Sexpert

වාත්ස්‍යනයන්ගේ කාම සූත්‍ර – 14 කොටස

රමණයේ දී රාගික හැඟුම් වලින් පිබිදුණු ස්ත්‍රී-පුරුෂයින් අතර සිප ගැනීම් සේම සපා කෑම්, දත් පහර තැබීම් ද දකින්නට ලැබෙන්නකි. සංසර්ගය තරමක ප්‍රේමනීය පීඩාවන්වලින් ද සම්පූර්ණ වන විට ඉන් තෘප්තියට පත්වීම සුලබව දකින්නට ලැබෙන කරුණකි.

මේ ලිපි පෙළ තුල ලිංගික ජීවිතයට අදාල වන කරුණු විවෘතව සඳහන් කෙරෙන බැවින් වයස අවුරුදු 18 ඉක්මවූ අය සඳහා යෝග්‍ය වේ.

සංස්කාරක සටහන : මහා පඬි වාත්ස්‍යනයන් විසින් ක්‍රිස්තු පූර්ව 3 හෝ 4වන සියවස්හි රචනා කළ ලිංගික ජීවිතය පිලිබඳ වන මහා අත්පොත වන කාම සුත්‍රයේ 1883 ශ්‍රීමත් රිචර්ඩ් බර්ටන් ගේ ඉංග්‍රීසි පරිවර්තනය හැකි උපරිම අයුරින් එලෙසින්ම සිංහල පරිවර්තනයක් ලෙස අපගේ පාඨක පිරිස වෙත ගෙන ඒමට ගන්නා උත්සාහයකි මේ. මෙහිදී කිසිඳු ආගමික හෝ වෙනත් ලබ්ධියක් ඉස්මතු කිරීමක් නොකරන අතර මුල් පොතෙහි සඳහන් කරුණු හැකි උපරිම අයුරින් එලෙසම දැක්වීමට කටයුතු කරමු.

***පසු ගිය ලිපියෙන්…

කාන්තාවක පුරුෂයෙකුට සාපේක්ෂව සිරුරේ සෑම අංගයක් කෙරෙහිම මනා අවධානයක් යොමු කළ යුතුය. හිස සිට දෙපතුල තෙක් පිරිසිඳු ව, පිළිවෙලකට තබා ගැනීමෙන් ඇය කාගේත් සිත් ඇද බැඳ ගැනීමට සමත් වෙයි. නිය සම්බන්ධයෙන්ද එසේමය. නිය හොඳින් සකසා, මනාව කපා පිරිසිදු කර තබා ගැනීම මැනවි. හොඳ නියපොතු මනා උත්තල හැඩයකින්, මෘදුව, දිලිසෙන ස්වභාවයෙන් යුතු වීය. බෙංගාලි ජාතිකයින් සතුව ඇති විශාල නියපොතු දෑතට අලංකාරයක් ගෙන දෙයි. ඒවා දකින්නන්ගේ සිත් ආකර්ෂණය කරයි. දකුණු ප්‍රදේශවල ජනතාවගේ නිය ප්‍රමාණයෙන් කුඩාය. ඒවා විවිධාකාරයෙන් ආශ්වාදයක් ලබා දීම වෙනුවෙන් භාවිත කළ හැකිය. මහාරාෂ්ට්‍රයේ ජනයාගේ නිය ප්‍රමාණයෙන් මධ්‍යම තරමේ වෙයි.

සැපීම්, දත් පහර සලකුණු තැබීම්(On Biting)

රමණයේ දී රාගික හැඟුම් වලින් පිබිදුණු ස්ත්‍රී-පුරුෂයින් අතර සිප ගැනීම් සේම සපා කෑම්, දත් පහර තැබීම් ද දකින්නට ලැබෙන්නකි. සංසර්ගය තරමක ප්‍රේමනීය පීඩාවන්වලින් ද සම්පූර්ණ වන විට ඉන් තෘප්තියට පත්වීම සුලබව දකින්නට ලැබෙන කරුණකි. මේ නිසා උඩු තොල, මුඛ අභ්‍යන්තරය සහ දෙඇස් හැරුණු විට සිප ගත හැකි ඕනෑම ස්ථානයක් දතින් පීඩාවට පත්කිරීමද දකින්නට ලැබෙන්නකි.

දත් කෙනෙකුගේ කල්‍යාණය වැඩි කරන අංගයකි. ස්ත්‍රියකගේ පංච කල්‍යාණය පිලිබඳ කතා බහ කිරීමේදී දන්ත කල්‍යාණය ට මුල් තැනක් හිමි වන්නේ ඒ නිසාය. ආකර්ෂණීය දත් පෙළක් නම් හොඳ දීප්තිමත් බවකින් සහ නිසි ප්‍රමාණයෙන්ද, මනා හැඩයෙන් මට්ටම්ව තිබිය යුතුය. සැපීම්, දත් පහර සලකුණු තැබීම්වල ස්වභාවය අනුව අට ආකාරයකි.

01) ගූඩ සැපීම(The hidden bite)
02) ඉදිමුණු සැපීම(The swollen bite)
03) තුඩු සැපීම(The point)
04) තිත් පෙළ(The line of points)
05) කොරල් සහ මිණි(The coral and the jewel)
06) මිණි පෙළ(The line of jewels)
07) කැඩුණු වලාව(The broken cloud)
08) සූකර සැපීම(The biting of the boar)

කිසිදු දත් පහරක් නොමැතිව සැපූ ස්ථානයේ යම් රත් පැහැයක් පමණක් පෙන්වන සපා කෑම් ගූඪ නොහොත් සැඟවුණු සපා කෑම් ලෙස හඳුන්වයි. සැපූ ස්ථානයේ දෙපස එබී යම් ඉදිමුණු ස්වභාවයක් පෙන්වන සපාකෑම් ඉදිමුණු සැපුම් ලෙස හඳුන්වන අතර සැපූ ස්ථානය ඉතා කුඩා මෙන්ම දත් පහර දෙකක් පමණක් සලකුණු කළ එකක් නම් තුඩු සැපුමක් සේ හඳුන්වයි. මෙවැනි සැපුම් රැසක් පෙලට පිහිටන විට, දත් සියල්ලේ පහර වැදී ඇති නම් එය තිත් පෙළ සැපුමක් ලෙස හැඳින්වේ.දත් සහ තොල් යොදාගනිමින් කෙරෙන සපා කෑම කොරල් සහ මැණික් කැට ලෙස හඳුන්වයි. තොල් සලකුණු මගින් කොරල්ද, දත් සලකුණු මගින් මැණික් ද සංකේතවත් වෙයි.සියලු දත් සලකුණු සිටින සේ කෙරෙන සැපීමක් මිණි පෙළක් සේ සැලකේ. රවුමක ආකාරයට තැන තැන අසමාන දත් සලකුණු තබා ඇති සැපුමක් කැඩුණු වලා ආකාරයේ සැපුමක් ලෙස හඳුන්වයි. මෙවැනි සැපුම් ස්ත්‍රියකගේ පියයුරු. නිතඹ මත සලකුණු වනු සුලබය. තරමක් ගැඹුරු සලකුණු තබමින්, සපා කෑ තැන රත් පැහැ ගැන්වී පුළුල් පේලි ගණනාවකින් සමන්විත වන සපා කෑම් සුකර දත් පහර ගණයේ ලා සැලකේ. මෙය උරහිස් සහ පියයුරු මත බොහෝ විට සලකුණු වන්නකි. රමණයේදී දැඩි අනුරාගී බවකින් එහි යෙදෙන අය අතර මේ අවසන් වර්ග දෙක බහුල වේ. සැඟවුණු සැපීම්, ඉදිමුණු සැපුම් සහ තුඩු සැපුම් යටි තොල ඇසුරෙහි වන ඒවාය. කොරල් සහ මැණික් කැට ආකාරයේ සැපුම් වම් කම්මුල මත සනිටුහන් වේ. තිත් පෙළ සහ මිණි පෙළ දෙ ආකාරයේ සැපුම් බොහෝ විට උගුරු ප්‍රදේශය, කිහිලි ප්‍රදේශ, යෝනිය ආශ්‍රිත කලවා මුල්වල සනිටුහන් වේ. තිත් පෙළ ආකාරයේ සැපුම් ගැලපෙන්නේ නළලත සහ කලවා ප්‍රදේශවලටය.

එක් එක් ප්‍රදේශවල කාන්තාවන් හා සම්භෝගයෙදී ඔවුන් සතුටු කළ හැකි විදි

ප්‍රේමයෙන් වෙලී, රති ක්‍රීඩාවේ යෙදෙන විට පහත නා නා ප්‍රදේශවල කාන්තාවන් සතුටු කිරීමට පුරුෂයින් ඒ ඒ කාන්තාවන්ගේ ගති ස්වභාවය වටහාගෙන සිටීම මැනවි.(අතීත භාරතයේ ප්‍රාන්ත උදාහරණ සේ ගෙන කාම සුත්‍රයේ මෙය විස්තර කෙරේ)

මධ්‍ය ප්‍රදේශයේ(ගංගා-ජමුනා ප්‍රදේශවල) කතුන් දැඩි සංයමයකින් යුතු අය නිසා නිය පහර, සැපීම් වැනි දෑ අත්‍යන්තයෙන් පිළිකුල් කරන පිරිසක් වේ. ඔවුන් එකල සමාජ ව්‍යවහාරයට අනුව උතුම් ගති ඇති පරිසක් සේ හඳුන්වා ඇත. බල්හිකා ප්‍රදේශය කතුන් පහර දීම් වැනි ඒවායෙන් උද්දීපනයක් ලබන පිරිසකි. අවන්තිකා හි කතුන් රමණයේදී උපරිම වින්දනයක් පතන පිරිසකි. මේ නිසා ඒ අය ශිෂ්ට-අශිෂ්ට බේදයකින් තොරව කමොද්දීපනය ලබන පුරුදු පුහුණුවේ යොදන පිරිසකි. මහාරාෂ්ට්‍රයේ කතුන් සූසැට කලාවන් හි කෙළ පැමිණි පිරිසක් වන අතර කාමුක, ග්‍රාම්‍ය බසින් බිණීමට ප්‍රිය කොටසකි. මේ අය රති ක්‍රීඩාවට දැඩි සේ ලොල් සේම, එහි ඇති දක්ෂයෝද වෙති. පාටලිපුත්‍රයේ කතුන්ද මහාරාෂ්ටයේ කතුන් සේම වුවත් සිය අබිරුචියන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නෝ නම් නොවේ. ද්‍රවිඩ ප්‍රදේශවල කතුන් රති කෙළියේ අඩු ක්‍රියාකාරිත්වයක් පෙන්වන කොටසකි. ඔවුන් තෘප්තියට පත්වන්නේ ද සෙමෙන් කල් ගනිමිනි. වරානාසියේ කතුන් ශිෂ්ට නමුත් රති කෙලියේ උද්යෝගීමත් කොටසකි. ශරීර මැනවින් ආවරණය කරන ඔවුහු රමණයේදී සෑම අයුරකින්ම තෘප්තිමත් වීමට ප්‍රිය පිරිසක් වෙති. නමුත් අශිෂ්ට, ග්‍රාම්‍ය බස වහරන වුන් පිළිකෙව් කරති.අවන්ති හි කාන්තාවන් සිප ගැනීම්, නිය සලකුණු සහ සපීම් දැඩි සේ පිළිකුල් කරතත් විවිධ සංසර්ග ඉරියව් පුහුණුවේ යෙදීමට ලොල් පිරිසකි. මල්වා හි කතුන් සිප, වැළඳ ගැනීම් වලට ප්‍රියය. පහර කෑමෙන් නොව පහර දීමෙන් තෘප්තිය ලබන කොටසකි. අභිරා සහ පන්ජාබයේ කතුන් රති ක්‍රීඩාවේදී මුඛ සංසර්ගය ප්‍රිය කරන පිරිසකි. අපරාටිකාහි කතුන් දැඩි අනුරාගී හැඟීම් ඇති කොටසක් වන අතර සංසර්ගයේදී කෙඳිරිලි හඬ නැංවීමට ප්‍රිය කොටසකි. ලාට රට ස්ත්‍රීන් ඊටත් වඩා ආවේගශීලිව රමණයේ යෙදෙන්නන් වන අතර හඬ නැගීමට ද කැමතිය. ස්ත්‍රී රාජ්‍යයේ සහ කෝසලයේ ස්ත්‍රීන් රති කෙළියේ සුඛාස්වාදය හොඳින් විඳින කොටසක් වන අතර දැඩි ආවේග්ස්හිලිව එහි නිරත වීමට කැමතිය. ඔවුන්ගේ යෝනි ශ්‍රාවයන් පහ වීම ඉහල මට්ටමක පවතී. රමණයේ මනාව පිබිදීමට විවිධ ඖෂධ භාවිත කරන පිරිසකි. ආන්ද්‍රාහි ස්ත්‍රීන් මෘදු මොලොක් සිරුරු ඇත්තියන් වුවත් සම්භෝග සැපත ඉහලින් පතන කොටසකි. ගාන්ධාරයේ කතුන් මෘදු ශරීර ඇති මිහිරි වචන බිණිමෙහි යුතුය. මිහිරි, ශිෂ්ට බස ප්‍රිය කොටසකි.

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

10 hours ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

1 day ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago