Sexpert

වාත්ස්‍යනයන්ගේ කාම සූත්‍ර – 09 කොටස

පළමුව විස්තර කරන්නේ චතුශ්ශතියට අදාළ ආලිංගනය/වැළඳ ගැනීම(Embrace) යන කොටසයි. ස්ත්‍රියකගේ සහ පුරුෂයෙකුගේ අන්‍යොන්‍ය ආදරය පිළිබිඹු කෙරෙන ආලිංගනයන් සිවු ආකාරයක් වේ

මේ ලිපි පෙළ වැඩිහිටියන් සඳහා වඩාත් සුදුසුය.

සංස්කාරක සටහන : මහා පඬි වාත්ස්‍යනයන් විසින් ක්‍රිස්තු පූර්ව 3 හෝ 4වන සියවස්හි රචනා කළ ලිංගික ජීවිතය පිලිබඳ වන මහා අත්පොත වන කාම සුත්‍රය හැකි උපරිම අයුරින් එලෙසින්ම සිංහල පරිවර්තනයක් ලෙස අපගේ පාඨක පිරිස වෙත ගෙන ඒමට ගන්නා උත්සාහයකි මේ. මෙහිදී කිසිඳු ආගමික හෝ වෙනත් ලබ්ධියක් ඉස්මතු කිරීමක් නොවන අතර මුල් පොතෙහි සඳහන් කරුණු හැකි උපරිම අයුරින් එලෙසම ඉදිරිපත් කිරීම අපගේ අරමුණයි.

උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරෙන්

ආලිංගනයනයේදී(Of The Embrace)

කාම ශාස්ත්‍රයේ මෛථුනයට අදාලව විස්තර කර ඇති මෙම කොටස “චතුශ්ශති – සූ සැට(64)” ලෙස හඳුන්වයි.පුරාණ කතුවරුන් පවසන්නේ මෙය පෙර පරිච්ඡේද හට හතරකින් විස්තර කර තිබුණු නිසා එලෙස හඳුන්වන බවයි. තවත් සමහරෙකුගේ මතය වන්නේ මෙම කොටසේ කතුවරයා “පංචාල” බවයි. ඍග් වේදයට අයත් “දශඨප” නම් පරිච්ඡේදය ඇසුරින් මෙය උපුටා ගන්නා ලදුව, එහි ස්ත්‍රෝත්‍ර හට හතරකින් විස්තර කර තිබුණු නිසා ඒ මුලශ්‍රයට ගරු කිරීමක් පිණිස එලෙස නම් යෙදූ බවයි. බභ්‍රව්‍යගේ පිරිස් පවසන්නේ මෙම කොටස විෂයයන් අටකින් සමන්විත බවය.වැළඳ ගැනීම, චුම්බනය(සිප ගැනීම), නිය හෝ ඇඟිලිවලින් සීරීම, සැපීම, වැතිරීම, නා නා හඬ නැගීම, පුරුෂයෙකු සේ හැසිරීම, ඖපාරිෂ්ඨක හෝ මුඛ සංසර්ගය ආදී කොටස් අටයි. මේ සෑම කොටසක්ම අනු අංග අටකින් සමන්විත බැවින් සියල්ල අටෙහි ගුණිතයක් ලෙස හැට හතර ලැබෙනු ඇති.

කෙසේ නමුත් පළමුව විස්තර කරන්නේ චතුශ්ශතියට අදාළ ආලිංගනය/වැළඳ ගැනීම(Embrace) යන කොටසයි. ස්ත්‍රියකගේ සහ පුරුෂයෙකුගේ අන්‍යොන්‍ය ආදරය පිළිබිඹු කෙරෙන ආලිංගනයන් සිවු ආකාරයක් වේ, ඒවා නම්,

උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරෙන්

01) ස්පර්ශීය ආලිංගනය(Touching Embrace)
එකිනෙකා දැන හඳුනා ගත්, සම්බන්දයක් ගොඩ නැගී ඇති ගැහැණියක හා පිරිමියෙකු මුණ ගැසුණු විටෙක ඉදිරිපසින් හෝ පසෙකින් එකිනෙකා සිය දෑතින් එකිනෙකා ස්පර්ශ කිරීම හෝ අයකු අනෙකා ස්පර්ශ කිරීම “ස්පර්ශීය ආලිංගනය” ලෙස හඳුන්වයි.

02) විදමන්/විනිවිදුම් ආලිංගනය(Piercing Embrace)
විදමන් ආලිංගනයක් ලෙස හඳුන්වන්නේ ස්ත්‍රියකගේ රහස් ප්‍රදේශ පුරුෂයෙකුගේ සිරුර හා ස්පර්ශ වන සේ දැඩිව සිදු කෙරෙන වැළඳ ගැනීමකදීය. උදාහරණයක් ලෙස ස්ත්‍රියගේ පියයුරු පුරුෂයාගේ සිරුරට තෙරපමින් ඔහු විනිවිදීමට යත්න දරන්නක් මෙන් කෙරෙන වැළඳ ගැනීමක් මෙලෙස හැඳින්විය හැකිය.

03) ඝර්ෂණ/ඇතිල්ලුම් ආලිංගනය(Rubbing Embrace)
දෙදෙනෙක් එකිනෙකා සිරුරුවලින් නැඹුරුව ඇතිල්ලෙමින් එකිනෙකාගේ සිරුරු ස්පර්ශ කරමින් ගමන් කිරීම කිරීම හෝ එක තැන සිටීම මේ නමින් හඳුන්වයි.

04) තෙරපුම් ආලිංගනය(Pressing Embrace)
යම් අවස්ථාවක යමෙකු අනිකාගේ සිරුර ස්ථම්භයකට හෝ යම් බිත්තියකට තද කර තෙරපා වැළඳ ගැනීම තෙරපුම් ආලිංගනය වේ.



***විශේෂයෙන්ම මේ අවසන් ආලින්ගනයන් දෙක එකිනෙකාගේ අභිප්‍රායන් හඳුනා ගත් දෙදෙනෙකු අතර දකින්නට ලැබෙන්නක් වනවා. අනුරාගික එකතුවක ආරම්භයේදී පහත දක්වා ඇති ආලිංගනයන් හතරෙන් එකක් බොහෝ විට දකින්නට ලැබෙනවා. එය එකිනෙකාගේ ශාරීරික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් රමණයකට සැරසෙන යුවලක් අතර දකින්නට ලැබෙන ගණයේ ඒවා.

Credit: www.deccanherald.com

01) ලතා වෙෂ්දිඪක ආලිංගනය(Twining of a creeper) – කෙලින් සිට ගත් කාන්තාව තමා වෙතට එන සහකරුගේ සිරුරේ වෙලී(ගසක වැලක් එතෙන්නාක් මෙන්), ඔහුට ඇසෙන සේ සුසුම් ලමින්, රාගික ලෙස ඔහු වෙත නෙත යොමමින් මුඛ චුම්බනය සඳහා හිස නමා වැළඳ ගැනීමයි.

Credit: https://trekkerpedia.com

02) වෘක්ෂධිරූධක ආලිංගනය(Climbing a tree) – කාන්තාව සිය සහකරුගේ පයක් පාගා ගෙන අනෙක් පයින් ඔහුගේ කලවය වෙලාගෙන එක අතකින් ඔහුගේ පිටද, අනෙක් අතින් උරහිසින්ද අල්වාගෙන ගසකට නගින ස්වරූපයෙන් ඔහු සිප ගැනීමයි.

Credit: www.epositphotos.com

3) තිල තණ්ඩුලක(තල සහ සහල්) ආලිංගනය(sesamum seed with rice) – අත් පා විහිදුවා වැතිරගෙන, දෙදෙනාගේ දෑත්, කලවා ආදියෙන් එකිනෙකා ග්‍රහණය කර ගනිමින් දෙදෙනාම ඒ මේ අත පෙරළෙමින් සිප වැළඳ ගැනීමයි.

Credit: https://trekkerpedia.com

04) ක්ෂීර-නිරක(කිරි සහ වතුර) ආලිංගනය(Milk and water) – දෙදෙනා ඇඳක, කවිච්චියක හෝ අයෙකුගේ උකුලේ මුහුණට මුහුණ බලාගෙන වාඩි වී, එකතුවකදී ඇතිවන වේදනාවන් ගැන නොසිතමින් සිරුරු එකිනෙක තුලට ඇතුළු වන්නාක් මෙන් තදින් වැළඳගෙන සිප ගැනීමයි.

***දෙවැනි කොටස ලබන සතියට… | ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරෙනි. ඒ සියල්ලේ ගෞරවය මුල් හිමිකරුවන්ට හිමිවිය යුතුය.

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

9 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

10 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

10 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago