Sexpert

වාත්ස්‍යනයන්ගේ කාම සූත්‍ර – 10 කොටස

කාම ශාස්ත්‍රයේ ඉගැන්වීම් රමණයේදී සිතුවිලි සහ සිරුරු පිබිදවීමට වන අතර ආලයේ රිය සක වරක් චලනය ඇරඹුණු පසු ශාස්ත්‍රයක් හෝ පිළිවෙලක් අවශ්‍ය නොවේ. යා යුතු මගෙහි එය යනු ඇති.

මේ ලිපි පෙළ වැඩිහිටියන් සඳහා වඩාත් සුදුසුය.

සංස්කාරක සටහන : මහා පඬි වාත්ස්‍යනයන් විසින් ක්‍රිස්තු පූර්ව 3 හෝ 4වන සියවස්හි රචනා කළ ලිංගික ජීවිතය පිලිබඳ වන මහා අත්පොත වන කාම සුත්‍රය හැකි උපරිම අයුරින් එලෙසින්ම සිංහල පරිවර්තනයක් ලෙස අපගේ පාඨක පිරිස වෙත ගෙන ඒමට ගන්නා උත්සාහයකි මේ. මෙහිදී කිසිඳු ආගමික හෝ වෙනත් ලබ්ධියක් ඉස්මතු කිරීමක් නොවන අතර මුල් පොතෙහි සඳහන් කරුණු හැකි උපරිම අයුරින් එලෙසම ඉදිරිපත් කිරීම අපගේ අරමුණයි.

Photo credit: https://pixabay.com

ආලිංගනයනයේදී(Of The Embrace)…ඉතිරි කොටස

බභාර්ව්‍යගේ ඉගැන්වීම් වල සඳහන් ක්‍රම 04 ද ඇතුලත්ව ආලිංගන(වැළඳ ගැනීම්) අට ක්‍රමයක් පිළිබඳව පසු ගිය ලිපියෙන් ගෙන දැක්වුවා ඔබට මතක ඇති.

**පෙර ලිපිය(09වන කොටස) කියවීමට මෙතනින් පිවිසෙන්න

සුවර්ණනාභ පවසන පරිදි සිරුරේ අනිකුත් අවයව ඇසුරෙන් පහත ආකාරවලින් කෙරෙන ආලිංගනයන්(වැළඳ ගැනීම්) 04ක් ද ඇතුලත්ය.

කලවා ආශ්‍රිත ආලිංගනය(The embrace of the thighs)
ජඝන(නිතඹ) ආශ්‍රිත ආලිංගනය(The embrace of the jaghana)
පියයුරු ආශ්‍රිත ආලිංගනය(The embrace of the breasts)
ලලාටික(නළලත ආශ්‍රිත) ආලිංගනය(The embrace of the forehead)

යුවලකගෙන් අයෙකු ඔහුගේ/ඇයගේ දෙකලවා අනෙකාගේ කලවා සමග තෙරපා, ඔහුගේ/ඇයගේ සිරුර මතට නැගෙමින් කෙරෙන වැළඳ ගැනීම කලවා ආශ්‍රිත ආලිංගනය ලෙස හඳුන්වයි.

පුරුෂයෙකු විසින් ස්ත්‍රියකගේ නිතඹ ප්‍රදේශය හෝ මධ්‍ය ප්‍රදේශය(නාභියේ සිට යෝනිය තෙක්) සිය සිරුරට තෙරපා ගනිමින්, සෙමින් නිය පහර දෙමින් හෝ කොනිති කවමින් හෝ දත්වලින් සියුම්ව සපමින් හෝ ඇයගේ සිරුර මතට නැගෙමින් කරන වැළඳ ගැනීම ජඝන ආශ්‍රිත ආලිංගනය ලෙස හඳුන්වයි. මෙහිදී ස්ත්‍රියගේ කේශ කලාපය ලිහිල්ව මුදා හැර තිබෙනු ඇති.

පුරුෂයා විසින් ස්ත්‍රියගේ පියයුරු සිය පපු ප්‍රදේශයට තද කර ගනිමින් වැළඳ ගැනීම පියයුරු ආශ්‍රිත ආලිංගනය ලෙස හඳුන්වයි.

දෙදෙනාම මුවට මුව, ඇසට ඇස, නළලට නළල තබා සිප වැළඳ ගැනීම ලලාටික(නළලත ආශ්‍රිත) ආලිංගනය ලෙස හඳුන්වයි.

මදිරා පානොත්සවයන්හිදී කතුන් විසින් කෙරෙන වැළඳ ගැනීම් ආලිංගනයන් ගණයට වැටෙන බව ඇතැමෙක් පවසති. ඒ එහිදී සිරුරු වැළඳ ගැනීම්, ස්පර්ශ කිරීම් සහ ඉන් ඔබ්බෙහි දෑ සිදුවන බැවිනි. නමුත් වාත්ස්‍යන පවසන්නේ මධු පානොත්සව වෙනත් අරමුණක් උදෙසා, වෙනස් කාලයකදී පැවැත්වෙන නිසාත්, එහිදී වැළඳ ගන්නන් ආදරවන්තියන් නොව විශේෂ පුද්ගලයන් වන නිසාත් එය සම්මත ආලිංගන ගොන්නට අයත් නොවන බවයි.

වැළඳ ගැනීම සම්බන්ද විෂයය හුදෙක් ඒ පිලිබඳ උනන්දු සහ ගැටළු ඉදිරිපත් කරන්නාවූ සහ එය කියවීමෙන් යම් දැනුමක්, ප්‍රමෝදයක් ලබන අය වෙනුවෙන් සකසා ඇත.කාම සුත්‍රයේ සඳහන් නොවන ආලිංගනයන් තව බොහෝ ඇත. ඔබේ ලිංගික තෘප්තිය, අනුරාගය ඉපදවීමට ඒවා සමත් වේ නම් පුහුණුවේ යෙදීම මැනවි. කාම ශාස්ත්‍රයේ ඉගැන්වීම් රමණයේදී සිතුවිලි සහ සිරුරු පිබිදවීමට වන අතර ආලයේ රිය සක වරක් චලනය ඇරඹුණු පසු ශාස්ත්‍රයක් හෝ පිළිවෙලක් අවශ්‍ය නොවේ. යා යුතු මගෙහි එය යනු ඇති.

Credit: https://giphy.com

***ලබන සතියට…සිප ගැනීමේදී( On Kissing )

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

1 day ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

2 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago