස්තර කර තිබුණු නිසා එලෙස හඳුන්වන බවයි. තවත් සමහරෙකුගේ මතය වන්නේ මෙම කොටසේ කතුවරයා “පංචාල” බවයි. ඍග් වේදයට අයත් “දශඨප” නම් පරිච්ඡේදය ඇසුරින් මෙය උපුටා ගන්නා ලදුව, එහි ස්ත්‍රෝත්‍ර හට හතරකින් විස්තර කර තිබුණු නිසා ඒ මුලශ්‍රයට ගරු කිරීමක් පිණිස එලෙස නම් යෙදූ බවයි. බභ්‍රව්‍යගේ පිරිස් පවසන්නේ මෙම කොටස විෂයයන් අටකින් සමන්විත බවය.වැළඳ ගැනීම, චුම්බනය(සිප ගැනීම), නිය හෝ ඇඟිලිවලින් සීරීම, සැපීම, වැතිරීම, නා නා හඬ නැගීම, පුරුෂයෙකු සේ හැසිරීම, ඖපාරිෂ්ඨක හෝ මුඛ සංසර්ගය ආදී කොටස් අටයි. මේ සෑම කොටසක්ම අනු අංග අටකින් සමන්විත බැවින් සියල්ල අටෙහි ගුණිතයක් ලෙස හැට හතර ලැබෙනු ඇති.
කෙසේ නමුත් පළමුව විස්තර කරන්නේ චතුශ්ශතියට අදාළ ආලිංගනය/වැළඳ ගැනීම(Embrace) යන කොටසයි. ස්ත්‍රියකගේ සහ පුරුෂයෙකුගේ අන්‍යොන්‍ය ආදරය පිළිබිඹු කෙරෙන ආලිංගනයන් සිවු ආකාරයක් වේ, ඒවා නම්,
01) ස්පර්ශීය ආලිංගනය(Touching Embrace)
එකිනෙකා දැන හඳුනා ගත්, සම්බන්දයක් ගොඩ නැගී ඇති ගැහැණියක හා පිරිමියෙකු මුණ ගැසුණු විටෙක ඉදිරිපසින් හෝ පසෙකින් එකිනෙකා සිය දෑතින් එකිනෙකා ස්පර්ශ කිරීම හෝ අයකු අනෙකා ස්පර්ශ කිරීම “ස්පර්ශීය ආලිංගනය” ලෙස හඳුන්වයි.
02) විදමන්/විනිවිදුම් ආලිංගනය(Piercing Embrace)
විදමන් ආලිංගනයක් ලෙස හඳුන්වන්නේ ස්ත්‍රියකගේ රහස් ප්‍රදේශ පුරුෂයෙකුගේ සිරුර හා ස්පර්ශ වන සේ දැඩිව සිදු කෙරෙන වැළඳ ගැනීමකදීය. උදාහරණයක් ලෙස ස්ත්‍රියගේ පියයුරු පුරුෂයාගේ සිරුරට තෙරපමින් ඔහු විනිවිදීමට යත්න දරන්නක් මෙන් කෙරෙන වැළඳ ගැනීමක් මෙලෙස හැඳින්විය හැකිය.
03) ඝර්ෂණ/ඇතිල්ලුම් ආලිංගනය(Rubbing Embrace)
දෙදෙනෙක් එකිනෙකා සිරුරුවලින් නැඹුරුව ඇතිල්ලෙමින් එකිනෙකාගේ සිරුරු ස්පර්ශ කරමින් ගමන් කිරීම කිරීම හෝ එක තැන සිටීම මේ නමින් හඳුන්වයි.
04) තෙරපුම් ආලිංගනය(Pressing Embrace)
යම් අවස්ථාවක යමෙකු අනිකාගේ සිරුර ස්ථම්භයකට හෝ යම් බිත්තියකට තද කර තෙරපා වැළඳ ගැනීම තෙරපුම් ආලිංගනය වේ.
***විශේෂයෙන්ම මේ අවසන් ආලින්ගනයන් දෙක එකිනෙකාගේ අභිප්‍රායන් හඳුනා ගත් දෙදෙනෙකු අතර දකින්නට ලැබෙන්නක් වනවා. අනුරාගික එකතුවක ආරම්භයේදී පහත දක්වා ඇති ආලිංගනයන් හතරෙන් එකක් බොහෝ විට දකින්නට ලැබෙනවා. එය එකිනෙකාගේ ශාරීරික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් රමණයකට සැරසෙන යුවලක් අතර දකින්නට ලැබෙන ගණයේ ඒවා.
01) ලතා වෙෂ්දිඪක ආලිංගනය(Twining of a creeper) – කෙලින් සිට ගත් කාන්තාව තමා වෙතට එන සහකරුගේ සිරුරේ වෙලී(ගසක වැලක් එතෙන්නාක් මෙන්), ඔහුට ඇසෙන සේ සුසුම් ලමින්, රාගික ලෙස ඔහු වෙත නෙත යොමමින් මුඛ චුම්බනය සඳහා හිස නමා වැළඳ ගැනීමයි.
02) වෘක්ෂධිරූධක ආලිංගනය(Climbing a tree) – කාන්තාව සිය සහකරුගේ පයක් පාගා ගෙන අනෙක් පයින් ඔහුගේ කලවය වෙලාගෙන එක අතකින් ඔහුගේ පිටද, අනෙක් අතින් උරහිසින්ද අල්වාගෙන ගසකට නගින ස්වරූපයෙන් ඔහු සිප ගැනීමයි.
3) තිල තණ්ඩුලක(තල සහ සහල්) ආලිංගනය(sesamum seed with rice) – අත් පා විහිදුවා වැතිරගෙන, දෙදෙනාගේ දෑත්, කලවා ආදියෙන් එකිනෙකා ග්‍රහණය කර ගනිමින් දෙදෙනාම ඒ මේ අත පෙරළෙමින් සිප වැළඳ ගැනීමයි.
04) ක්ෂීර-නිරක(කිරි සහ වතුර) ආලිංගනය(Milk and water) – දෙදෙනා ඇඳක, කවිච්චියක හෝ අයෙකුගේ උකුලේ මුහුණට මුහුණ බලාගෙන වාඩි වී, එකතුවකදී ඇතිවන වේදනාවන් ගැන නොසිතමින් සිරුරු එකිනෙක තුලට ඇතුළු වන්නාක් මෙන් තදින් වැළඳගෙන සිප ගැනීමයි.
***දෙවැනි කොටස ලබන සතියට… | ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරෙනි. ඒ සියල්ලේ ගෞරවය මුල් හිමිකරුවන්ට හිමිවිය යුතුය.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…