සහකරුවෙකු-සහකාරියක, පෙම්වතෙකු-පෙම්වතියක අතර රමණය හුදු ලිංගික ආස්වාදය මතම පදනම් වූවක් නොවේ. ඒ තුල එකිනෙකා කෙරෙහි වූ ආලයද පවතී.
මේ ලිපි පෙළ වැඩිහිටියන් සඳහා වඩාත් සුදුසුය.
සංස්කාරක සටහන : මහා පඬි වාත්ස්‍යනයන් විසින් ක්‍රිස්තු පූර්ව 3 හෝ 4වන සියවස්හි රචනා කළ ලිංගික ජීවිතය පිලිබඳ වන මහා අත්පොත වන කාම සුත්‍රය හැකි උපරිම අයුරින් එලෙසින්ම සිංහල පරිවර්තනයක් ලෙස අපගේ පාඨක පිරිස වෙත ගෙන ඒමට ගන්නා උත්සාහයකි මේ. මෙහිදී කිසිඳු ආගමික හෝ වෙනත් ලබ්ධියක් ඉස්මතු කිරීමක් නොවන අතර මුල් පොතෙහි සඳහන් කරුණු හැකි උපරිම අයුරින් එලෙසම ඉදිරිපත් කිරීම අපගේ අරමුණයි.
සහකරුවෙකු-සහකාරියක, පෙම්වතෙකු-පෙම්වතියක අතර රමණය හුදු ලිංගික ආස්වාදය මතම පදනම් වූවක් නොවේ. ඒ තුල එකිනෙකා කෙරෙහි වූ ආලයද පවතී. මේ නිසා සෛද්ධාන්තික ලෙසටම කාම ශාස්ත්‍රය ක්‍රියාවට නැංවීමක් ප්‍රායෝගිකව සිදු නොවේ. මේ නිසා සිප ගැනීම, වැළඳ ගැනීම, පීඩනයන්, සීරීම්, කොනිති ගැසීම් වැනි දෑ කුමන මොහොතක වේ දැයි නිශ්චිතව කිව නොහැක. නමුත් මේවා සංසර්ගය ඇරඹීමට පෙර කළ යුතු දෑ ලෙස දක්වා ඇත්තේ එමගින් පසු ක්‍රියාව සඳහා යම් උත්තේජනයක් ලබා ගත හැකි නිසාවෙනි. පහර දීම(ප්‍රචණ්ඩකාරී පහරදීම් නොවේ 😀 ), හඬ නැගීම සාමාන්‍යයෙන් සිදුවන්නේ සංසර්ගය අතර තුර බව පැවසුවත්, වාත්ස්‍යනයන් පවසන්නේ ආලය වේලාවක් හෝ අනුපිළිවෙලක් ගැන තැකීමක් නොකරන බවයි.
ස්ත්‍රී-පුරුෂ සම්භෝගයකදී මේ සියලු කරුණු ඇතුලත්ව දෙදෙනාගේ ඇසුර දිගු වේලාවක් පැවතිය හැකිය. එහිදී කීපවරක් සංසර්ගයේ ද යෙදීමට ඉඩ ඇත. එවැන්නක් සලකා ශාස්ත්‍රයේ ඉගැන්වීම පහත ලෙස සඳහන් වේ. පළමු සංසර්ගයේදී සිප ගැනීම්, වැළඳ ගැනීම් ඇතුලත් විය හැකි වුවත් ඒ මධ්‍යස්ථ ප්‍රමාණයකිනි. එය පමණ ඉක්මවා නොයා යුතු අතර රමණයට මුලිකත්වය දී අනෙක්වා විකල්ප සේ යෙදිය යුතුය. නමුත් ඉන් පසු සිප ගැනීම්, වැළඳ ගැනීම් ආදිය වැඩි කාලයක් ගත කරමින් විඳිය හැකි අතර එවිට ඒවා පසු රමණයන් වෙනුවෙන් උත්තේජක සේ ක්‍රියා කරනු ඇති.
සිප ගැනීමේදී වඩා බහුලව දකින්නට ලැබෙන්නේ නළල, ඇස්, කම්මුල්, ගෙල, ළමැද, පියයුරු, තොල් සහ මුඛය අභ්‍යන්තරයයි. නමුත් මේ හැර කලවා අග, දෙඅත් සහ නාසය සිප ගැනීම සමහර ප්‍රදේශවල(විශේෂයෙන්ම ලාට රට) බහුලව පවතී. මෙම සිපගැනීම් විදි එකිනෙක ප්‍රදේශවල සිරිත් විරිත්වලට මෙන්ම පුද්ගලයින් අතර පවත්නා ප්‍රේමයේ තිව්‍රතාවය මත වෙනස් වන්නට ඉඩ ඇති බව ශාස්ත්‍රයේ සඳහන් වේ.
01) නාමික සිප ගැනීම(The nominal kiss) – මෙහිදී කාන්තාවගේ කොටස හුදෙක් සිය සහකරුගේ මුඛය ස්පර්ශය පමණි. ඉන් බැහැරව ඇය කිසිවක් නොකරයි. සිප ගැනීමේ ක්‍රියාකාරී චරිතය වන්නේ පුරුෂයා ය.
02) පීඩන/දෘඪ සිප ගැනීම(The throbbing kiss) – තරුණිය ඇගේ ලජ්ජාශීලි බව පසෙක දමා සිය සහකරුගේ මුඛයට සිය මුඛය තදින් තෙරපවා චුම්බනයට සම්බන්ධ වෙයි. මෙහිදී ඇය යටි තොල චලනයෙන් චුම්බනය සක්‍රියව ගෙන යාමට කටයුතු කරයි.
03) ස්පර්ශක සිප ගැනීම(The touching kiss) – මෙහිදී තරුණිය තම දිව ඇසුරෙන් සහකරුගේ දෙතොල් ස්පර්ශ කරමින් ඔහුගේ මුඛය තුලට පිවිසෙමින් චුම්බනයට සම්බන්ධ වෙයි.
01) ඍජු සිප ගැනීම(The straight kiss) – ආදරවන්තයින් දෙදෙනෙකුගේ දෙතොල් එකිනෙක ඍජුව සම්බන්ධ වී කෙරෙන සිප ගැනීමයි.
02) නම්‍ය වුණු සිප ගැනීම(The bent kiss) – දෙදෙනාගේ හිස් එකිනෙකා දෙසට නැමී සිප ගැනීම සිදු කිරීමයි.
03) හැරවුම් සිප ගැනීම(The turned kiss) – අයෙකු අනෙකාගේ හිස හරවා මුහුණ හා නිකට අල්වා ගෙන කරන සිප ගැනීමයි.
04) තෙරපුම් සිප ගැනීම(The pressed kiss) – යටි තොල දැඩිව තෙරපමින් කෙරෙන සිප ගැනීම මේ නමින් හැදින්වේ.
***යටිතොල ඇඟිලි වලින් දැඩිව අල්වා ගෙන දිවෙන් ස්පර්ශ කරමින් පසුව දෙතොලින් තදින් තෙරපමින් කෙරෙන “අධි තෙරපුම් සිප ගැනීම(‘greatly pressed kiss)” නම් පස්වන ආකාරයක් ද ඇත.
***දෙවැනි කොටස බලාපොරොත්තු වන්න… /
****Cover photo by Alexander Krivitskiy from Pexels
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…