Sexpert

වාත්ස්‍යනයන්ගේ කාම සූත්‍ර – 13 කොටස

ප්‍රේමයෙන් මුසපත් වුණු විටෙක, රමණයකදී සිරුරු පුබුදා රාගික හැඟීම් තීව්‍ර ව එන විටෙක සීරීම්, කොනිති ගැසීම්, නිය සලකුණු තැබීම් සුලබව දකින්නට ලැබෙන්නක්.

මේ ලිපි පෙළ තුල ලිංගික ජීවිතයට අදාල වන කරුණු විවෘතව සඳහන් කෙරෙන බැවින් වයස අවුරුදු 18 ඉක්මවූ අය සඳහා යෝග්‍ය වේ.

සංස්කාරක සටහන : මහා පඬි වාත්ස්‍යනයන් විසින් ක්‍රිස්තු පූර්ව 3 හෝ 4වන සියවස්හි රචනා කළ ලිංගික ජීවිතය පිලිබඳ වන මහා අත්පොත වන කාම සුත්‍රයේ 1883 ශ්‍රීමත් රිචර්ඩ් බර්ටන් ගේ ඉංග්‍රීසි පරිවර්තනය හැකි උපරිම අයුරින් එලෙසින්ම සිංහල පරිවර්තනයක් ලෙස අපගේ පාඨක පිරිස වෙත ගෙන ඒමට ගන්නා උත්සාහයකි මේ. මෙහිදී කිසිඳු ආගමික හෝ වෙනත් ලබ්ධියක් ඉස්මතු කිරීමක් නොකරන අතර මුල් පොතෙහි සඳහන් කරුණු හැකි උපරිම අයුරින් එලෙසම දැක්වීමට කටයුතු කරමු.

සීරීම් සහ නිය සලකුණු තැබීම්(On Pressing, Or Marking, Or Scratching With The Nails )

ප්‍රේමයෙන් මුසපත් වුණු විටෙක, රමණයකදී සිරුරු පුබුදා රාගික හැඟීම් තීව්‍ර ව එන විටෙක සීරීම්, කොනිති ගැසීම්, නිය සලකුණු තැබීම් සුලබව දකින්නට ලැබෙන්නක්. පෙම්වතුන් යුවලක් මුල්වරට තනිවන විටෙක, සංචාරයකදී, අදබරයකින් පසු සමගි වන විටෙක, ස්ත්‍රියක් මත්ව සිටින විටෙක මෙවැනි නිය මගින් සොඳුරු පීඩාවන් සිදු වේ. බොහෝ විට මෙවැනි ක්‍රියා සුලබව, අනිවාර්ය අංගයක් සේ දකින්නට ලැබෙන්නේ අධික සරාගික බවකින් යුතුව එක්වන ස්ත්‍රී-පුරුෂයන් අතරය. ඔවුන් රමණයේ දී මෙවැනි පීඩා උත්තේජකයක් සේ සලකන බැවිනි. සම මතුපිට නිර්මාණය වන සලකුණ අනුව රමණයකදී නිය පහර තැබීම් ආකාර වේ යැයි කාම ශාස්ත්‍රයේ විස්තර කෙරේ. ඒවා නම්,

01) නිය හඬ නඟන(Sounding)
02) අඩ සඳ(Half moon)
03) වෘත්තාකාර(A circle)
04) රේඛාවක්(A line)
05) කොටියකුගේ නිය පහර(A tiger’s nail or claw)
06) මොනරෙකුගේ අඩි සටහන් ආකාර(A peacock’s foot)
07) සාවෙකුගේ පිනුම(The jump of a hare)
08) නිල් නෙළුම් මලක කොළ(The leaf of a blue lotus)

නිය මගින් කෙනිතිය යුතු ස්ථාන ලෙස කාම ශාස්ත්‍රයේ දක්වන්නේ හස්ත වළ(කිහිලිය), උගුර, පියයුරු, දෙතොල්, නිතඹ නාභිය ආශ්‍රිත ප්‍රදේශය සහ කලවා යනාදියයි. නමුත් සුවර්ණනාභාගේ මතය වන්නේ රමණයේ දී කාමය අධික වූ කල තැන හෝ නිය පහරේ තරම, සීරිම පිලිබඳ තැකීමක් නොවන බවයි.

යමෙකු නිකට, පියයුරු, පහළ තොල් හෝ නිතඹ නිය පහර දුන් විට කිසිදු සීරීමක් හෝ සලකුණක් හෝ නොතබා නි ස්පර්ශයෙන් රෝමෝද්ගමනය වේ නම් සහ නිය මගින් පමණක් යම් ශබ්දයක් ජනිත වේ නම් එය නිය හඬ නගන පහරක් සේ සලකනු ලබයි. නිය මගින් ගෙලේ සහ පියයුරු මත සලකුණු වන අර්ධ වක්‍ර නිය සලකුණ අඩ සඳ ලෙස හඳුන්වයි. ඇඟිලි දෙකක නිය සලකුණු මගින් අඩ සඳ සලකුණු දෙකක් එකිනෙක දෙපස පිහිටීමෙන් චක්‍රයක් නැතිනම් වෘත්තාකාර හැඩයක් නිර්මාණය වෙයි. බොහෝ විට මෙවැනි කොනිති සලකුණු නාසය, පියයුරු, වටොර සහ ලිඟුව ආශ්‍රිත ප්‍රදේශවල(රමණයෙන් පසු) දකින්නට ලැබේ. නිය මගින් සිරීමෙන් සිරුරේ ඕනෑම තැනක රේඛා හැඩ සීරීම් දකින්නට පුළුවන.පියයුරුවල නිය මගින් ඇතිවන මෙවැනි වක්‍ර හැඩ ගත් රේඛා එකතුවක් කොටි නිය පහරක් ලෙස හඳුන්වයි. ඇඟිලි පහේම නිය මගින් පියයුරක් මත සාදන සීරීම් සලකුණ මොනර අඩි සටහනක් ලෙස හදුන්වයි. මේ නිය පහේම සටහන් එකිනෙක ලංව තන පුඩුව ආසන්නයේ සටහන්ව ඇත්නම් එය සා පිනුම් සලකුණක් ලෙස හඳුන්වයි. නිල් නෙළුම් මලක කොළ ස්වරූපයෙන් පියයුරු මත හෝ ඉණෙහි ඇති සලකුණක් ‘නිල් නෙළුම් මලක කොළ‘ ලෙස හැඳින්වේ.

සහකරු හෝ සහකාරිය බැහැරක යන කළ මෙවැනි සටහනක් අනෙකාගෙන් ලබන්නේ ඔහු/ඇය සිතෙහි රඳවා ගැනීමේ සමරු සටහනක් ලෙසය. විවාහක කතුන්ගේ සිරුරේ මෙවැනි නිය මගින් ඇතිවන සටහන් ප්‍රසිද්ධියේ දකින්නට නොලැබෙනු ඇති. නමුත් ඔවුන්ගේ නිතඹ, රහසඟ ආශ්‍රිතව මෙවැනි සටහන් පවතින අතර ඒවා සමරු මෙන්ම යම් උද්දීපනයක් ඇති කිරීමටද හේතු වනු ඇති. නිය සටහන් පිලිබඳ මෙවැනි කියමනක් වේ.

“ස්ත්‍රියකගේ සිරුරේ රහස් අවයව ඇසුරේ ඇති නිය සලකුණු ඇය වෙලී ඇති ආලයේ මිනුමක් වැන්න. එම සලකුණු කල්ගතව, වියලී යන විට නැවත නැවත අලුතින් ඇතිවී, නව තුවාල ලෙස තිබේ නම් ඇය නිතර රති සම්භෝගය සුඛාස්වාදනය කරන තැනැත්තියක වන අතර නිතර අලුත් වන නිය සලකුණු මෙන් ඇගේ ආලයද නිතර නැවුම් වේ. නිය සලකුණක් දකින්නට නොලැබෙන තරම් නම් ඇය තුල ආල සිතුවිලිද බොහෝ දුරට පහ වුණු දිගු කලකින් සම්භෝග සැපත නොලැබුණු තැනැත්තියක බව නොඅනුමානය.”

ආගන්තුකයෙකු දුරින්ම යුවතියකගේ ගෙල, පියයුරු ආශ්‍රිතව නිය සටහන් දකී නම්, ඇය සහකරුවෙකු සිටින්නියක සේ වටහාගනු ඇති. එවිට එම ආගන්තුක තැනැත්තා ඇය කෙරෙහි ආලයකට වඩා ගෞරවයෙන් යුතුව බැලීමට පෙළඹෙනු ඇති.

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago