Sexpert

වාත්ස්‍යනයන්ගේ කාම සූත්‍ර – 12 කොටස

මහා පඬි වාත්ස්‍යනයන් විසින් ක්‍රිස්තු පූර්ව 3 හෝ 4වන සියවස්හි රචනා කළ ලිංගික ජීවිතය පිලිබඳ වන මහා අත්පොත වන කාම සුත්‍රය හැකි උපරිම අයුරින් එලෙසින්ම සිංහල පරිවර්තනයක් ලෙස අපගේ පාඨක පිරිස වෙත ගෙන ඒමට ගන්නා උත්සාහයකි මේ.

මේ ලිපි පෙළ වැඩිහිටියන් සඳහා වඩාත් සුදුසුය.

සංස්කාරක සටහන : මහා පඬි වාත්ස්‍යනයන් විසින් ක්‍රිස්තු පූර්ව 3 හෝ 4වන සියවස්හි රචනා කළ ලිංගික ජීවිතය පිලිබඳ වන මහා අත්පොත වන කාම සුත්‍රය හැකි උපරිම අයුරින් එලෙසින්ම සිංහල පරිවර්තනයක් ලෙස අපගේ පාඨක පිරිස වෙත ගෙන ඒමට ගන්නා උත්සාහයකි මේ. මෙහිදී කිසිඳු ආගමික හෝ වෙනත් ලබ්ධියක් ඉස්මතු කිරීමක් නොවන අතර මුල් පොතෙහි සඳහන් කරුණු හැකි උපරිම අයුරින් එලෙසම ඉදිරිපත් කිරීම අපගේ අරමුණයි.


චුම්බනයන් පිළිබඳව(සිපගැනීමේදී – On kissing) – ඉතිරි කොටස

පුරුෂයෙකු විසින් ස්ත්‍රියකගේ උඩු තොල සිප ගන්න විට පෙරලා ඇය විසින් ඔහුගේ යටි තොල් සිප ගැනීම උඩු තොල් සිප ගැනීමක්(the kiss of the upper lip) ලෙස හඳුන්වයි.

අයෙකු විසින් අනෙකාගේ දෙතොලම තම දෙතොලින් අල්වා ගත් විට ග්‍රහණයට ගත් හාද්දක්(a clasping kiss) ලෙස හදුන්වයි. කාන්තාවකට මෙවැන්නක් කළ හැක්කේ උඩු රැවුල නොමැති පුරුෂයෙකු සමගය. මෙවැනි හාදුවකදී අයෙකු අනෙකාගේ මුඛය තුලට සිය දිව ඇතුළු කොට ඔහුගේ/ඇයගේ දත්, තල්ල, දිව ස්පර්ශ කරයි නම් එවැන්නක් ජිව්හා සටනක්(fighting of the tongue) ලෙස හඳුන්වයි.

සිප ගැනීම් සිව් ආකාරයකින් යුක්ත වේ. ඒ මධ්‍යස්ත(moderate), හැකුළුම්(contracted), පීඩනය යොදන/දෘඪ(pressed), සහ මෘදු(soft) වශයෙනි. ශරීරයේ ඒ ඒ ස්ථානයට උචිත පරිදි සිප ගැනීම කළ යුතුය.

කාන්තාවක විසින් නිදා සිටින තම සහකරුගේ මුහුණ සිප ගනිමින් සිය අභිප්‍රාය නැතිනම් අවශ්‍යතාවය ඔහුට හඟවන්නේ නම් එවැන්නක් ආදරය/රාගය අවදි කරන හාදුවක්(kiss that kindles love) ලෙස හඳුන්වයි.

කාන්තාවක් සිය සහකරු වෙනත් කටයුත්තක යෙදී සිටින විට හෝ ඇය හා දබර කරන විටෙක හෝ වෙනත් කල්පනාවක සිටින විටෙක සිප ගනිමින් ඔහුගේ මනස වෙනතක යවනු දකින්නට ලැබෙන්නකි, එවැන්නක් ඔහුගේ ක්‍රියාවෙන් ඉවතට යවා තමා වෙත නතු කර ගැනීමට ස්ත්‍රීන් යොදන උපක්‍රමයකි(kiss that turns away).

රෑ බෝ වී නිවසට පැමිණෙන පුරුෂයින් තම සහකාරිය සයනයේ නිදා සිටිනු දැක ඇය සිප ගන්නේ ඇය හා ශාරීරික එකතුවකට තමා තුල ඇති අභිප්‍රාය ඇයට දැන්වීමටය. මෙවැන්නක් “අවදි(සිතුවිලි) කෙරෙන සිප ගැන්මක්(kiss that awakens)” ලෙස හැදින්වේ. නිදා සිටින සහකාරිය දැකීම පුරුෂයෙකුට සිතිවිලි පුබුදු කිරීමට හේතුවන්නක් වන නිසා සහකරු පැමිණෙන විට නිදා සිටින අයුරින් හැඟවීමෙන් සරාගික ආරම්භයකට මුල පිරිය හැකිය.

Photo credit: https://pixabay.com/

අයෙකු ජලය මත හෝ කැඩපතක් මත හෝ බිත්තියක් මත හෝ ඇති වෙනත් අයෙකුගේ පිළිබිඹුවක් සිප ගනී නම් ඉන් ඔහු/ඇය කෙරෙහි ඇති කැමැත්ත පෙන්වයි. එවැන්නක් අභිප්‍රාය/කැමැත්ත පෙන්වන හාදුවක්(kiss showing the intention) ලෙස හඳුන්වයි.

සමහර විටෙක කාන්තාවක් තමා තුල ආලයක්/රාගයක් පහළ වුණු අයෙකු ඉදිරියේ ඍජුව නොඅඟවා වෙනත් ක්‍රමයක් මගින් තම අභිප්‍රාය දන්වනු පිළිවන. එනම් ඔහු ඉදිරියේ කාන්තාව තම උකුලේ සිටින කුඩා දරුවෙකු නැතිනම් වෙනත් රූපයක්, මල් සැරසිල්ලක්, සුරතලෙකු සිප ගනී නම් එහි අදහස තමා ඉදිරියේ සිතන්නා කෙරෙහි ඇලුණු බව දැන්වීමයි. මෙවැන්නක් හුවමාරු හාද්දක්(transferred kiss) ලෙස හඳුන්වයි. එය ඉඟියකි.

***ලබන සතියට: සංවාසය තුල සටහන් වන නිය සලකුණු …

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

1 day ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

2 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago